සජිත්ගේ බෙදිල්ලට ගරහන විප්ලවවාදීන්ගේ දරුවන් අඩුපාඩු නැතිව පෞද්ගලික පාසල් හා සරසවිවල ඉගෙන ගන්නවා – සජිත් ප්‍රේමදාස නයිනමඩමේදී කියයි

55

මේ රටේ අය-වැය හරහා ලැබෙන මුදලින් රට ගොඩගන්න නොහැකි නිසා රාමුවෙන් පිටතට පැන තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂය විසින් මෙරට රජයේ පාසල් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමත් එවැනි රාමුවෙන් පිට පැන සිදු කරන කටයුත්තක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම සක්‍රීයව විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මෙවැනි සේවා සිදු කරන විට එම වැඩසටහන් අනුගමනය කරන්න යම් අයකු කටයුතු කරන්නේ නම් ඔවුන්ට සුබ පතා එම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන බවත් එහි අරුත කිසිම අවස්ථාවක රජයට එක්වීමක් නොවන බවත් තමාගේ දේශපාලන ක්‍රියාදාමය මෙන්ම සංවර්ධන ක්‍රියාදාමය ද හාත්පසින්ම වෙනස් එකක් බවත් එම නිසා ඒ දෙක පටලවා නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 145 වැනි අදියර යටතේ පුත්තලම, වෙන්නප්පුව, නයිනමඩම සාන්ත මරියා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේදී විද්‍යාලයට අවශ්‍ය සංගීත, නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ රටේ සිටින අමනෝඥයෝ කොට්ඨාසයක් සජිත් ප්‍රේමදාස බෙදමින් සිටින බවට චෝදනා කරන බවත් බෙදිල්ල හොඳ නැහැ කියන්නේ අන්ත කොමියුනිස්ට්වාදී, අන්ත සමාජවාදී විප්ලව ගැන කයිවාරු ගහන, නමුත් තමන්ගේ දුවා දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල පාසල්වල අඩුපාඩුවක් නොමැතිව ඉගෙන ගන්නා විප්ලවවාදීන් බවත් නැති තැනට බෙදන එක මොවුන්ට අනුව නරක බවත් මේ කුහකයන්ට අනුව ශබ්දකෝෂ ලබා දෙන එක පවා වැරදි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment