සනත් නන්දසිරි ගාන්ධර්වයාණෝ අද ලක්මවට සමුදෙති!

86

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ…..
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ….

හෙළ ගී මං පෙත සුපෝෂිත කළ සංගීත නිපුන් සම්මානිත මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණෝ අද (01 දා) සැඳෑසමයේ බොරැල්ල කනත්ත සුසානයේදී සඳහටම ලක් මවගෙන් සමුගන්නේය. ඒ මහතාගේ දේහය ඇඹුල්දෙණිය පිහිටි නිවසේ සිට අද පෙරවරුවේ රැගෙනවිත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සීමිත වේලාවක් තැන්පත් කර තැබෙන අතර එහිදී දේහයට බුහුමන් දැක්වීමට අවස්ථාව සැලසෙයි. ඉන් ඉක්බිතිව සවස 5.00 ට දේහය පිළිබඳව අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

සුනිල් සරත් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment