සතොස ලොරි 43ක්ම දෙදෙනකුට

202

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත්ව තිබී විකිණූ ලොරි රථ 51න් 43ක්ම විකුණා ඇත්තේ ගැනුම්කරුවන් දෙදෙනකු වෙත පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

විවෘත වෙළෙඳපොළ මිල ගණන් කැඳවීම් මගින් 2023 වර්ෂයේ නොවැම්බර් මස සිට 2024 වර්ෂයේ ජනවාරි මස දක්වා කාලයේ දී මෙකී ලොරි රථ විකුණා තිබුණි. ලොරි රථ විකිණීමෙන් රුපියල් දහඅටකෝටි තිස්නව ලක්ෂ අසූපන්දහස් එකසිය හතළිස් නමයක මුදලක් ලබා ගෙන තිබුණි.

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත්කර තිබුණි. සංස්ථාව ඈවර කිරීමට 2024 සැප්තැම්බර් මස 02 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි. එහෙත් 2024 වර්ෂයේ ඔක්තෝබර් මස 31 වැනිදා වන විටත් අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කර නොතිබුණි.

ලලිත් චාමින්ද


advertistmentadvertistment