සනත් නිශාන්තගේ රියේ ගැටුණු යතුරුපැදිකරුට බරපතළයි

218

පුත්තලම නගරය ආසන්නයේදී ඉතුත් 15දා සවස රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය යතුරුපැදියක ගැටීමෙන් එහි රියැදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ පුත්තලම මුල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සිව් දරු පියකු බව පොලිසිය පවසයි. පුත්තලම කුරුණෑගල

මාර්ගයේ පුත්තලම නගරයට පැමිණෙමින් තිබූ රාජ්‍ය ඇමැතිවරයා රැගත් මොන්ටේරෝ ජීප් රථය එම දිශාවටම ගමන් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ ඩයිඩෝ වර්ගයේ යතුරුපැදියේ ගැටී ඇති බව පොලිසිය පවසයි. යතුරුපැදියේ රියැදුරු රාජ්‍ය ඇමැතිවරයාගේ ජීප් රථයේ ගැටී විසිවී ගොස් මාර්ගයේ වැටී ඇති බව කියයි.

බරපතළ තුවාල ලබා සිටි යතුරුපැදිකරු පුත්තලම මූලික රෝහලින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කර ඇති අතර තුවාලකරු යතුරුපැදියෙන් ජලය අලෙවි කිරීමේ නිරත වන්නෙකු බව පැවසේ.

අනතුර සිදු වන අවස්ථාවේ ඇමැතිවරයාගේ රියැදුරු ලෙස කටයුතු කළ පල්ලම වතුපොල පදිංචි 32 හැවිරිදි අයකු සමග ඇමැතිවරයාගෙ ජීප් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අමරනන්ද විජේසේකර – මහවැව
 

advertistmentadvertistment
advertistmentadvertistment