සඳහිරු සෑ චූඩා මාණික්‍යය සහ කොත් වහන්සේ ප‍්‍රදර්ශනය ගංගාරාම විහාරයෙන් ඇරැඹේ

389

සඳහිරු සෑයේ චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ ප‍්‍රදර්ශනය කිරීම මහා –සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඉකුත් 05 වැනිදා ආරම්භ විය.

 මෙම පූජනීය වස්තූන් රැගත් රථ පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි අතර එහිදී හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ආගමික වතාවත් පැවැත්විණි.

 ඒ අනුව චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ හෙට (8 වැනිදා* දක්වා ගංගාරාම විහාරස්ථානයේදී ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා ප‍්‍රදර්ශනය කෙරේ. අනතුරුව එම වස්තූන් රැුගත් පෙරහැර දින 47 ක් පුරා සංචාරය කරමින් දිවයින පුරා දිස්ත‍්‍රික්ක 18 ක් ආවරණය වන පරිදි විහාරස්ථාන 48 කට පැමිණෙනු ඇත.

 මෙම උත්තරීතර පුණ්‍යකර්මයේ ප‍්‍රධාන පුරෝගාමියකු වන ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික* මහතා ද මෙහිදී මෙම පූජනීය වස්තූන් වන්දනා කර ගත්තේය.

 සඳහිරු සෑ කොත් වහන්සේගේ මුදුනත තැන්පත් කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම චූඩා මාණික්‍යය පූජා කරන ලද කීර්තිමත් ව්‍යාපාරිකයකු වන ආතර් සේනානායක මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment