සබරගමුව පළාතේ මැණික් සම්පත සහ සංචාරක ස්ථානයන් සහ අධ්‍යාපනික අංශ නඟා සිටුවීම පිළිබඳ කැනේඩියානු රජයේ අවධානය යොමුවී ඇත.
සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ කැනේඩියානු මහ කොමසාරිස් Eric Walsh අතර හමුවක් ඉකුත් 19 දා රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.
එහිදී සබරගමු පළාතේ මැණික්, සංචාරක, අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා වූ ප්‍රවේශයන් පිළිබඳව අවධානය යොමුවිය. සබරගමුව විශ්වවිද්‍යාලය සහ පළාතේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන උන්නතියට අදාළවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. සබරගමුව පළාත තුළ පවතින විභවයන් රටේ සංවර්ධන ක්‍රියාවලිය හා බද්ධ කිරීම සඳහා වූ ක්‍රමෝපායන් පිළිබඳවද මෙහිදී අවධානයට ලක් විය.
මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ලේකම් දර්ශන සමරසේකර, සහකාර ආණ්ඩුකාර ලේකම් ඉසුරි රත්නායක, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරි ඉන්දිරානි ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වැලිගෙපොල – අජිත් වීරසිංහ