සමස්ත බාලක ශූරතාව වෙන්නප්පුව ජෝශප් වාස්ට – බාලිකා සමස්ත ශූරතාව වත්තල ලයිසියම්

152

ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන මලල ක්‍රීඩා තරගාවලිය

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති 92 වැනි “රිට්ස්බරි – ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන” ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලක ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල (ලකුණු 117) නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

එකී අනු ශූරතාව කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල (ලකුණු 77) ට හිමිවන අතර වාරයේ දී මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 74) ට තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

මෙවර තරගාවලියේ බාලිකා අංශයේ සමස්ත ශූරතාව තහවුරු කර ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 189) සමත් වූ අතර අනු ශූරතාව වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 157) සතු විය. තෙවන ස්ථානය මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (ලකුණු 77) ට හිමි විය.

සමස්ත බාලක ශූරතාව වෙන්නප්පුව ජෝශප් වාස්ට - බාලිකා සමස්ත ශූරතාව වත්තල ලයිසියම්

පිට පළාත් පාසල් අතර තරගාවලියේ බාලක ශූරතාව මීගමුවට රැගෙන යෑමට මාරිස්ටෙලා විදුහල (ලකුණු 74) සමත් වන අතර වාරයේ දී බාලිකා ශූරතාව වලල ට රැගෙන යෑමට ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 157) ට හැකියාව ලැබිණි. එකී බාලක අනු ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට ද බාලිකා අනු ශූරතාව මීගමුව ආවේ මරියා කන්‍යාරාමයට ද හිමි විය. එකී අංශයේ බාලක සහ බාලිකා තෙවන ස්ථානය පිළිවෙළින් තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහලට හා ගම්පහ සිරි කුරුස විදුහලට හිමි විය.

මෙවර තරගාවලියේ අති ශූරතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ සඳුන් කෝසල (අවුරුදු 20 න් පහළ මීටර් 110 කඩුළු මතින් දිවීම – තත්. 14.10) සමත් වූ අතර වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ පී. ආර්. ඒ. ඩී. එන්. රාජපක්ෂ (අවුරුදු 16 න් පහළ දුර පැනීම – මීටර් 6.12) අති ශූරතම ක්‍රීඩකාව ලෙස සම්මාන ලබන්නට සමත් වූවාය.

සමස්ත බාලක ශූරතාව වෙන්නප්පුව ජෝශප් වාස්ට - බාලිකා සමස්ත ශූරතාව වත්තල ලයිසියම්

මෙවර තරගාවලියේ දක්ෂතම දුර පැනීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙත ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට පී. ආර්. ඒ. ඩී. එන්. රාජපක්ෂ (අවුරුදු 16 න් පහළ දුර පැනීම – මීටර් 6.12) සමත් වූ අතර කොළඹ ආනන්ද විදුහලේ ජේ. ලෙසදු අර්ථවිදූ දක්ෂතම උස පැනීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව (අවුරුදු 20 න් පහළ බාලක උස පැනීම- මීටර් 2.13) වෙත ප්‍රදානය කෙරුණු කුසලානයට හිමිකම් කීය. වසරේ දක්ෂතම මීටර් 400 කෙටි දුර ධාවන ශූරයා ලෙස කඳාන ශාන්ත සෙබෙස්තියන් විදුහලේ ජේ. ඕ. සචින්ත සිල්වා (අවුරුදු 18 න් පහළ මීටර් 400 තත්. 47.10) තිළිණ ලැබීය.

මෙවර තරගාවලියේ බාලක සහාය දිවීමේ ශූරතාව වෙන්නප්පුවට රැගෙන යෑමට ශාන්ත ජෝශප් වාස් විදුහල සමත් වන අතර වාරයේ දී බාලිකා සහාය දිවීමේ ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සතු විය.

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ වයස අවුරුදු 18 න් පහළ නව තරග වාර්තා දෙකකින් සහ ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන ජ්‍යෙෂ්ඨ තරග වාර්තා 20 කින් මෙවර තරගාවලිය ස්වයංපෝෂිත වීම ඉහළින්ම කැපී පෙණුනි.

ඡායාරූප – කමල් වන්නිආරච්චි

අනුරුද්ධ හේරත් බණ්ඩාර

සංස්කරණය – සුසිල් ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment