ජනපතිවරයා පිහිනීමට කැමති පුද්ගලයෙක් වන අතර කාර්යබහුලත්වයෙන් මිදුණු පසු ඔහු මීටර් දාහක දුරකට පිහිනා යයි. එසේම ඔහු රුසියානු ලේඛකයන්ගේ පොත්වලට මහත් කැමැත්තක් දක්වයි. රජයේ ප්‍රධාන ප්‍රතිපත්ති ලේඛනවල සෑම කෙටුම්පතක්ම ජනපතිවරයා පුද්ගලිකව සමාලෝචනය කරයි, වාක්‍යයෙන් වාක්‍යය කියවන බව පැවසේ. ෂී ජින්පිංට සමීප මූලාශ්‍ර පවසන්නේ ඔහු වෙත ඉදිරිපත් කරන ලද සියලුම වාර්තා වෙලාව පසුවී රාත්රියේදී ලබා දුන්නද පසුදා උදෑසන අවශ්‍ය උපදෙස් සහිතව ආපසු ලබා දෙන බවයි. ජනපතිට ඉන්නේ එක් දියණියක් පමණි. ඇය හාවඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි.
බොහෝ අය තවමත් උපකල්පනය කරන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෝකයේ බලවත්ම පුද්ගලයා බවයි. නමුත් ඇත්ත එය නොවේ. සුප්‍රකට ටයිම් සඟරාව පවසන පරිදි ලොව බලවතා වීම එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට බලය අහිමි වී ඇති අතර එය චීනයේ ජනාධිපතිවරයා විසින් අත්පත් කරගෙන තිබේ.
ෂී ජින්පිං 2013 දී එරට ජනාධිපති වීමෙන් පසුව චීනය ඔහුගේම කර ගත්තේය. ෂී ගේ චීනයේ පරිවර්තනය ආරම්භ වූයේ දූෂණයට එරෙහි ව්‍යාපාරයක් සමඟින්ය. බලයට පත්වීමෙන් පසු නිලධාරීන් මිලියන 1.5 කට දඬුවම් කළේය. ඉහළ නායකත්ව නිලයන් හත් දෙනකු (එනම්, දේශපාලන මණ්ඩලය සහ ඇමැතිවරුන්) මෙන්ම ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරුන් දුසිම් දෙකක් ද මෙයට ඇතුළත් විය. එමෙනම් ප්‍රධාන පෙළේ නිලධාරීන් දෙදෙනකුට මරණ දඬුවම නියම විය. මේ හරහා ජනපතිවරයා බලවත් වූ අතර චීන ජනතාව අතර ප්රබලයෙකු ලෙස ප්‍රකට විය. අද ෂී ජින්පිං ජනපතිවරයා නව මාඕ බවට පත්වීමේ ඔහුගේ ඉලක්කය අභිබවා ගොස් ඇත. 2021 නොවැම්බරයේදී, කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව “පක්ෂ මධ්‍යම කාරක සභාව සහ සමස්තයක් ලෙස පක්ෂය තුළ ෂී ජින්පිං ජනපතිවරයාගේ මූලික ස්ථාවරය අධිෂ්ඨානශීලීව තහවුරු කරන” යෝජනාවක් සම්මත කරන ලදී. ඉතිහාසය අනුව බලන කල කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙවැනි යෝජනාවක් සම්මත කළේ තුන්වැනි වතාවටය. ඇත්තෙන්ම මෙම යෝජනාවෙන් ෂී සභාපති මාඕට සමාන නොවේ – ඔහු ඔහුට වඩා උසස් ය.
ෂී ජින්පිං ට පෙර චීනයේ නායකයන් ගේ ධුර කාලය වාර දෙකකට සීමා විය. 2018 දී එම සීමාව වෙනස් වූ විට, ඔහු, සභාපති මාඕගෙන් පසු එරට බිහිවූ පෙර නොවූ විරූ චරිතයක් බවට පරිවර්තනය කළේය. එම නිසාම පසුගිය සිකුරාදා චීනයේ ජනාධිපති ලෙස ඓතිහාසික තෙවන ධුර කාලය ආරම්භ කළේය. එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගනිමින් හැටනව හැවිරිදි ෂී ජින්පිං චීනයේ ප්‍රමුඛතම නායකයා ලෙස බලය තහවුරු කර ගැනීම ලෝක මාධ්‍යයේ ප්රමුඛ පුවතක් විය. රාජ්‍ය විරෝධී විරෝධතා අවුලුවා ලූ ඔහුගේ ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියෙන් පසු චීනය නැවත විවෘත කිරීම ෂී ජින්පින්ගේ පාලනය ශක්තිමත් කර තිබේ. චීන ජනපතිවරයා ඉමහත් බලවතෙක් වන්නේ ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා වීමෙනි. 1949 ඔක්තෝබර් 01 වැනිදා සිට චීනය පාලනය කරනු ලබන්නේ තනි පක්ෂයක් විසිනි. එනම් චීන කොමියුනිස්ට් පක්ෂය විසිනි. මාඕ සේතුං යුගයේ සිට අද මහා ආර්ථික බලවතෙකු වීම දක්වා ගමනට පක්ෂය නායකත්වය දී තිබේ. ඒ අතර විපක්ෂයකට සහ වෙනස් මතයන්ට ඉඩක් නොතැබීමට ද වග බලා ගැනිණි. චීනයේ ජනගහනයෙන් 7% ක් පමණ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ වෙති. දේශපාලන, ව්‍යාපාර හෝ විනෝදාස්වාද ක්ෂේත්රයේ පවා යමෙකුට ඉහළට යෑමට අවශ්‍ය නම් පක්ෂපාතී සාමාජිකත්වය අනිවාර්ය වේ. අන්තර්ජාල වෙළෙඳාමේ පතාකයෙකු වන ‘අලිබබා‘ සමාගමේ නිර්මාතෘ ජැක් මා, ‘හුවාවි’ ජංගම දුරකථන සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි හෝ නිළි ෆැන් බින්ග්බින්ග් වැනි තරුවලට ද එය පොදු තත්ත්වයකි. ආණ්ඩුවේ පටන් හමුදාවේ සිට පොලිසිය දක්වා රටේ සියල්ලම පාලනය කරනු ලබන්නේ කොමියුනිස්ට් පක්ෂය විසිනි. චීන ජනතාවගේ එදිනෙදා ජීවිතයේ බොහෝ දේ ඩිජිටල්කරණය කර ඇති බැවින් එරට වැසියන් පිළිබඳ දැඩි නිරීක්ෂණයෙන් පසු වීමට ආණ්ඩුවට ඉඩ ලැබී තිබේ.
සිකුරාදා දිනයේ දකුණු අත ඔසවාගෙන ජනපති දිවුරුම් දුන් ෂී ප්‍රකාශ කළේ කුමක්ද? තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ “මව්බිමට” පක්ෂපාතී වන අතර “සෞභාග්‍යමත්, ශක්තිමත්, ප්රජාතන්ත්රවාදී, ශිෂ්ට සම්පන්න, සුහද සහ සුන්දර නූතන සමාජවාදී රටක් ගොඩනැගීමට වෙහෙස මහන්සි වන බවටත් පොරොන්දු විය. 1949 මහජන ජනරජය පිහිටුවීමෙන් පසු චීනයේ නායක අනුප්‍රාප්තිය සඳහා ගත් බොහෝ උත්සාහයන් අසාර්ථක වී තිබෙන බව ඉතිහාසය කියයි. මාඕ සේතුං ගේ ආශිවාදලත් අනුප්‍රාප්තිකයා වූ ලියු ෂාඕකි 1969 දී සිරගෙදරදී මරණයට පත්විය. ඔහුගේ මීළඟ තේරීම වූ ආරක්ෂක අමාත්‍ය ලින් බියාඕ කුමන්ත්‍රණයකට උත්සාහ කිරීමෙන් පසු 1971 දී රටින් පලා යෑමට තැත් කරද්දී අභිරහස් ගුවන් අනතුරකින් මිය ගියේය. නමුත් ඒවා ෂී ජින්පිං ට අදාළ නැත. ඔහු වඩා හොඳින් බලය තහවුරු කරගෙන තිබේ. 2017 දී “ෂී ජින්පිං සංකල්පය” ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා ඒකමතිකව තීන්දු කෙරුණේ චීනයේ වඩාත් වැදගත්ම දේශපාලන හමුව ලෙස සැලකෙන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය අවසානයේදීය. එවන් කටයුත්තක් මීට පෙර සිදුකර තිබුණේ මාවෝ සේතුං පමණි. නමුත් දැන් 2023 දී ඔහු මාවෝ සේතුං පසුකර තිබේ. ඇත්තෙන්ම ඔහුට ජීවිතයේ අවසානය තෙක්ම ජනපති ධුරයේ රැඳී සිටිය හැකිය. 1990 ගණන්වල සිට චීනය සිය ජනාධිපතිවරයාට වාර දෙකක සීමාවක් පනවා තිබුණි. නමුත් 2018 දී එම සීමාව ඉවත්කරනු ලැබුවේ චීන ජනපතිවරයාට තෙවරක් හෝ සිව්වරක් ජනපති පුටුවේ රැඳී සිටීම සඳහා අවශ්‍ය අවසරය ලබා දීමටය.
‘එකම තීරයක් – එකම මාවතක්‘ යනු චීන දේශසීමා සහ යුරෝපය හරහා වැටී තිබූ ඓතිහාසික සේද මාවත යළි පණ ගැන්වීමේ උත්සාහයයි. එම සංකල්පය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ චීන ජනාධිපති ෂී ජින්පින් විසිනි. එය ඔහුගේ ප්‍රමුඛතම සැලසුම බව රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ වරාය නගර ව්‍යාපෘතියද එහි කොටසකි. නව සේද මාවත ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය – සහ තවත් බොහෝ දේ ලතින් ඇමරිකාව දක්වා විහිදේ. එය ස්පර්ශ වන සෑම තැනකම යටිතල පහසුකම් සංවර්ධනය, වෙළෙඳාම පුළුල් කිරීම සහ ප්‍රවාහන මාධ්‍ය සඳහා ආයෝජන සිදු කරනු ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකාව සිය බල ව්‍යාපෘතිය ලොව පුරා දියත්කරනු පිණිස මාෂල් සැලැස්ම සඳහා අනුමත කරනු ලැබීය. නමුත් ඒ සඳහා වැය කළේ ඩොලර් බිලියන 12.4 ක් පමණි – අද ‘එකම තීරයක් – එකම මාවතක්‘ වෙනුවෙන් ඩොලර් බිලියන 139 ක් හෝ චීනය ආයෝජනය කර ඇත. මේ සඳහා ඩොලර් ටි්රලියනයක් වුවත් ආයෝජනයට චීනය සූදානම්ය. ‘එක් තීරයක් – එක් මාවතක්’ ක්‍රියාකාරී සැලැස්මට 2015 වසරේදී චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි. එය ප්‍රධාන කොටස් 2 කින් සමන්විත වූවකි. එකක් සේද මාවත ආර්ථික තීරුවය. අනෙක 21 වැනි සියවසේ සමුදුරු සේද මාවතය. සේද මාවත ආර්ථික තීරය මාර්ග 3ක් ඔස්සේ දිග හැරේ. ඒ මධ්‍යම ආසියාව හරහා යුරෝපයත් බටහිර ආසියාව හරහා පර්සියානු ගල්ෆ් කලාපය හා මධ්‍යධරණී කලාපයත්, දකුණු ආසියාව හරහා ඉන්දීය සාගරයත් චීනයට සම්බන්ධ කරමිනි. 21 වැනි සියවසේ සමුදුරු සේද මාවත මඟින් කලාපීය වාරිමාර්ග අතර සම්බන්ධීකරණයක් ගොඩනැඟීම අපේක්ෂාවය. මෙම ක්‍රියාකාරී සැලැස්මට රටවල් 60කට වැඩි සංඛ්‍යාවක සහයෝගීතාව පළවී ඇති අතර එම රටවල සමස්ත දළ ජාතික නිෂ්පාදනය ඇ. ඩො. ටි්රලියන 21 කි. චීනය හා එම රටවල් අතර මේ වනවිටත් ගනුදෙනු 900ක් පමණ ක්‍රියාත්මකය. ‘එකම තීරයක් – එකම මාවතක්’ 2049 දක්වාම ක්‍රියාත්මක වනු ඇත.
ලෝකයේ බලවත්ම නායකයා වුවත් ෂී ජින්පිංට පිළිබඳව බටහිර ජනයා නොදන්නා තරම් ය: මේ බව කියන්නේ ටයිම් සඟරාවයි. ඔහුගේ බිරිඳ පෙන්ග් ලියුආන් ඉතා දක්ෂ ගායිකාවක් වන අතර, චීනයේ ජෙනිෆර් ලෝපෙස් හෝ බියොන්සේ එක්සත් ජනපදයේ සිටින තරමටම ප්‍රසිද්ධියට පත් වූවා සේම ඔහුගේ පියා දලයි ලාමාගේ සහ උයිගුර්වරුන්ගේ මිතුරෙකු වූ නමුත් ෂී ජින්පින් වෙනස් පුද්ගලයෙකි. චීනයේ බිලියන 1.4 ක ජනතාව අතර පළමුවැන්නා ඔහු ය. ජ්‍යෙෂ්ඨ චීන නායකයන්ගේ පෞද්ගලික ජීවිත සම්ප්‍රදායිකව රහසිගතව වැසී ගොස් ඇති අතර, ඒවා ඕපාදූප සහිත පොත් වලට සීමා වී ඇත. කෙසේ නමුත් ෂී ජනපති බලයට පත් වූ දා සිට රජය වරින් වර ඔහුගේ පුද්ගලික තොරතුරු නිකුත් කර ඇත. ජනපතිවරයා පිහිනීමට කැමති පුද්ගලයෙක් වන අතර කාර්යබහුලත්වයෙන් මිදුණු පසු ඔහු මීටර් දාහක දුරකට පිහිනා යයි. එසේම ඔහු රුසියානු ලේඛකයන්ගේ පොත්වලට මහත් කැමැත්තක් දක්වයි. රජයේ ප්‍රධාන ප්‍රතිපත්ති ලේඛනවල සෑම කෙටුම්පතක්ම ජනපතිවරයා පුද්ගලිකව සමාලෝචනය කරයි, වාක්‍යයෙන් වාක්‍යය කියවන බව පැවසේ. ෂී ජින්පිංට සමීප මූලාශ්‍ර පවසන්නේ ඔහු වෙත ඉදිරිපත් කරන ලද සියලුම වාර්තා වෙලාව පසුවී රාත්රියේදී ලබා දුන්නද පසුදා උදෑසන අවශ්‍ය උපදෙස් සහිතව ආපසු ලබා දෙන බවයි. ජනපතිට ඉන්නේ එක් දියණියක් පමණි. ඇය හාවඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි.
චතුර පමුණුව