රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් දිවිගලවා ගත් බළලකු බේරා ගැනීමට සත්ත්ව අවිහිංසාවාදීන් කණ්ඩායමක් ක්‍රියා කිරීමේ සිද්ධියක් යුක්රේනයේ කීව් නගරයෙන් වාර්තා වේ. මහල් ගොඩනැඟිල්ලක සිටි මෙම බළලා දින ගණනක්ම කුස ගින්නේ සිටි බව වාර්තා වේ. රියුජිනේ නිබට්ස් නැමැති සත්ත්ව අවිහිංසාවාදියා සිය මිතුරන්ගේ සහයෙන් ගිනිනිවන දොඹකරයක් ගෙන්වා ෂෙල් ප්‍රහාරයෙන් කැඩී ගොස් තිබූ මහල් ගොඩනැඟිල්ලට ගොඩවැදී බළලා නිරුපද්‍රිතව බේරාගෙන ඇත.
|