සමස්ත ලංකා චෙස් ජයග්‍රහණ ලැබූ අනුලා සිසුවියෝ තායිලන්තයට

57

2024 ඔක්තෝබර් මස 25, 26 සහ 27 යන දිනවල අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන්නට යෙදුණු සමස්ත ලංකා වෙස් කේවල අවසන් මහා තරගාවලියේදී

නුගේගොඩ අනුලා විද්‍යාලයේ බී. ජී. චන්තුලි තානිෂ්කා ද සිල්වා දියණිය 13න් පහළ ශූරතාවයද, එච්. සඳිති කුසල්යා අල්විස් දියණිය 15න් පහළ ශූරතාවයද දිනා ගනිමින් විද්‍යාලයට කීර්තියක් අත්කර දී ඇත.

2024 දෙසැම්බර් මස තායිලන්තයේ පැවැත්වීමට නියමිත ආසියානු පාසල් චෙස් තරගාවලියට සහභාගි වීමේ

අවස්ථාවද ඔවුන්ට හිමිවී ඇති අතර පිට පිටම ජාත්‍යන්තර චෙස් තරගයකට අනුලා දියණියන් සහභාගි වන දෙවැනි අවස්ථාවද මෙය වේ. 2023 වර්ෂයේ දී අනුලා විද්‍යාලය නියෝජනය කරමින් යූ. එම්. හිමායා ශලින්දි සිල්වා දියණිය උස්බෙකිස්ථානයේ පැවති ආසියානු පාසල් චෙස් තරගාවලියට සහභාගී වී ඇත.


advertistmentadvertistment