සජබ විරෝධතාවට යන බස් හරවා යවන්න පොලිසියෙන් බැරියර් 500 ක්

118

සමගි ජනබලවේගය පක්‍ෂය විසින් කොළඹ හයිඞ් පිටියේ ඊයේ (16දා) පැවැත්වීමට සූදානම් කර තිබූ උද්ඝෝෂණයට සහ විරෝධතා ව්‍යාපාරයට දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලින් පැමිණි විරෝධතාකරුවන් රැගත් බස් රථ පොලිස් ස්ථාන මට්ටමින් මාර්ග බාධක යොදවා නතර කර ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය.

එහෙත් ඇතැම් ප‍්‍රදේශවල පොලිස් මාර්ග බාධක මග හරිමින් විරෝධතාකරුවන් රැුගත් බස් රථ කොළඹ නගරය වෙත පැමිණ තිබිණි.

විරෝධතාකරුවන් රැගත් බස් රථ ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කිරීමේදී බොහෝ මාර්ග බාධකවල පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබිණි.

මේ අතර අධිවේගී මාර්ගවල පිවිසුම් දොරටු අසලද පොලිස් මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් රැුගත් බස් රථ ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ කුරුඳුගහහැතැප්ම පිවිසුම්වල මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් රැගත් බස් රථ හරවා යැවීමට පොලිසිය කටයුතු කළ අවස්ථාවේ එම ස්ථානවල දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

පොලිසිය සහ විරෝධතාකරුවන් අතර බහින් බස්වීම්, උණුසුම් වචන හුවමාරුවීම් ද පැවති බව පොලිස් ආරංචිමාර්ග පැවසීය. විරෝධතාකරුවන් පැමිණි බස් රථ ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කිරීම නිසා බෙන්තර, නොච්චියාගම, හැටන්, කුඩාගම, මස්කෙළිය, බණ්ඩාරගම, ලූණුගම්වෙහෙර, ගාල්ල, කුරුණෑගල, අනුරාධපුර ඇතුළු තවත් ප‍්‍රදේශ රැුසකදී මෙම විරෝධතාකරුවන් සහ පෙලිසිය අතර උණුසුම් තත්ත්වය උද්ගතවී තිබිණි.

විරෝධතාකරුවන් රැුගත් බස්රථ ආපසු හරවා යැවීම සඳහා දිවයිනේ සියලූම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මාර්ග බාධක 500 කට අධික ප‍්‍රමාණයක් යොදවා තිබිණි. ඊයේ අලූයම් කාලයේ සිට පොලිස් නිලධාරීන් මාර්ග රාජකාරියේ යොදවා සිටි අතර කොළඹ නගරයට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවා තිබිණි.

පොලිසියට අමතරව ඇතැම් ප‍්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවා ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කර තිබිණි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අසීමිතව ඉහළ යෑම, භාණ්ඩ හි`ගය, පොහොර ගැටලූව, රජයේ දේපොළ විකිණීම ඇතුළු තවත් ගැටලූ රැසකට වහාම විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් සමගි ජනබලවේග පක්‍ෂය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.

මෙම විරෝධතාකරුවන් කොළඹට යෑම වැළැක්වීම සඳහා පොලිස් ස්ථාන 56 කින් අධිකරණය වෙත තහනම් නියෝග ඉල්ලා තිබිණි. විරෝධතාකරුවන් නතර කිරීමට පොලිස් ස්ථාන මගින් කළ ඉල්ලීම් අධිකරණ 16 කින් ඉවත දැමු අතර එම තහනම් නියෝග ලබාදී තිබුණේ අධිකරණ 3 කින් පමණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment