ජනතා විමුක්ති පෙරමුණ හිටපු පළාත් සභා මන්තී‍්‍ර සමන්ත විiාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව දරන උත්සාහය සම්බන්ධව සමගි ජනබලවේගයේ දැඩි විරෝධය සහ පිළිකුල ප‍්‍රකාශ කරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ආණ්ඩුවේ මේ ආඥාදායක, ෆැසිස්ට්වාදී වැඩපිළිවෙළ පිළිබඳව සමගි ජනබලවේගයේ දැඩි විරෝධය සහ පිළිකුල පළකරමු.
මේ ආණ්ඩුව බිහිවූදා සිටම සිදුකරනු ලැබුවේ ජනතා හිතසුව පිණිස කටයුතු කරනවා වෙනුවට බල උන්මාදයෙන් කටයුතු කරමින් ජන ජීවිත කබලෙන් ලිපට දමමින් පීඩා කිරීමය. එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන් බිමේ අරගලකරුවන්ව දඩයම් කිරීමය.
දිනෙන් දින ජනතාවට අපේක්‍ෂාභංගත්වය උරුම කළ ආණ්ඩුවට එරෙහිව රට පුරා ජනතාව මේ වන විටත් පෙළ ගැසෙමින් සිටින අතර එය ඉවසා දරාගත නොහැකි ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නේ මර්දනය, තර්ජනය සහ බිය ගැන්වීම සිය ප‍්‍රතිපත්තිය බවට පත්කර ගනිමින්ය.
මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව දේශපාලනය කිරීමේ අයිතිය සෑම දේශපාලන පක්‍ෂයකටම ඇති අතර එය උල්ලංඝනය කිරීමේ කිසිදු අයිතියක් ආණ්ඩුවට ඇත්තේ නැත.
ආණ්ඩුවට තමන්ගේ නොහැකියාව, අසාර්ථකත්වය සහ අසංවේදී බව වසා ගන්නට ප‍්‍රජාතන්ත‍්‍රාදී දේශපාලන බිමේ සිටින අරගලකරුවන් සහ සිවිල් කි‍්‍රයාකාරීන් මෙන්ම පුරවැසියන් දඩයම් කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොතබන බවද අවධාරණය කරමු.
නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අරගල කිරීම, ආණ්ඩුව විවේචනය කිරීම යනාදී අයිතිවාසිකම් මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින්ම සහතික කොට ඇති බව ආණ්ඩුව මතක තබාගත යුතු අතර සහෝදර දේශපාලන පක්‍ෂවලට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ගතයුතු සහ ගත හැකි සියලූ කි‍්‍රයා මාර්ග ගැනීමට අප දෙවරක් පසුබට නොවන බවද ආණ්ඩුවට මතක් කරනු කැමැත්තෙමු.