සතොසෙන් සීනි රුපියල් 125ට

235

දේශීයව නිෂ්පාදනය කෙරෙන දුඹුරු සීනි දිවයින පුරා පිහිටි සතොස හා සමුපකාර අලෙවිසල් හරහා පාරිභෝගික ජනතාවට සහනදායී මිලකට ලබාදීම සඳහා ලංකා සීනි සමාගම විසින් අවශ්‍ය තොග සැපයෙන බව විෂයභාර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවැසීය.

ඒ අනුව දේශීය දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125 කට සතොස හා සමුපකාර මගින් මිලදී ගැනීමට හැකි බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ජනතාවගේ පරිභෝජනය සඳහා හිඟයකින් තොරව දුඹුරු සීනි ලබාගැනීමට සතොස හා සමුපකාර සඳහා පෙරේදා (27* දිනයෙදීත් සීනි කිලෝ ලක්ෂ හත හමාරක තොගයක් ලංකා සීනි සමාගම මගින් නිකුත් කර ඇති බව පැවසූ ඇමැතිවරයා අවශ්‍යතාවය පරිදි සමාගම මගින් සීනි තොග නිකුත් කෙරෙන බවත් පැවසීය.

අනුර බාලසූරිය


advertistmentadvertistment