සති 2ක් තුළ දකුණු අප‍්‍රිකාවෙන් කිසිම සංචාරකයකු ඇවිත් නෑ – ඇමැති ප‍්‍රසන්න රණතුංග

85

පසුගිය සති දෙකක කාලය තුළ දකුණු අප‍්‍රිකානු කලාපයෙන් මෙරටට සංචාරකයක් කිසිවකු පැමිණ නැතැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශය සොයා බැලීමක් සිදු කළ බවත් එහිදී එම කලාපයෙන් සංචාරකයන් පැමිණ නොමැති බවට තහවුරු වී තිබෙන බවත් ඇමැතිවරයා කීය. සංචාරක අමාත්‍යාංශය නිතරම කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන උපදෙස් අනුව බවත් කුමන හෝ රටකින් සංචාරකයින් ගෙන්වීමට කටයුතු නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකළහොත් ඒ අනුව කටයුතු කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසීය. මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයකු කියා සිටියේ ඊයේ (28 දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති නිලධාරී හමුවකදී දකුණු අප‍්‍රිකානු කලාපයෙන් කිසිදු පුද්ගලයෙකු පැමිණි බවට වාර්තාවී නොමැති බවත් එහෙත් දකුණු අප‍්‍රිකානු කලාපයෙන් වෙනත් රටකට ගොස් ලංකාවට පැමිණ ඇතිද යන්න සොයා බලාගෙන යන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment