සජිත් ජාතික රැකී රක්ෂා ප්‍රතිපත්තියක් ඉල්ලයි

145

පෞද්ගලික අංශයේ රැකියා කරන ප්‍රජාව වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් වහාම ඉටු කරන්නැයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

පෞද්ගලික අංශයේ සේවය කරන සේවක ප්‍රජාවගේ සේවක සුරක්ෂිතභාවය, සේවක රැකවරණය, වේතනය පිළිබඳව පැහැදිලි ක්‍රමවේදයක් රටේ නීති පද්ධතිය තුළ ක්‍රියාත්මක නොවන බවද විපක්ෂ නායකවරයා කීවේය.

ආදායම් බදු සංශෝධන ප්‍රශ්නය, පාරිභෝගික වියදම් කෙරෙහි සිදුවන බලපෑම, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය, රැකියා අස්ථාවරතාවය, කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත කඩාගෙන වැටීම, ඉදිකිරිම් අංශයේ පසුබෑම, උද්ධමනය, ජිවන වියදම් අර්බුදය, සේවක අර්ථසාධක මුදල් ලබාදීමේ ගැටලුව වැනි බරපතල අභියෝගවලට පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව මුහුණ දී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එමෙන්ම ජාතික රැකී රක්ෂා ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කර පෞද්ගලික අංශයේ රැකියා කරන ප්‍රජාව වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් ක්‍රියාත්මක කරන්න ලෙසද ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment