සජබ ජන රැළියට අධිකරණ නියෝගයක්

239

අද (30) දින කොළඹදී පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ ජන රැළියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.ඒ අනුව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමාන්, මැද කොළඹ සංවිධායක අප්සරා අමරසිංහ, සමගි ජන බලවේග ක්‍රියාකාරී සමාජිකයින් සහ ක්‍රියාකාරී කාන්තා සංවිධාන ඇතුළු රැළියට සහභාගී වන සියලු සාමාජිකයින් මාලිගාවත්ත පොලිස් වසමේ මුස්ලිම් කනත්ත අසල සිට ප්‍රදිපා මාවත, ජයන්ත වීරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත හා ජුම්මා හන්දිය හරහා සංඝරාජ වටරවුම ඔස්සේ සංඝරාජ මාවත භාවිත කරන පුද්ගලයින්ට අවහිර වන ලෙස ගමන් කිරීම තහනම් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment