සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය: යගුලිය විසිකිරීමේ ප්‍රථම ස්ථානය මයෝන් චිරාත්ට

100

කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ 9 වන වසරේ ඉගෙනුම ලබන මයෝන් චිරාත් රාජසිංහ සිසුවා පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 16න් පහළ යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ද, (දක්‍ෂතාවය 14.81ප) දිනාගැනීමට සමත්විය.

තවද අවුරුදු 16න් පහළ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ද තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත්වූ මයෝන්ගේ විශේෂත්වය වන්නේ 16න් පහළ වයස් කාණ්ඩයේ ප්‍රථම වසරේදීම මෙම ජයග්‍රහණ ලබාගැනීමයි. තවද මයෝන්ගේ පුහුණුකරු ඔහුගේ පියා වීම විශේෂත්වයකි.


advertistmentadvertistment