සජබ මන්ත‍්‍රීවරු ඊයේ රථ පෙළපාලියකින් මැති සබයට

156

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

පවතින කොවිඞ් ව්‍යාප්තිය හමුවේ අසරණ වී සිටින ජනතාව තවත් පීඩාවට පත්කිරීමට එරෙහිව ‘‘දැන් සැපද’’ යන තේමාවද පෙරදැරි කරගෙන සමගි ජනබලවේගය මන්ත‍්‍රීවරු ඊයේ (22දා* විශේෂ රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියහ.
 
 බස් ත‍්‍රිරෝද, යතුරුපැදි, ජීප්, පමණක් නොව, ට‍්‍රැක්ටර් බුල්ඩෝසර් ටිපර් වැනි විවිධ රථවල නැගී සටන් පාඨ කියමින් සහ පුවරු ප‍්‍රදර්ශනය කරමින් මන්ත‍්‍රීවරු ඊයේ පෙරවරුවේ සමගි ජන බලවේගය පක්‍ෂ කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව වෙත ගමන් කළහ.
 
 

සජබ මන්ත‍්‍රීවරු ඊයේ රථ පෙළපාලියකින් මැති සබයට

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සිය නිල රථය වෙනුවට කුඩා මෝටර් රථයක නැගී එම රථ පෙළපාලියේ ගමන් කළේය. එම රථය පැදවූයේ ගයන්ත කරුණාතිලක මහතාය.
 
 රථ පෙළපාලියෙන් පැමිණි විපක්‍ෂ නායකවරයා ඇතුළු මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය දෙපසද විවිධ සටන් පාඨ ප‍්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

සජබ මන්ත‍්‍රීවරු ඊයේ රථ පෙළපාලියකින් මැති සබයට


 මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුව ආණ්ඩුව සහමුලින් හකුළා ගන්නා තුරු අපගේ අරගලය නොනවතින බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
 එම නිවේදනය මෙසේය.
 
 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නොදමන්නට රජය තීන්දු කර ඇති බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබේ. ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ ඒ හා සමගාමීව ගෑස් මිල ඉහළ නැංවීමේ තීරණාත්මක උවමනාව ආණ්ඩුවට දැඩිව පැවති නමුත් සමගි ජනබලවේගය ප‍්‍රමුඛ විපක්‍ෂය දිගින් දිගටම ගෙන ගිය අරගලය හේතුවෙන් ආණ්ඩුවට සිය තීන්දුව හකුළා ගන්නට සිදුව තිබේ. ඉන්ධන මිල වැඩි කළදා සිටම සමගි ජන බලවේගය ඒ අත්තනෝමතික තීන්දුවට එරෙහිව රටපුරා විරෝධතා ව්‍යාපාර පවත්වනු ලැබීය. එහි කූටප‍්‍රාප්තිය ලෙස අද දිනයේදී සමගි ජන බලවේගයේ සියලූ මන්ත‍්‍රීවරුන් රථ පෙළපාලියකින් ආණ්ඩුවේ මේ තීන්දුවට එරෙහිව සිය විරෝධය පළ කළහ.
 
 වගකිවයුතු විපක්‍ෂයක් ලෙස සිය කාර්යභාරය ජනතාව උදෙසා කොන්දේසි විරහිතව ඉටුකිරීමට අප නොපැකිළිව ඉදිරිපත් වන බව දන්වා සිටිමු. එකී අරගලයෙහි ප‍්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව විසින් ගනු ලැබූ ගෑස් මිල ඉහළ නැංවීමේ තීන්දුව හකුළා ගන්නට සිදුව තිබේ. කෙසේ වෙතත්, ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුවද ආණ්ඩුව සහමුලින් හකුළා ගන්නා තුරු අපගේ අරගලය නොනවතින බවද මේ මොහොතේ සඳහන් කරමු. ආණ්ඩුව විසින් රටට එරෙහිව රැුගෙන එන ඕනෑම කටයුත්තකට එරෙහිව සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බව සහතික කරමු.
 
 ජනතාවට සහන දෙන්න බැරිනම් ආණ්ඩුව ඉල්ලා අස්වී ගෙදර යන්නැයි ඉල්ලා සිටින බව ඊයේ දහවල් පැවැති විරෝධතාවය අතරතුර මාධ්‍ය හමුවේ පේ‍්‍රමදාස මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment