සන්ෂයින් සුද්දා ඝාතනයකර ඇත්තේ ලක්‍ෂ 75ක කොන්ත‍්‍රාත්තුවකට: පාතාලයේ ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට

450

‘හරක්කටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලබාදුන් රුපියල් හැත්තෑපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තු මුදලකට සන්ෂයින් සුද්දා වෙඩි තබා ඝාතනය කළ ‘ටින්කර් ලසන්ත’ නමැති පාතාල අපරාධකරු කළුතර දියගම දී පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් පෙරේදා (25 වැනිදා) රාත‍්‍රියේ මිය ගියේය.

මෙම පාතාල අපරාධකරු සහ පොලිස් නිලධාරීන් අතර දියගමදී වෙඩි හුවමාරුවක් ද සිදු වී ඇති අතර එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

සන්ෂයින් සුද්දා ඝාතනයකර ඇත්තේ ලක්‍ෂ 75ක කොන්ත‍්‍රාත්තුවකට: පාතාලයේ ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට
සන්ෂයින් සුද්දා

සන්ෂයින් සුද්දා ඝාතනය ඇතුළු මිනීමැරුම් 3කට සහ තවත් අපරාධ ගණනාවකට සම්බන්ධ ‘ටින්කර් ලසන්ත’ නමැත්තා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මොරොන්තුඩුව පනාපිටිය ප‍්‍රදේශයේදී පෙරේදා සවස අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙරට පාතාලයේ ‘ගෝර්ඞ් ෆාදර්’ ලෙස හැඳින්වූ ‘මාකඳුරේ මධුෂ්’ගේ සහ ‘හරක්කටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතම ගෝලයකු බව කියන හේවාලූණුමිලගේ ලසන්ත හෙවත් ‘ටින්කර් ලසන්ත’ නමැත්තා 42 හැවිරිදි විවාහකයෙකි.

‘සන්ෂයින් සුද්දා’ ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය කළුතර දියගම ප‍්‍රදේශයේ සඟවා තිබෙන බවට හෙළිකළ තොරතුරක් මත ‘ටින්කර් ලසන්ත’ නමැත්තා එම ප‍්‍රදේශයට රැුගෙන යෑමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.

සන්ෂයින් සුද්දා ඝාතනයකර ඇත්තේ ලක්‍ෂ 75ක කොන්ත‍්‍රාත්තුවකට: පාතාලයේ ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට

ඒ අනුව පෙරේදා මධ්‍යම රාත‍්‍රියේ කළුතර දියගම ප‍්‍රදේශයේ ගුවන් පාලම ආසන්නයේ කැලෑ ප‍්‍රදේශයක් වෙත සැකකරු රැගෙන යද්දී සඟවා තිබූ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් රැගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.

එහිදී පොලිස් නිලධාරීන් එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් පාතාල මැරයා බරපතළ තුවාල ලබා තිබිණි.

ටින්කර් ලසන්ත එල්ල කළ ප‍්‍රහාරවලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද එහිදී තුවාල ලැබූහ.

පසුව පොලිසිය විසින් ටින්කර් ලසන්ත සහ තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා කළුතර නාගොඩ රෝහලට රැුගෙන ගොස් ඇත.

සන්ෂයින් සුද්දා ඝාතනයකර ඇත්තේ ලක්‍ෂ 75ක කොන්ත‍්‍රාත්තුවකට: පාතාලයේ ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට

එහිදී ටින්කර් ලසන්ත මියගොස් ඇති අතර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහලට ඇතුළත්කර තිබේ.

මෙම පාතාල අපරාධකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට යොදාගත් මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලය, ජීව උණ්ඩ 5 ක්, හිස් පතරොම් කොපු දෙකක් සහ ජීව අත්බෝම්බයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේදී රුපියල් කෝටි 40ක් පමණ වටිනා හෙරොයින් තොගයක් මීට ඉහතදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. හරක්කටාට අයත් මෙම හෙරොයින් තොගය පොලිසියට අල්ලා දීමට ඔත්තු ලබාදුන්නේ සන්ෂයින් සුද්දා විසින් බවට කටකතාවක් පැතිර ගොස් තිබිණි.

මෙම සිද්ධිය මුල් කරගෙන ඇති වූ ආරවුලක් මත සන්ෂයින් සුද්දා ඝාතනයට රුපියල් හැත්තෑපන්ලක්‍ෂයක කොන්ත‍්‍රාත් මුදලක් ටින්කර් ලසන්තට ලබාදීමට හරක්කටා කටයුතුකර ඇත.

මෙම කොන්ත‍්‍රාත් මුදලින් රුපියල් ලක්‍ෂ 50 ක් මුලින් ලබා දී ඇති අතර ඉතිරි මුදල ඝාතනයෙන් පසු ලබාදීමට කටයුතුකර තිබූ බව ලසන්ත මිය යෑමට පෙර ප‍්‍රකාශකර ඇත.

මිනිස් ඝාතනවලට අමතරව මහා පරිමාණ හෙරොයින් ජාවාරම්, ගිනිඅවි පෙන්වා මරණ තර්ජනකර කොල්ලකෑම් 11ක් සිදුකිරීම සම්බන්ධයෙන් ද ටින්කර් ලසන්තට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් කළුතර නියෝජ්‍ය පොලිස්පති එල්. ඒ. යූ. සරත් කුමාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස, සහකාර පොලිස් අධිකාරිවරුන් වන දුමින්ද රාජපක්‍ෂ, ජගත් විජේසුන්දර, ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. ආර්. සනත් කුමාර, පොලිස් පරීක්‍ෂක සුජිත් සිල්වා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් ¥ෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උ. පො.ප. නුවන් කෝරලගේ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ඉන්දික මුණසිංහ, සැරයන්වරුන්වන ධර්මසේන (12980), සුසිල් (45783), ඉන්දික (60015), ගුණවර්ධන (448117), සරත් (49251), රත්නායක (37109), කිත්සිරි (79431), අසංක (40332), ප‍්‍රියසාද් (91332), පොලිස් රියැදුරු අමල් (89882), කිත්සිරි (36218) නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු, ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක, විජයසිරි විiාසේකර

advertistmentadvertistment
advertistmentadvertistment