සමගි ජන බලවේගයෙන් මහරට හසිත් බියගමට ජෝර්ජ්

266
සමගි ජන බලවේගයෙන් මහරට හසිත් බියගමට ජෝර්ජ්

සමගි ජනබලවේගයේ මහර ආසනයේ නව ආසන සංවිධායකවරයා ලෙස සජබ නායක හා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් හසිත් ශ්‍යාමන් ගුණසේකර මහතා පත්කර තිබේ. එක්සත් ජාතික පක්‍ෂයෙන් 1977 මහර ආසනයට තේරීපත්වූ දිවංගත ටියුඩර් ගුණසේකර මහතාගේ මුණුබුරා වන හසිත් ගුණසේකර කොල්ලූපිටිය ශාන්ත තෝමස් විiාලයේ හා කොළඹ ජාත්‍යන්තර විදුහලෙහි අධ්‍යාපනය ලබා අනතුරුව එංගලන්තයේ යුනිවර්සිටි ඔෆ් බාත් සරසවියේ ඉංජිනේරු විiාව පිළිබද උපාධියද ලැබූවෙකි. මේ අතර සමගි ජන බලවේගයේ බියගම නව ආසන සංවිධායකවරයා ලෙස යූ. ජෝර්ජ් පෙරේරා මහතා එම පක්‍ෂයේ නායක විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පත්කර තිබේ. ජෝර්ජ් පෙරේරා මහතා ඊට පෙර මහර සජබ සංවිධායක ලෙස කටයුතු කළේය. එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනය ඇරඹූ ජෝර්ජ් පෙරේරා මහතා දීර්ඝ කාලයක සිට මහත් කැපවීමකින් ක‍්‍රියාකාරීව ජනතා දේශපාලනයේ නිරතව සිටින්නෙකි. ඒ මහතා හිටපු කැලණිය එජාප සංවිධායකවරයකුවූ යූ. එස්. පෙරේරා මහතාගේ පුත‍්‍රයෙකි.

පිංතූර හා සටහන සෝමපාල තැලිගම - කිරිදිවැල,
ඩබ්. ඞී. විතාන – දෙල්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment