සජිත් ළඟ සුසිල්ට ඉඩක්

1547

ඕනෑම අවස්ථාවක තමන් ළඟ තැනක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12දා) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාට විශේෂ ආරාධනයක් කළේය.

ඇමැතිවරයා මහපොළ සම්බන්ධව අදහස් දැක්වීමෙන් පසුව විපක්ෂ නායකවරයා ඉතා ගෞරවයෙන් සිනාමුසු මුහුණෙන් මෙම ආරාධනය කරනු දක්නට ලැබිණ.

සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැත. ලබන වසරේ මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් ඒ සඳහා පිල් මාරු සිදු වන්නේ නම් බොහෝ විට පාර්ලිමේන්තුවේදී මෙවැනි ඉඟි පළ වන බව මෙම කතාබහ අසා සිටි මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පසුව පැවසූහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment