බස්රථ නවතයි පිරිස් පාගමනින්
බෙන්තොටදී
දකුණු පළාතෙන් එක්වීමට බස්රථවලින් පැමිණි බෙන්තොට, කොස්ගොඩ, බලපිටිය, අම්බලන්තොඩ, ගාල්ල, මාතර ප‍්‍රදේශවල පාක්ෂිකයින්ට බෙන්තොටදී පොලිසිය විසින් බාධා එල්ලකර තිබේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ක‍්‍රියාත්මක වෙමින් පොලිසිය විසින් බෙන්තොට පාලම අසල පිහිටි බෝගස ඉදිරිපිටදී එම පිරිස නවතා නැවත හරවා යැවීමට උත්සාහ දැරීම නිසා එම ස්ථානයේදී විරෝධතා පාඨ කියමින් උද්ඝෝෂණය බස් රථ තුනකින් පැමිණි 200ක පමණ පිරිසක් මෙහිදී විරෝධය පෑමට එක්වූහ.
ගාලූ කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා වන පරිදි පිරිස හැසිරෙමින්, මාර්ගයේ පොල් ගසමින්, මාර්ගයේ වාඩිවී විරෝධතා සිදුකළ අතර ඊට පොලිසියෙන් අවහිරයක් ඇති නොවිනි. පොලිසියේ හතළිහකට ආසන්න නිලධාරී පිරිසක් එම ස්ථානයට යොදවා තිබිණි.
බෙන්තොට – දර්ශන කරුණාරත්න
නුවරඑළියේදී
නුවරඑලිය දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් බස් රථ දෙකකට ගමන් කිරීමට අවසර නොදී පොලිසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කිරීමෙන් දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. මේ අතර මස්කෙලිය ආසනයේ සමගි ජන බලවේග සංවිධායක කපිල නාදන්දක මහතාද ඇතුළු සමගි ජන බලවේගයේ පිරිසක් ගිනිගත්හේන ප‍්‍රදේශයේ සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටි බස් රථයටද ගිනිගත්හේන පොලිස් මුරපොලේදී පොලිසිය විසින් බාධා පැමිණවීම නිසා එම පිරිස පොලිස් මුරපොල අසල උද්ඝෝෂණයක නිරත වූහ.
ඡුායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක
බද්දේගම පිවිසුමේ
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ලාල් බංඩාරිගොඩ මහතා සමග පැමිණි බද්දේගම ව
දුරඹ සහ යක්කලමුල්ල ප‍්‍රදේශවල ආධාරකරුවන් පිරිසට සිය බස් රථවලට දක්ෂිණ අධිවේගයේ බද්දේගම පිවිසුමෙන් ඇතුථවීමට පොලිසිය විසින් අවසර ලබා නොදීම හේතුවෙන් ආපසු හැරීයෑමට සිදුවිය අනතුරුව හිටපු මන්ත‍්‍රීවරයා ඇතු
ථ පිරිස විරෝධතාවය පලකර අධිවේගී පිවිසුම ඉදිරිපිට මාර්ගයේ උද්ඝෝෂණයකද නිරතවූ අතර එම වාහන නවතා තිබීම හේතුවෙන් කොළඹ දෙසට පිවිසුමේ වාහන තදබදයක් ඇතිවිය
මේ සදහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද රාජකාරි ස
දහා යොදවා තිබෙන ආකාරය දක්නට ලැබිණි
කුරුඳුගහහැතැප්ම පිවිසුමෙන්
උද්ඝෝෂණයට සහභාගී වීම සඳහා කොළඹ බලා ඇදෙන බස්වල මගීන් ඊයේ (16දා) පොලිස් බාධක යොදා කුරුඳුගහ හැතැප්ම පිවිසුම් මාර්ගයේදී බැස්සවීම නිසා පිරිස් කලබල කළ අතර ඔවුන් පිවිසුමේ බැස නොසන්සුන් වූ අයුරු ඡායාරූපවල දැක්වේ.
නියාගම විල්සන්ට් විජේසිංහ.
කිදෙල්පිටියේදී
හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප‍්‍රමුඛ පාක්ෂිකයන් ඊයේ (16දා) පැමිණි බස් රථය සහ සුඛෝපභෝගී ජීප් රථය ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය.
කළුතර සහ කොළඹ දිස්ත‍්‍රික් මායිම වන බණ්ඩාරගම කිදෙල්පිටිය පොලිස් මාර්ග බාධකයේදී අජිත් පී. පෙරේරා මහතා පැමිණි ජීප් රථය හා බස් රථය නවතා පෙරේරා මහතා ප‍්‍රමුඛ පාක්ෂිකයන් එහි සිටි සහකාර පොලිස් අධිකාරී උපාලි තලගල මහතාගෙන් තමන්ට එම ස්ථානයෙන් යෑමට ඉඩ නොදෙන හේතුව විමසා සිටියේය.
එහිදී සහකාර පොලිස් අධිකාරිවරයා කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ මගින් පනවා ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර යෑමට ඉඩ ප‍්‍රස්ථාව ලබා දීමට හැකියාවක් නොමැති බව පැවසීමත් සමඟ ම පාක්ෂිකයන් රජයට විරුද්ධව විවිධ සටන් පාඨ කියමින් කෑ කෝ ගසන්නට විය. අනතුරු අජිත් පී. පෙරේරා මහතා සහකාර පොලිස් අධිකාරීවරයා අමතා නිල ඇඳුමට ගරු කරමින් මෙම ස්ථානයෙන් පිටව යන බවත් පවසා පාක්ෂිකයන් අමතා රජයට විරෝධය දක්වමින් කතාවක් ද කළේය.
පෙරේරා මහතා පාක්ෂිකයන් අමතා හැකි අයුරින් මාර්ගයේ ගමන් ගන්නා බස් රථවලින් උද්ඝෝෂණයට පැමිණෙන ලෙසය. ඒ අනුව බස් රථය ආපසු හරවා බණ්ඩාරගම දෙසට ගමන් කළ අතර අජිත් පී. පෙරේරා මහතා ඔහු පැමිණි ජීප් රථයද හරවාගෙන බණ්ඩාරගම දෙසට පිටව ගියේය.
කැස්බෑව – ජයසිංහ
ලූණුගම්වෙහෙර
පා සමගි ජන බලවේගයෙහි තිස්සමහරාම ආසන සංවිධායක දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක නිළමේ තෙන්නකොන් මහතා ඇතු`ඵ පාක්ෂිකයින් පිරිසක් රජයට හා පොලිසියට විරෝධය පා ඊයේ(16දා) ලූණුගම්වෙහෙර විසිදෙකේ හංදියේදී මාර්ගය හරස් කර විරෝධතා උද්ඝෝෂණයක පැවැත්විය.
දෙබරවැව – ඒ. ඒ. පේමසිරි
නොච්චියාගම
නොච්චියාගම සමගි ජන බලවේගය පක්ෂයේ පිරිස් රැුගත් බස් රථ සඳහා ගමන් කිරීමට ඉඩ නොදීමට පොලිසිය කටයුතු කිරීම හේතුවෙන් පිරිස විරෝධතාවයක නිරත වූහ.
හිටපු අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානි බංඩාර සහ හිටපු පළාත් සභා මංත‍්‍රී අරුණ බුද්ධික ගුණසේකර, නොච්චියාගම ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමරකෝන් රත්නායක මහතාද පැමිණ පොලිසිය සමග සාකච්ඡුා කළද පොලිසිය බස්රථ සඳහා පිටත් වීමට අවසර ලබා නොදෙන ලදී. මෙහිදී පිරිස සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය. පිරිස විරෝධතා පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් මාර්ගය හරස් කරමින් රැුඳී සිට විකල්ප මාර්ගයක් ඔස්සේ කොළඹ දක්වා ගමන් කරන බව පවසා බස් රථ නැවත හරවා ගනිමින් පිටත්ව යන ලදී.
නොච්චියාගම -එම්.එම්.පී.ජී. පෙරේරා
මතුගම
මතුගම නගරයේදී පොලිස් මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කිරීම නිසා අගලවත්ත සමගි ජන බලවේගයේ ප‍්‍රධාන සංවිධායක ජගත් විතාන මහතා ප‍්‍රමුඛ ජනතාව පාගමනිින් මතුගම නගරයේදී විරෝධතාවයේ යෙදෙමින් ගමන් කළ අයුරු.
මතුගම විශේෂ – අනුර ජයසේකර