සජබ සංවත්සරයත් සල්ගාදු ක‍්‍රීඩා පිටියේදී

193

සමගි ජන බලවේගයට වසර දෙකක් පිරෙන ලබන මාර්තු 11 දා එම සංවත්සර උත්සවය අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ දී මහා රැලියක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය 09 වැනිදා පැවැත්වූ රැලියට වඩා වැඩි පාක්ෂික පිරිසක් සහභාගි කරවමින් ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂයට අභියෝගයක් වන ලෙස එම රැලිය පැවැත්වීමට ද සජබය තීරණය කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට කීවේය.

සංවත්සර උත්සවය මෙන්ම ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු ද එම රැලියෙන් ඇරඹෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment