ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය දායකත්වය මත රත්නපුර මොනරවිල ප්‍රදේශයේ ඉදිකළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරිණි.
මෙම ක්‍රීඩාංගණය මගින් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක ඇතුළු සබරගමුව පළාතේ ක්‍රිකට් සංගම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය කුසලතා වර්ධනය කර ගැනීමේ අවස්ථාව හිමිවේ. එමෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්වීමට ද අවස්ථාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදුකළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරීන්, සබරගමුව පළාතේ ක්‍රිකට් සංගම්වල නිලධාරීන්, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම වර්තමාන විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන වනිදු හසරංග ඇතුළු ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඒ සඳහා ආරාධිතයන් පැමිණෙන අයුරු හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක විසින් නව ක්‍රීඩා පිටියේදී පන්දුවක් යොමු කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.