සන්ධිගත රෝග ජීවිතයට බලපාන අන්දම

214

වත්මන් සමාජය අප බොහෝ දෙනෙක් සන්ධිගත රෝගවලින් විවිධාකාර ලෙස පීඩාවට පත්ව ඇති අයුරු දැක ඇත. මේ සම්බන්ධව අපට අසන්න ලැබෙන පොදු වචනය “ආතරයිටිස්” (Arthritis) ලෙස හඳුන්වන්න පුළුවන්.

සන්ධියක් නිර්මාණය වීමට අස්ථි දෙකක් තිබිය යුතුය. එම අස්ථි දෙක ඝර්ෂණය නොවීමට ඒ අතර කාටිලේජ නම් සියුම් පටලයක් ඒ අතර ව්‍යුහාත්මකව නිර්මාණය වී ඇත. මෙහි ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වාගෙන යෑම සඳහා යම් කිසි තරලයකුත් අන්තර්ගත වෙනවා. යම් යම් හේතු සාධක නිසා කාටිලේජ ගෙවී යෑම, අස්ථි එකිනෙක ගැටීම නිසා මේ අතර ආසාදන තත්ත්ව ඇතිවීම පටන්ගන්නවා. එවිට ඇතිවන රසායනික ක්‍රියාවලිය සන්ධිය ඉදිමීම, වේදනාකාරී වීම, රත්පැහැ ගැන්වීම, ප්‍රදාහක තත්ත්ව ලෙස හඳුන්වනවා.

වයසින් අඩු අයට වඩා වයසින් වැඩි අවුරුදු 40 ත් 50 අතර අයට මෙය වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත. පිරිමි අයට වඩා ගැහැණු අයට මෙම සන්ධිගත රෝග වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව සොයාගෙන තියෙනවා.

අද පරීක්ෂණාත්මකව සොයා ගෙන ඇති ආකාරයට ආතරයිටිස් වර්ග 100කට අධික සංඛ්‍යාවක් පවතිනවා. මෙහිදී සමාජයේ බහුලව දැකිය හැකි ආතරයිටිස් වර්ග ලෙස ඔස්ටියෝ ආතරයිටිස්, රුමටොයිඩ් ආතරයිටිස්, සොරයිසිස් ආතරයිටිස්, ගවුට් ආතරයිටිස් වර්ග අපට දැකිය හැකි වනවා.

මෙවැනි රෝග ඇති වීමට හේතු සාධක

විටමින් D සමමිතිකව ප්‍රශස්ථ මට්ටමක පවත්වා නොගැනීම. එමගින් ප්‍රතිශක්ති කරන පද්ධතිය ස්වයං ක්‍රියාකාරී වී නිරෝගී පටකවලට හානි සිදු කිරීම නිසා ප්‍රදාහන තත්ත්ව ඇති වේ. විශේෂයෙන් රුමටෝයිස් ආතරයිටිස් (Rheumatoid Arthritis), සොරයිසිස් ආතරයිටිස් (Psoriatic Arthritis)

ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ඇතිවන අක්‍රමිකතා ‘ආම වාතය’ මෙයට ප්‍රධාන හේතුවකි. එනම් නොදිරවූ ආහාර ආන්ත්‍රික බිත්ති හරහා රුධිරගත වී සන්ධිවල තැන්පත් වීම.

සිදුවිය හැකි හදිසි අනතුරු පසුකාලීනව සන්ධිගත රෝගවලට ගොදුරු වීමේ අවදානම,

අධික තරබාරුව නිසා සන්ධි එකිනෙක ගැටීමෙන් ඇතිවන බලපෑම,

ආහාර රටාව, ක්ෂණික ආහාර, ග්ලූටන් අඩංගු ආහාර අධිකව ගැනීම, (පාන් පිටි ආහාර, කිරි ආහාර)

මානසික ආතතිය,

ඇතැම් බටහිර ඖෂධයන්හි ඇතිවන අතුරු ආබාධ නිසා,

හෝර්මෝන වෙනස්කම්,

(කාන්තාවන්ගේ ආර්තව හරණයේ ඇතිවන වෙනස්කම් නිසා ඇතිවන බලපෑම)

බාහිර පරිසරයට දක්වන ප්‍රතිචාරය,

නිසි ව්‍යායාම් නොමැතිකම,

රැකියාවේ නියැළෙන ඉරියව්ව,

පරම්පරාවේ ජානමය හේතු මත සන්ධි රෝග ඇති වීමේ අවදානම

සන්ධිගත රෝගයන්හි රෝග ලක්ෂණ,

ඔස්ටියෝ ආතරයිටිස්

ප්‍රධානව කාටිලේජ ගෙවීම නිසා සන්ධි ඉදිමීම, වේදනාව, උෂ්ණත්වය වැඩි වීම, අත් පාද ඇද වීම දැකිය හැක.

රුමටෝයිස් ආතරයිටිස්

ප්‍රතිශක්තිකරණය ස්වයංක්‍රීය වීම සාධක කොට සන්ධි ඉදිමීම, මැණික්කටුව, ඇඟිලි, වළලු කර ප්‍රධානව ශරීරය පුර සන්ධි වෙනස්වීමට ලක්වීම, උණ ඇතිවීම, කෑම අරුචිය, නින්ද නොයෑම, ගෝනුස්සන් අනිනවා මෙන් දැනෙන වේදනාව, නම්‍යශීලීතාවය නැතිවීම.

ගවුට් ආතරයිටිස්

රුධිරගත යූරින් ඇසිඩ් ප්‍රමාණය වැඩි වීම නිසා විශේෂයෙන් අතෙහි කුඩා ඇඟිලි පුරුක්වල හා පාදයේ මහපට ඇඟිලි පුරුකේ තැන්පත් වීම, ඉදිමීම, වේදනාකාරී වීම මෙහි රෝගී ලක්ෂණ වේ.

සොරයිසිස් ස්වආතරයිටිස්

ප්‍රතිශක්තීකරණය ස්වයංක්‍රීය වීම සාධක කොට සන්ධි ගත ඉදිමීම, වේදනාව මෙන්ම සමෙන් පොතු කබර රෝගී ලක්ෂණ ඇති වී කසන ගතිය, දැවිල්ල, වේදනාව, රතු ලප ඇතිවීම් හා ඒවා හි පොතු ගැලවී යෑම වැනි ලක්ෂණ දැකිය හැක.

සන්ධිගත රෝග නිසා අපේ ජීවිතයට වන බලපෑම

පුංචි සන්ධි වේදනාවකින් හටගත් සන්ධිය නොයෙක් රෝග ලක්ෂණ ඇතිකරමින් රෝග මූලය නොදැනුවත්වම වර්ධනය වීම මෙහිදී සිදු වනු ඇත. උදාහරණයක් ලෙස දණහිස් වේදනාව ක්‍රමක් ක්‍රමයෙන් ගෙවීමට ලක්වී ඇදවීමක් දක්වා යනු ඇත. ඇද වුණු දණහිස්, උකුල් ඇට සන්ධියකට ද බලපෑම් ඇතිකරනු ඇත. එතැනදී තෙරපෙන පේශි හා නහර නිසා කලවා සිටම පදය ඉදිමුණු ස්වභාවය අපට දැනගත හැකි වනු ඇත. එහිදී නහර තද වීම, වළලුකර ප්‍රදේශය ඉදිමුම, අවපැහයද වේදනාව වැඩිවීමට මෙහිදී සිදුවනු ඇත.

එපමණක් නොව ඇද වුණු පාදය උකුල් ප්‍රදේශයේ ඇතිකරන වෙනස් වීම කොන්දට බලපානු ඇත. එතැනදී සිදුවන වෙනස්කම් කොන්දේ කශේරුකා අතර පුරුක් වලට බලපෑම් ඇතිකරනු ඇත. එවිට කොන්දේ සිට පාද හරහා ඇතිවන වේදනාව හිරිවැටීමක් සමග ඇතිවේ. එය අපේ ශරීරය කායික හා මානසික දුර්වලතවයට ද පමුනවනු ඇත. මෙය බොහෝ දෙනකුට ඇතිවන තත්ත්වයකි.

ඒ වගේම තවත් උදාහරණයක් ලෙස බෙල්ලේ ඇතිවන කාටිලේජ ගෙවී යෑම නිසා ප්‍රතිකාරය රෝග මූලයට නොවුණහොත් ගෙවී යෑම කශේරුකා ගැටීමකට බලපානු ඇත. එතැනදී නහර හරහා හිස දෙසට රුධිර සැපයුම අදාළ වීම, හිසරදය ගෙන දෙනු ඇත. තවද එම නිසා කන්ඩරා පේශි තදවීම, අත දිගේ දැනෙන වේදනාව, ඇඟිලි හිරිවැටීම දක්වා ගෙන යනු ඇත.

හෝමියෝපති ප්‍රතිකාර,

සියලු සන්ධිගත රෝග මූලික ලක්ෂණ පටන්ගැනෙන්නේ වේදනාවට නොව රෝග මූලය යථා තත්ත්වයට පිළිසකර කර ගැනීම ඉතා වැදගත් ය. හෝමියෝපති ප්‍රතිකාරය එවැනි ප්‍රතිකාර ක්‍රමයකි. එහිදී දෙනු ලබන අභ්‍යන්තරික ඖෂධ රෝග මූලය ව්‍යුහාත්මකව මෙන්ම රසායනික වෙනස ද ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට ගෙන ඒමේදී ක්‍රම ක්‍රමයෙන් වේදනාව නැති වී යනු ඇත. සෛල අලුත්වීම නව ජවයක්, බලයක්, හැකියාවක් ශරීරය තුළ ගොඩනංවනු ඇත. එයට ප්‍රධාන හේතුව හෝමියෝපති ප්‍රතිකාර තුළ ප්‍රතිෂක්තිකරණ පද්ධතිය උත්තේජනය වීමයි.

එමෙන්ම දෙනු ලබන බාහිර ආලේපනය

(Artheritic Cure) කාටිලේජ පටක ගොඩනැඟීමට, ඇදය නැතිකරලීමට, නම්‍යශීලීතාවය ගෙන දීමට එහි අන්තර්ගත හෝමියෝපති ඖෂධීය ක්‍රියාවලිය වයස් භේදයකින් තොරව වයසක අම්මා තාත්තා කෙනකුගේද රෝගී තත්ත්වයෙන් මුදවාලීමට මහත් සේ බලපෑමක් ඇති කරනු ඇත.

සැලකිය යුතු කරුණු,

මේ සඳහා නොගයුතු ආහාර ලෙස කොස්, දෙල්, වම්බටු, මෑකරල්, අල, පරිප්පුද පිසින ලද අබ, අන්නාසි, පලතුරු, තක්කාලි නොගත යුතුය අතර විටමින් D අඩංගු බ්‍රෝකලි, මල්ගෝවා, ලින්නා මසුන් වැනි හිතකර ආහාර ද, GREEN TEA (කාටිලේජ් හානිය වළක්වන, සන්ධි අවට පටක, පේෂී ප්‍රදාහය වළක්වන) මෙවැනි ආහාර ගැනීම ඉතා සුදුසු වේ.

අතුරු ආබාධ කිසිවක් නොමැති මෙම ප්‍රතිකාරය තුළ ඉවසීම, අවබෝධය, විශ්වාසය ඔබව සන්ධි රෝගවලින් මිදී පූර්ණ සුවය ඔබට නිසැකවම ගෙන දෙනු ඇත.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0718250716 ඇමැතිය හැකිය.

සන්ධිගත රෝග ජීවිතයට බලපාන අන්දම

එච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස් පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.

advertistmentadvertistment
advertistmentadvertistment