සඳ එළිය දග දවස් කාව්‍යයෙහි නිරූපිත යථාර්ථවාදී රීතිය

217

අනුභූතීන්ගේ ඝට්ටනයෙන් උත්පාදනය වන්නා වූ සිතුවිලි හේතුවෙන් ස්ව මනස ව්‍යාකූලත්වයට පත් වීමට ඉඩ නොදී සමවාය සම්බන්ධය සහිතව ප‍්‍රති නිර්මාණය කෙරෙන කවිය වනාහි නිවහල් සිතුවිල්ලකි. එය සහෘද ජනයා වෙත ද විමුක්ති සුවයක් ලබා දීමට සමත් නැතහොත් වෙහෙසකර මානසික ස්වභාවයන්ගෙන් ඔවුන්ව ද මුදාලිය යුතු භාෂාත්මක ප‍්‍රයෝගයෙන් හා පරිකල්පන ශක්තියෙන් අනූනව ඉදිරිපත් කිරීම වඩාත් උචිත වේ. පුරාණ කාව්‍ය විචාරකයන් විසින් රසය හා අර්ථය මිශ‍්‍ර නිර්මාණයන් කාව්‍ය වේ යැයි විග‍්‍රහ කළේ එබැවිනි. එහිදී වස්තු වෛචිත්‍ය විෂයෙහි පවත්නා කවියාගේ ශක්‍යතාව ප‍්‍රබල වූවක් වේ. නමුදු එකී ශක්‍යතාව කෙතරම් ප‍්‍රබල වූව ද එය ග‍්‍රහණය කර ගැනීමේ දී සහෘදයා වෙහෙසට පත් වන්නේ නම් නිර්මාණාත්මක ගුණය හීන නො වූව ද එහි වින්දනාත්මක අවකාශය සීමා සහිත වේ. එය එක් සහෘද කාණ්ඩයක් නියෝජනය කරන්නක් බවට ද පත් වනු ඇත.

 මෙකී අභියෝගයට පිළිතුරු සැපයූ කවියෙකු වශයෙන් චමින්ද උඩවෙල අපට හඳුනාගත හැකි ය. ඒ ඔහුගේ සඳ එළිය දඟ දවස් කාව්‍ය සංග‍්‍රහය අධ්‍යනය කිරීමෙන් ය. ඔහු නිරායාසයෙන්ම සහෘද මනසෙහි චිත්ත රූප ජනනයට සවිමත් නාට්‍යානුසාරී ආකෘතියක් සිය කාව්‍යකරණයට යොදා ගෙන තිබීම සුවිශේෂී වේ. සිංහල කවියට දෘශ්‍ය කාව්‍ය ආකෘතියක් පැළඳ වූ අයුරක් එහිදී විද්‍යමාන වේ.

 තත් ප‍්‍රයත්නයේදී කවියෙහි ප‍්‍රධාන පරමාර්ථයන්ට හානිදායක වන කිසිවක් සිදු නොකිරීමට ඔහු වග බලා ගනියි. එනම් පරහිත ලැදිව සමාජ ශෝධනය පිණිස පුද්ගලයාව මෙහෙයවීමට සමත් චින්තනමය හා භාවිතමය විපල්වයක් කළ හැකි වූ ද රාමුගත

 දෘෂ්ටින්ගෙන් වියුක්ත වූ ද නිර්මාණයන් කර තිබීමයි. ඒ සඳහා ‘‘අතහැරුණු සෙල්ලිපියක තිබූ අතවැසියාගේ නඩුව” මැයෙන් විරචිත කාව්‍ය පන්තිය නිදසුන් සපයයි.

 තුටින් ඔද වැඞී රජතුමෝ
 රනින් කහවුණු දුන්නලූ
 තාත්තාම හිස අරන් ගිය වග
 අඳුනගත් උන් හිටියලූ

 බලන් ඉඳලා පලක් නැති තැන
 අම්මවත් ඉස්සර කරන්
 ගියා වාසල සොයාගෙන අපි
 හඬා තෙමූ සළුපිළි ඇඳන්
 රජුන් බැහැදැක ගන්න අවසර
 වාසලේ දොරටුව ළගින්
 තෙවැනි සිල් පදයත් කැඩුවා
 දුවේ ආපහු යං කියද්දිත්

 කිසිම පුස්කොළ පොතක ලියැවී
 නැතිලූ මඟියාගේ නමක්
 හිසක් දන්දුන් රජෙක් ගැන ඇත
 ලියවිලා පත්තිරු ගොඩක්

 ඓතිහාසික කතා ප‍්‍රවෘත්තියක් ගිරි ශිඛරයක මුදුනත හිඳ නිරීක්ෂණය කළ නිවහල් චින්තනධාරියෙකුගේ නිර්මාණයක් ලෙස එම කව හඳුනා

 ගැනීමට සිත් වේ. දස සක්විතිවත් පිරූ බෝසත් ගුණෝපේත සිරිසඟ බෝ රජුන් රාජ්‍ය අතහැර ගොස් සිටියදී නිර්ලෝභීව හිස දන් දුන් පුවත අප අසා ඇත්තෙමු. මගියෙකුගේ කුසත් හිස සිඳ එන ලෙස නියෝග කළ රජුගේ හිතත් පිනවීම පිණිස එය සිදු කර ඇත. එහෙයින් එතුමන් හෙළ බොදු දනන් මන සුපහන් කළ උතුමෙකු වශයෙන් වන්දනීයත්වයට පත්ව තිබේ. උක්ත නිර්මාණයේදී එම හිස රැුගෙන ගිය මගියා පිළිබඳවත් එයින් පසු ඔහුගේ බිරිඳ හා දරුවන් මුහුණ දුන් කටුක පීඩනයත් එම පුවත සමාජය විඳින ආකාරයත් වස්තු බීජයට ගෙන ඇත.

 දවාලට බත් මුලත් අරගෙන
 තාත්තා කොහේ දෝ ගිහින්
 අම්මගෙන් ඇහුවත් කිව්වේ නෑ
 දවස් හත අටකුත් ගිහින්

 අම්මා වැලහින්නක් වගේ
 හඬා වැළපෙයි ගම වටේ
 ගමේත් තැන් තැන්වල වගේ
 කයිකතන්දර නම් ඇසේ

 ඔයෙන් අත්තනගල්ල ගිය වග
 කුඹල් ගමේ උන් දැක්කලූ
 හත්තිකුච්චිය පැත්තේ ඉඳලා
 හිසක් ගත් මඟියෙක් ගියාලූ

 මුල් පද්‍යන්ගෙන් හිස රැුගෙන ගිය මගියා පිළිබඳව තොරතුරක් හොයමින් වෙහෙසන ඔහුගේ බිරිඳගෙත් දියණියගෙත් ශෝකාන්විත ඉරණම අනුවේදනීය වදන් භාවිතයෙන් සහෘදයාව සහකම්පනයට පත්කරවයි. මගියා හිස රැුගෙන ගිය බව ගම්මුන් අතර ප‍්‍රචලිත වූවත් ඉන් පසු ඔහු පිළිබඳ ආරංචියක් නොමැත. ඉන් අසරණ වූයේ ඔහුගේ කුටුම්බයයි. මෙහිදී ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු සොයා ගැන්ම විමසුමට සහයක් යැයි මාගේ විශ්වාසයයි.

 සිරිසඟ බෝ කවුරුන්ද? යන්න පළමු පැනයයි. රාජ්‍යත්වය අත්හළ දැහැමි රජකෙනෙකි. මගියාට ඔහුගේ හිස කුමටද? දෙවැනි පැනයයි. රජුගෙන් රන් කහවුණු ලැබීම පිණිස යි. මගියා සිරිසග බෝ දැන සිටියාද? තෙවැනි පැනයයි. රාජ නියෝගය අනුව කහවණු පිණිස හිස ඉල්ලූවේ දැන සිටි හෙයින් ය.

 රජුන් බැහැදැක ගන්න අවසර
 වාසලේ දොරටුව ළගින්
 තෙවැනි සිල් පදයත් කැඩුවා
 දුවේ ආපහු යං කියද්දිත්

 අවසන් පැදි පෙළේ අන්තර්ගත අර්ථය දේශපාලනික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන් ද සුවිශේෂි උපදේශයක් සපයන්නකි. එහි අන්‍යොන්‍ය සබඳතාවන්ගෙන් වියුක්ත කේවල වශයෙන් සාධූත්වයට හෝ අසාධූත්වයට පත්වන්නන් නොමැති බව ජනනය කරවයි. ඇතැමුන් සාර්ථකත්වයදි සියලූ බුහුමන් ස්ව සන්තක කරගැනීමට වෙර දරතත් අසාර්ථකත්වයේදී සියල්ලම බෙදා ගැනීමට යොමු වේ. පාලකයන් පමණක් නොව සමස්තයම එසේ ය.

 සිරිසඟ බෝ ඉතිහාසගත වූයේ ඔහුට එදිරිව පිරිසක් සිටි බැවිනි. මගියාට ඔහුව හමූ වූයේ නැතිනම් අදටත් සිරිසඟ බෝ ඉපිද මිය ගිය එක් මිනිසෙකු පමණය. සාර්ථකත්වය පිණිස පිය මනින ගමනකදි ජීවි අජීවි සියල්ලක්ම මිත‍්‍රයන් ය. එහිලා සතුරු මිතුරු බේදයක් නොමැත. එලෙස සිතිය හැකි නම් වේදනා හැඟීම් මාත‍්‍රයකදු මිනිස් හදක නූපදිනු ඇත. අනෙක් අර්ථය නම් ලොව වන්දනීය කිරුළු පසුපස හැළුණ ලේ දහදිය කඳුළු අපරිමිත බවයි. නමුදු රැුල්ලට හසුව යන ගමනක ස්මරණයෙහි

 රැුඳෙන්නේ සාරය නොව ආටෝපයම පමණි. අවසන් පැදි පෙළ එයට සාක්ෂි සපයයි.

 කිසිම පුස්කොල පොතක ලියැවී
 නැතිලූ මගියාගේ නමක්
 හිසක් දන්දුන් රජෙක් ගැන ඇත
 ලියවිලා පත්තිරු ගොඩාක්

 නමුදු කවියා අවසන යොදන යෙදුමෙන් කවියෙහි තීව‍්‍රතාව හීන වේ. හිසක් දන් දුන් රජෙකු ගැන පත්තිරු ගොඩාක් ලියවීම සාධාරණ කරුණක් වන බැවිනි. මන්ද යත් ජනතාවගේ හිසම උදුරා රාජ සුව විඳිනු ලබන්නවුන් අතර එබඳු රජවරුන් දුබල හෙයිනි. එහෙත් වෙනත් මානයකින් කවිය දෙස බැලීමේදී අදෘශ්‍යමාන සමාජ යථාර්ථයක් කවියා ප‍්‍රකට කර වූ බව පැහැදිලි වේ. එනම් සාධූත්වය හෝ වීරත්වය මිහිදන් කොට එයම වර්ණිත කරමින් සමාජ සහසිකත්වය සඟවන දේශපාලනික කූටෝපයන් නිරුවත් කර දැමීම යි. මෙහිදී කවියා

 මගියාගේ දියණිය ලවා කියවන එම අතීත කතාව සියැසින් නැරඹන පේ‍්‍රක්ෂක පිරිසක් බවට සහෘදයාව පත් කරවන්නේ අපූර්ව ආකාරයෙනි.

 ඩබ්ලියූ. ඒ. අබේසිංහයන් ‘‘තුන්වැනි ලෝකයේ නව කවිය” පිළිබඳ විමර්ශනයේදී මෙබඳු සංකල්පයක් ඉදිරිපත් කරනු ලබයි. ‘‘තුන්වැනි ලෝකයේ නව කවිය විමසා බලන විට මූලික අවධීන් දෙකක් දැක්ක හැකිය. ඉන් පළමු වැන්න, ස්වරාජ්‍ය අරගලය හෙවත් නිදහස් සටන හා බැඳුණු කවියේ මුල් අවස්ථාවයි. දෙවැන්න, සමාජ සාධාරණය සඳහා වන නන්විධ සමාජ දේශපාලන ව්‍යාපාර හා බැඳුණු කවියේ දෙවැනි අවස්ථාවයි. (කවිය, ගීතය හා සමාජය. පිටු 213) මෙහි දෙවැනි අවධිය චමින්ද උඩවෙල නියෝජනය කරන බැව් ඉහත විමසන ලද ඔහුගේ කාව්‍යය සංකල්පයන්ගෙන් ප‍්‍රකට වේ.

 ‘‘කජු ළඳක්” මැයෙන් රචිත නිර්මාණයේ දී ද ඔහු තම මතවාදය නැවත වරක් කරලිය වෙත ගෙන ඒමට සමත් වෙයි. එහිදී දිළින්දන් කෙරෙහි දක්වනු ලබන ධනපති පාන්තිකයන්ගේ දැක්ම උපහාසත්මක යෙදුම් මඟින් නිර්දය ලෙස විවේචනය කරනු ලබන්නේ නිර්ධන පාන්තිකයන් පිළිබඳව සානුකම්පිත හැඟීමක්ද සහෘද මනසෙහි උපදවමිනි.

 පොහොසත් නෝනලා කජු මිල හෙට්ටු කළා
 රුපියලකට දෙකට සීලය              යටකරලා
 එයාලගේ මහත්තුරු නැති කරුණා        පාලා
 කැරකෙන ගමන් මගෙ පිටටත් තට්ටු      කළා

 ශ‍්‍රමය පමණක් නොව ශරීරය පවා ජීවත් වීම පිණිස අල්ප අගයකට ලන්සුවෙහි තබන පිරිසක් වශයෙන් සැළකීමේ ඉහළ පැලැන්තියේ පහත් මානසික ගති ලක්ෂණයන් කාව්‍යත්මකව නිරූපණය කිරීමට උඩවෙල කවියා සමත්ව තිබේ. ලන්සු වීමෙන් මඳ අස්වැසිල්ලක් ස්වකීය ජීවිතයට ලබා ගත්ත ද ආධ්‍යාත්මය පුරා පැතිර ඇති දුක්ඛිත භාවය පහත පැදි පෙලෙන් ප‍්‍රකාශිත වේ.

 කජු ගමට ම උපන් සිරියාවන්ති කොට
 හරි ආඩම්බරයි අම්මට           තාත්තට
 මා හිනැහුණත් ඒ තුටු සිත්දකින කොට
 මට මා අහිමි බව නිතරම හැෙඟයි මට

 කජු ලිය හරහා කවියා සාකච්ඡුාවට බඳුන් කරනුයේ සමස්ත නිර්ධන පාන්තික ජීවිතයන්හි දුක්ඛ දායික ඉරණම නොවේද? පොදු අනුභූතියක් ඉසියුම්ව නිරීක්ෂණය කරමින් ඉදිරිපත් කරන සමාජීය යථාර්ථය කවියාගේ පරිකල්පන ශක්තියට සාක්ෂි සපයයි. එමෙන්ම එහිදී සඳැස් ආකෘතිය භාවිතයට ගැන්ම ද ආකෘතිමය අතින් ඔහු සුපෝෂිත බව හඟවන්නකි. එයින් කාව්‍යකරණය විෂයෙහි අවශ්‍ය ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය ආදියෙන් ඔහු ඉදිරියෙන් සිටින බැව් ගම්‍යමාන වේ.

 * තැන්නහේනේ නාගිත හිමි.
 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment