සජිත්ගෙන් ප‍්‍රශ්න අටක් පවිත‍්‍රාගෙන් උත්තර වැලක්… තවත් රැල්ලක් එනවා කොවිඩ් පාලන රෙගුලාසි ලිහිල් කිරීම සුදුසුද… සජිත් අසයි

558

රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොවිඞ් රෝගීන්ගේ ඉහළ යෑමක් පසුගිය දින 10 දී පෙන්නුම් කරන බවත් එම කාලයේ දී රෝගීන් 21344ක් ද මරණ 591ක් ද සිදුව ඇති බවත් සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (05 දා* පැවසුවාය.

 පවත්නා කොවිඞ් තත්ත්වය හමුවේ ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බැවින් අවශ්‍ය ඔක්සිජන් රෝහල්වලට ලබාදීමට අවශ්‍ය කටයුතු දැනටමත් සිදුකර ඇතැයි ඇය පැවසුවාය. ස්ථාවර නියෝග 27 (2* යටතේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පසුගිය 03 දින අසන ලද ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය මේ බව ඊයේ කීවාය.

 විපක්ෂ නායක අසා තිබුණු ප‍්‍රශ්න සහ ඒවාට ඇමැතිවරිය ලබා දුන් පිළිතුරු මෙසේය.

 ප‍්‍රශ්න අංක – 01 :

 පසුගිය සතිය තුළ ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වූ කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව, අසාධ්‍ය රෝගීන් සහ මරණ පිළිබඳ සැලකීමේදී තවත් කොවිඞ් රැුල්ලක් මෙරට නිර්මාණය වෙමින් පවතින බව රජය පිළිගන්නේ ද?

 පිළිතුර : පසුගිය සතියේ ගෝලීයව මෙන්ම දකුණු ආසියාතික කලාපයේ ද කොවිඞ් රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබේ. මීට සමාන්තරව ශ‍්‍රී ලංකාවේ ද රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා විය. පෙර සතිවල දිනකට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 1000 – 1500 පමණ වුවත් පසුගිය සතියේ දී දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2000 – 2500 පමණ දක්වා ඉහළ අගයක් ගෙන ඇත. ශ‍්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් වයස අවුරුදු 30ට වැඩි 86% කට පමණ කුමන හෝ එන්නතක් පළමු මාත‍්‍රාව ලෙස ලබා දී ඇත. එමෙන්ම 18% කට පමණ දෙවන මාත‍්‍රාව ද ලබා දී එන්නත්කරණය සම්පූර්ණ කර ඇත. ඉදිරි මාසයේ දී වයස අවුරුදු 30ට වැඩි සියලූ දෙනාටම එක් මාත‍්‍රාවක් හෝ එන්නත්කරණය කිරීමට කටයුතු සම්පාදනය කර ඇත. මීට සමගාමීව දෙවැනි මාත‍්‍රාව ලබා දීමටත් සැලසුම් සකස් කර ඇත. මේ අනුව ඉදිරි සති දෙකේ දී දෙවැනි මාත‍්‍රාව ද ලබා ගත් වයස අවුරුදු 30 ට වැඩි සංඛ්‍යාව 50% දක්වා ඉහළ යනු ඇත. තව ද, කොවිඞ් රෝගීන්ගේ ආශ‍්‍රිතයන් හඳුනා ගෙන ඔවුන් නිරෝධායනය කිරීම දිගටම සිදු කරනු ලැබේ. ලෝක වසංගතයක් ලෙස විටින් විට රටවල්වල කොවිඞ් රැුලි වාර්තා වීම දක්නට ලැබේ. මෙම වසංගතය නිරන්තරයෙන් උච්ඡුාවචනය වන බැවින් කොවිඞ් රැුල්ලක් ඇති වීම සම්බන්ධව නිශ්චිතව සඳහන් කළ නොහැක. කෙසේ වෙතත්, ජාත්‍යන්තරව පිළිගත් ක‍්‍රමවේද අනුගමනය කරමින්, සාර්ථක එන්නත්කරණය සහ නිරෝධායන ක‍්‍රියාවලිය දිගටම පවත්වාගෙන යෑම මත මහා රැුලි ඇතිවීම වළක්වා ගත හැකි වනු ඇත.

 ප‍්‍රශ්න අංක – 02 :

 පසුගිය දින 10 තුළ වාර්තා වූ කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව, කොවිඞ් මරණ සංඛ්‍යාව, පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව සහ හදිසි ප‍්‍රතිකාර ඒකක තුළ ප‍්‍රතිකාර ලබන රෝගීන් සහ රෝහල්වල සාමාන්‍ය වාට්ටුවල ප‍්‍රතිකාර ලබන කොවිඞ් රෝගීන් සංඛ්‍යාව මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද?

 පිළිතුර- පසුගිය දින 10 තුළ (ජුලි 25 සිට* වාර්තා වූ කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව විසි එක්දහස් තුන්සිය හතලිස් හතරකි. එම කාලයේ දී වාර්තා වූ කොවිඞ් මරණ පන්සිය අනූඑකකි. පසුගිය දින 10 තුළ පී.සී.ආර්. පරීක්ෂණ එක් ලක්ෂ තිස් හතර දහස් එකසිය හැත්තනවයක් සිදු කර ඇත. වසංගතයක් ලෙස බලපෑම් ඇති කර ඇති කොවිඞ් රෝගයෙන් ප‍්‍රතිකාර ලබන රෝගීන් ගණන මොහොතෙන් මොහොත වෙනස් වනු ඇත. දිනපතා වාර්තා වන රෝගීන් සේම සුවය ලබා රෝහලෙන් නික්ම යන රෝගීන් ද සැලකිය යුතු සංඛ්‍යාවකි. පසුගිය දින 10 තුළ රෝහල්වල ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරයි. ජූලි 23 වැනිදා විසිතුන් දහස් අටසිය හතරක් වූ ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව අගෝස්තු 01 වැනි දිනට තිස් දහස් දහ හතක් ලෙස ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් පසුගිය දින 10 තුළ දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව එකසිය හතලිහත් (140* එකසිය පනහත් අතර කළමනාකරණය කර ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැකි වී ඇත. 2021.08.04 දිනට දැඩිසත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව එකසිය හැට හතරකි.

 ප‍්‍රශ්න අංක – 03 :

 මේ වන විට ලෝකය පුරා හඳුනාගෙන ඇති කොවිඞ් ප‍්‍රභේද මොනවාද? ඒවායින් මෙරට තුළ වාර්තා වී ඇති ප‍්‍රභේද මොනවාද?

 පිළිතුර : ලෝකය පුරා ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා යන කොවිඞ් ප‍්‍රභේද වාර්තා වී ඇත. එයින් මෙරට තුළ ඇල්ෆා, බීටා සහ ඩෙල්ටා යන ප‍්‍රභේද වාර්තා වී ඇත.

 ප‍්‍රශ්න අංක – 04 :

 දැනට මෙරට ලබා දෙන එන්නත් වර්ග වන ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂිල්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා එන්නත, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී, ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් වර්ග පහ අතුරින් ඒ එක් එක් ප‍්‍රභේද සඳහා සාර්ථකත්වය කොපමණ ද ?

 පිළිතුර : මේ වන විට පවතින තොරතුරු හා වෛද්‍ය විශේෂඥයන්ගේ මතය අනුව දැනට භාවිතා කරනු ලබන එන්නත් මෙරට තුළ වාර්තා වී ඇති සියලූම කොවිඞ් ප‍්‍රභේද සඳහා සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.

 ප‍්‍රශ්න අංක – 05 :

 තවත් කොවිඞ් රැුල්ලක් නිර්මාණය වෙමින් පවතින වාතාවරණය තුළ කොවිඞ් පැතිරීම වැළැක්වීම සඳහා පනවා තිබූ රෙගුලාසි ලිහිල් කිරීම සුදුසු වන්නේ ද?

 පිළිතුර : වගකිවයුතු රජයක් ලෙස ජනයාගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා සේම රටේ ආර්ථික ස්ථාවරභාවයත්, ජනයාගේ ජීවනෝපායත් යථාවත්ව පවත්වාගෙන යාම සඳහා පියවර ගැනීමට සිදු වී ඇත. රෙගුලාසි ලිහිල් කිරීම තුළ කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ග ලිහිල් වූ බවක් අදහස් වන්නේ නැත. ශාරීරික දුරස්ථභාවය තබා ගැනීම, ශ්වසන ආචාර විධි පවත්වා ගැනීම, දෑත් පිරිසිදු කිරීම, මුහුණු ආවරණ පැළඳීම යන පුරුදු ජනතාව අතර අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අධීක්ෂණ ක‍්‍රියාවලියක් සිදු වෙමින් පවතී. මෙම පුරුදු වගකිවයුතු පුරවැසියන් ලෙස අඛණ්ඩව පිළිපදින මෙන් කාරුණිකව ආයාචනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. යම් මට්ටමක රෙගුලාසි ලිහිල් කර රට යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ දරමින් කොවිඞ් පාලනයට අදාළ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම, ආශ‍්‍රිතයන් හා රෝගීන් නිරෝධායනය කිරීම යන ක‍්‍රියාවලින් අඛණ්ඩව සිදු කරන බව සඳහන් කරන්නට කැමැත්තෙමි.

 ප‍්‍රශ්න අංක – 06 :

 සියලූ රජයේ නිලධාරීන්ට මෙම සතියේ සිට රාජකාරියට අඛණ්ඩව වාර්තා කිරීමට නියම කිරීම තුළ කොවිඞ් රෝගය සම්බන්ධයෙන් අවදානම් කාණ්ඩ ලෙස සැලකෙන නිදන්ගත රෝගවලින් පෙළෙන පිරිස්, ගර්භණී සහ කුඩා දරුවන් සිටින නිලධාරිනියන්ගේ ජීවිත අවදානමකට ඇද දැමීමක් සිදු නොවන්නේ ද?

 පිළිතුර : රට යථාවත් තත්ත්වයට පත් කිරීමේදී රාජ්‍ය සේවයේ සක‍්‍රීයභාවය වැදගත් සාධකයකි. එන්නත්කරණයට ලක් කර ඇති රාජ්‍ය සේවකයන්ව ඵලදායීව දායක කර ගැනීමට රජය ගෙන ඇති තීරණය විවේචනය කිරීම සුදුසු නොවන බව මාගේ අදහසය. කෙසේ වෙතත් නිදන්ගත රෝගවලින් පෙළෙන හා අවදානම් සහිත රාජ්‍ය නිලධාරීන්ට දැනටමත් පවතින නීතිය අනුව ලබා ගත හැකි සහනයන් හා වරප‍්‍රසාදයන් ලබා ගැනීමට බාධාවක් නොවන බව නිරීක්ෂණය කරමි.

 ප‍්‍රශ්න අංක – 07 :

 සෞඛ්‍ය අංශ සතුව පවතින අයිසීයූ ඇඳන් ඔක්සිජන් සැපයුම, පරීක්ෂණ ධාරිතාව සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ ප‍්‍රමාණයන් පිළිබඳ රජය සෑහීමකට පත්වන්නේ ද ? එම ප‍්‍රමාණය ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වයන් පාලනය කිරීමට ප‍්‍රමාණවත් ද? ඒ පිළිබඳ විශේෂඥයින්ගේ පුරෝකථන පිළිබඳ රජය සැලකිලිමත් වන්නේ ද? පසුගිය අවස්ථාවන් කිහිපයේදීම අප අවධාරණය කළ පරිදි රජය විසින් අලූතින් ඇති කරන ලද අයිසීයූ ඇඳන් ඔක්සිජන් සැපයුම් සහ ප‍්‍රතිකාර ධාරිතාවන් කොපමණ ද?

 පිළිතුර : කොවිඞ් රෝගීන්ගේ ප‍්‍රතිකාර වෙනුවෙන්ම නව දැඩි සත්කාර ඒකක ඇඳන් අනූවක් ස්ථාපනය කරන ලද අතර කොවිඞ් දැඩි සත්කාර ඒකකවල සමස්ත ඇඳන් සංඛ්‍යාව එකසිය අසූ හයකි. හම්බන්තොට දිස්ත‍්‍රික් මහ රෝහලේ පීසීආර් රසායනාගාරය පද්ධතියට එකතු කර ඇති අතර සායනික පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ කර ඇත. පී.සී.ආර් හා ඇන්ටිජන් පරීක්ෂා කිරීමේ ධාරිතාව දැනට සතුටුදායක මට්ටමේ පවතින අතර සේවයේ නියැලෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද කළමනාකරණය කරමින් කොවිඞ් පාලන කටයුතු සිදු කරනු ලැබේ. රජයේ රෝහල් පද්ධතිය සඳහා අවශ්‍ය ඔක්සිජන් ප‍්‍රමාණය 2021 පළවෙනි කාර්තුවේ දත්තවලට අනුව දිනකට ඔක්සිජන් ටොන් 44 වන බව නිරීක්ෂණය වේ. දැනට ලියාපදිංචි සැපයුම්කරුවන් දෙදෙනකු මගින් මෙම අවශ්‍යතාව සපුරාලනු ලැබේ. මෙම ආයතන 2න් දිනකට දල වශයෙන් ඔක්සිජන් ටොන් 77 නිෂ්පාදනය කරනු ලබන අතර වෛද්‍ය ඔක්සිජන් අවශ්‍යතාවය වන ටොන් 44 රෝහල් පද්ධතියට ලබා දෙන අතර ඉතිරිය කර්මාන්තශාලාවලට ලබා දේ. කෙසේ වෙතත්, පවත්නා ‘කොවිඞ් – 19’ තත්ත්වය හමුවේ ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බැවින් අවශ්‍ය ඔක්සිජන් රෝහල්වලට ලබාදීමට අවශ්‍ය කටයුතු දැනටමත් සිදුකර ඇත. අවශ්‍යතාව අනුව ඉහළ යන ඔක්සිජන් ඉල්ලූම සපුරාලීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබාගෙන ඇත.

 ප‍්‍රශ්න අංක – 08 :

 මේ වන විට කොවිඞ් 19 ආසාදිත දරුවන් සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතී. එමෙන්ම දරුවන් කොවිඞ් වැලඳී මියගොස් ඇති බව ද වාර්තා වේ. ඒ පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නේ ද? දරුවන් මෙතෙක් කොවිඞ් සඳහා එන්නත්කරණය කර නොමැති බැවින්, මෙම තත්ත්වය පාලනයට රජය ගන්නා ක‍්‍රියාමාර්ග මොනවාද?

 පිළිතුර : වයස අවුරුදු 10ට අඩු කොවිඞ් ආසාදිත දරුවන් දහ නවදහස් හයසිය අසූඅටක් වාර්තා වී ඇති අතර වයස අවුරුදු 10 ත් 18 ත් අතර දරුවන් විසි හය දහස් එකසිය හතලිස් තුනක් වාර්තා වී ඇත. කොවිඞ් ආසාදනය නිසා වයස අවුරුදු 18 ට අඩු දරුවන් 14 දෙනෙක් මේ වන විට මියගොස් ඇත. වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමේ හැකියාව මේ වන විට අධ්‍යයනය කරමින් පවතින අතර ඒ සම්බන්ධ අවසන් තීරණය දරුවන් සඳහා කොවිඞ් එන්නත්කරණය පිළිබඳව අනුමැතිය ලබා දීමේ විද්වත් කමිටුව විසින් ලබා දෙනු ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment