මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සන්තෝෂ් ජා මහතා සහ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී සිදු විය.
මෙහිදී දෙපාර්ශ්වය අතර ආර්ථික, සාමාජීය හා දේශපාලන කරුණු රැසක් හුවමාරු වූ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්, ළඟම අසල්වැසියා ලෙස දශක ගණනාවක් පුරා ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කර සිටියේය. එසේම අප රටේ පවතින ආර්ථික අර්බුදය ජය ගෙන බංකොලොත්භාවයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ඉදිරියටත් ලබා දෙන ලෙසද ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.