අනුර කාදිනල්තුමා බැහැදකී
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පෙරේදා (17 දා) බොරැල්ල අගරදගුරු නිවෙසේදී මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික සම විධායක විජිත හේරත් මහතා ද එක් විය.
නෝමන් පලිහවඩන සහ ධර්මසේන වැලිපිටිය
පාස්කු ප්‍රහාරයේ සැබෑ සත්‍ය තම රජයක් යටතේ අනාවරණය කරනවා – අගරදගුරුතුමන් හමුවේ සජිත් කියයි
මීට පෙර පොරොන්දු වී ඇති ආකාරයටම පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කරන්න කතෝලික සභාව ද සෑමවිටම දැනුවත් කරමින් තම රජයක් යටතේ පියවර ගන්නා බව ඒ සඳහා පැහැදිලි වැඩ පිළිවෙළක් තමන් සතු බව විපක්ෂ නායක සමගි ජන බලවේගය ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හමුවේ ඊයේ පැවසීය. එම අවස්ථාවට කොළඹ අගරදගුරු පදවි සහායක මැක්ස්වෙල් සිල්වා සහාය රදගුරුතුමන්, ජේ.ඩී. ඇන්තනී හා ඇන්ටන් රංජිත් පියතුමන්ලා ද එක්ව සිටියහ.
වරදකරුවන්ට උපරිම දඬුවම් ලබාදීම දක්වා නීති කෘත්‍ය ඉටු කරන බවද ප්‍රේමදාස මහතා එහිදී පවසා තිබේ.