අවම වශයෙන් සති තුනකට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනා කර තිබේ.
ඒ අනුව ප්රධාන කරුණු 7කින් සමන්විත යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත එම පක්ෂවලින් යොමුකර ඇත.
අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමිල ප්රජාතන්ත්රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාරල ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණල ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශල පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලල ජාතික කොංග්රසයල එක්සත් මහජන පක්ෂයේ නායක ඒග එල්ග එම් අතාවුල්ලාල ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ටිරාන් අලස්ල ශ්රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න හා යුතුකම ජාතික සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග යන අය විසින් අදාළ යෝජනාවලියට අත්සන් තබා තිබේ.