ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම අද (23 වැනිදා) යෙදෙන බක් පොහෝ දිනයේදී සිදු කරන බව එම විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් පැවසීය.
කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා වැඩම කරවනු ලබන ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව (20) දින මහනුවර සහස් උයන දක්වා වැඩම කළ අතර (21) දින දේව ප්‍රතිමාව නාවලපිටිය වරකාව සුන්දරාරාම පුරාණ විහාරස්ථානය දක්වා වැඩම කෙරිණ.
නාවලපිටිය වරකාව සුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහැර නාවලපිටිය සිට හැටන් හරහා මාවුස්සාකැලේ යුද හමුදා කඳවුර දක්වා වැඩම කර (23) දින සමන් දේව ප්‍රතිමාව යුද හමුදා කඳවුරේ සිට නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානය දක්වා වැඩම කරවා එහි තැන්පත් කිරීමට නියමිතය.
ලෝහමය සමන් දේව ප්‍රතිමාව ටොන් එකක බරකින් සහ ඇත් රජුගේ ප්‍රතිමාව ටොන් එකක බරකින් යුක්ත බවත්, මෙම ප්‍රතිමා නිර්මාණය කිරිම සඳහා ගම්පොළ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයකුගෙන් මූල්‍ය අනුග්‍රහය මත මෙය නිර්මාණය කළ බව කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් කියා සිටියේ.
සමන් දේව ප්‍රතිමාව වැඩ කළ මාර්ගය දෙපස සමන් දේව ප්‍රතිමාව වැඳ පුදා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටියහ.
නුවරඑළිය නාලක රත්නායක, ගුන්නෑපාන ජානක සම්පත් බණ්ඩාර