සන්රයිසස් කණ්ඩායමට තරග 10 කින් දෙවැනි ජය

53

2021 අයිපීඑල් තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග 10 න් සිය දෙවැනි ජයග‍්‍රහණය වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පෙරේදා (27 දා)  සමත් විය.

 රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදී රැුස් කළ ලකුණු 164 ඉලක්කය පන්දුවාර 18.3 ක් තුළ පසුකර ගිය හයිද්‍රබාද් කී‍්‍රඩකයෝ කඩුලූ 7 කින් තරගය ජය ගත්හ.

 නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 51 ක් ලබා කණ්ඩායම ජයග‍්‍රහණය කරාගෙන ගිය අතර පන්දු 42 කදී ලකුණු 60 ක් ලැබූ ආරම්භක පිතිකරු ජේසන් රෝයි තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

 එම තරගය අවසන් වන විට සියලූම කණ්ඩායම් තරග 10 ක බැගින් සහභාගිව තිබූ අතර චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම එහි පෙරමුණේද, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයේද පසු වූවේය. ඔවුන් තරග 8 බැගින් ජයගෙන තිබූ අතර රෝයල් බැංගලෝර් කණ්ඩායම තරග 6 ක් ජයගෙන 5 වැනි ස්ථානයේ රැඳී සිටියේය.

 තරග 4 බැගින් ජයගත් කල්කටා නයිට්රයිඩර්ස්, පන්ජාබ් කිංග්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පිළිවෙළින් 4 වැනි, 5 වැනි, 6 වැනි සහ 7 වැනි ස්ථානයේ පසුවිය. හයිද්‍රාබාද් කණ්ඩායම අටවැනි ස්ථානයේ රැඳී සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment