සපුගස්කන්ද නැවතුනත් ඉන්ධන හිඟයක් නෑ – තෙල් සංස්ථා සභාපති

156

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළත් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැතැයි තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (14දා) පැවැසීය.

මේ වන විට රටේ අවශ්‍යතාවයට සරිලන ඉන්ධන ප‍්‍රමාණයක් ඇති බවත් ඒවා අවසන් වනවිට ඉන්ධන අඛණ්ඩව සැපයීමට අවශ්‍ය පියවර අමාත්‍යාංශයක් ලෙස අරගෙන තිබෙන බවත් ඔහු කීය.

මේ සම්බන්ධයෙන් අද (15දා) සවස අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රටට කරුණු ඉදිරිපත් කරන බවද සභාපතිවරයා පැවැසීය. සපුගස්කන්ද පිරිපහදුව මගින් මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් සියයට 40 ක් සපයන ලදී.

මේ සම්බන්ධයෙන් අද (15 දා) රටට කරුණු ඉදිරිපත් කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවැසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment