ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීම අද (07දා) සිදු කිරීමට නියමිතය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය හා මානුෂීය ජනතා සන්ධානය ද එක්වීමට නියමිතය.
මෙම උත්සවය අද පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වේ.
අරුණ බෝගහවත්ත