මේ වන විට රටෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් තිබීම හේතුවෙන් රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් මුදා ගැනීම සඳහා වහාම සති දෙකක කාලයක් දැඩි ලෙස සංචරණය සීමා වන ලෙස රට අගුලූ දමන ලෙස ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය නැවත වරක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
මෙම අගුලූ දැමීම ක‍්‍රියාත්මක වන කාලසීමාවේ දී රටේ අත්‍යවශ්‍ය සේවාවන් හා කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙළ සාමාන්‍ය පරිදි අඛණ්ඩව පවත්වාගෙන යෑමට පියවර ගන්නා ලෙස අදාළ ලිපිය හරහා
ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය එක් එන්නත් මාත‍්‍රාවකින් වුවද ප‍්‍රතිශක්තිකරණයක් නිපදවීමට සමත් ඔක්ස්ෆර්ඞ් – ඇස්ට‍්‍රාසෙනෙකා, ෆයිසර් හා මොඩර්නා යන එන්නත් මෙරට වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට හා බරපතළ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට එන්නත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අවධාරණය කර සිටියි.
වෛද්‍ය සංගමයේ සභාපතිනිය විසින් ජනාධිපතිවරයා වෙත 11දා යවා ඇති එම ලිපියෙහි මෙසේද වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ වන විට රටේ දරුණු ලෙස පැතිර යන කොරෝනා වසංගත තත්ත්වයෙන් වැඩි වශයෙන් මිය යන වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් හා බරපතළ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන් මරණයෙන් බේරා ගැනීම සඳහාත් ඔවුන් දරුණු ලෙස රෝගාතුර වීම වළක්වා ගැනීම සඳහාත් එම පිරිසට එක් මාත‍්‍රාවකින් පවා සැලකිය යුතු ප‍්‍රතිශක්තිකරණයක් ලබා ගත හැකි ඔක්ස්ෆර්ඞ් – ඇස්ට‍්‍රාසෙනෙකා, ෆයිසර් හා මොඩර්නා යන එන්නත් ලබා දීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. මෙම එන්නත් අදාළ කණ්ඩායම් සඳහා ලබා දීමෙන් ඉදිරියේදී විශාල ජීවිත සංඛ්‍යාවක් මරණයෙන් බේරා ගැනීමට හැකි වනු ඇත. මෙම එන්නත්කරණය ප‍්‍රජාව තුළ මෙන්ම රෝහල් හරහා ද සිදු කළ හැකිය.
දැනට පවතින තත්ත්වය යටතේ ඉදිරියේ දී මෙරට දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකිය. වත්මන් කොරෝනා වසංගතයට රටේ ජනතාව මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය ද දැඩි සේ
ගොදුරු වෙමින් සිටින අතර රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයන් කොරෝනා ආසාදනයට ගොදුරු වීම හේතුවෙන් රෝහල්වල ප‍්‍රතිකාර සේවාවන් බිඳ වැටීමේ බරපතළ අවදානමක් පැන නැගී තිබේ. එසේ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් තවදුරටත් කොරෝනා ආසාදනයට ගොදුරු වුවහොත් එමගින් කොරෝනා වාට්ටුවල මෙන්ම වෙනත් වාට්ටුවල ප‍්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ප‍්‍රත්කාර නොලැබී යෑමෙන් සමස්ත රෝහල් පද්ධතියම කඩා වැටෙන තත්ත්වයක් උද්ගත වීමට ඉඩ තිබේ.
මේ වන විට දිවයිනේ සෑම රෝහලකම පවතින කොරෝනා ආසාදිතයන් ප‍්‍රතිකාර ලබන වාට්ටුවල ඇඳන් පිරී ගොස් ඇති අතර මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම මෙම වසංගතයෙන් ජනතාව මුදා ගැනීම සඳහා දැඩි සංචරණ සීමාවන් සහිතව රට සති දෙකකට අගුලූ දැමීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.
ඒමන්ති මාරඹේ
|