සමගි ජන සන්ධාන මන්ත්‍රීවරු රුසියාවට යති

212

රුසියාව ගොස් සිටින සමගි ජන සන්ධානයේ ජේ.සී අලවතුවල, සුජිත් සංජය පෙරේරා සහ නීතිඥ වසන්ත යාපාබණ්ඩාර යන මන්ත්‍රී කණ්ඩායම ඊයේ රුසියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් රුසියානු යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළහ.

එම වාර්තාවට අනුව දැනට විධිමත් තොරතුරු නොමැති වුවත් 1000 කට ආසන්න ශ්‍රී ලාංකික සෙබළුන් ප්‍රමාණයක් රුසියානු යුක්රේන යුද්ධයට සම්බන්ධව ඇති බව එම මන්ත්‍රීවරු සඳහන් කරති. දැනට සොල්දාදුවන් 220ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත නැවත යෑමට අවශ්‍ය බවත් ඔවුන්ගේ තොරතුරු එම මන්ත්‍රීවරුන් වෙත ලබාදී ඇති බවත් එම මන්ත්‍රීවරුන් සඳහන් කළහ. එමෙන්ම රෝහල්ගත යුධ සෙබළුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් ලබාදීම පිළිබඳවත් අතුරුදහන් වූ හෝ මියගිය හෝ සොල්දාදුවන්ට අදාළ වන්දි මුදල් ඔවුන්ගේ ඥාතීන් වෙත ගෙවීම පිළිබඳවත්මෙම සොල්දාදුවන්ගේ ගිවිසුම් කඩ කිරීම යටතේ තැරැව්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති සොල්දාදුවන් පිළිබඳවත් සාධාරණව මිත්‍රපාක්ෂික රටක් ලෙස රුසියානු රජයේ අවධානයට යොමු කරන ලෙසත් එම මන්ත්‍රීවරු පිරිස තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.

තවද එම මන්ත්‍රීවරුන් පෙරේදාරුසියාවේ මොස්කව් නුවරට කිලෝමීටර 800ක් ඈතින් පිහිටි සෙන් පීටර්ස්බර්ග් රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment