සමහරු බෝඩ් ගහගෙන මාධ්‍ය සාකච්ඡා තිබ්බාට එජනිස නීත්‍යානුකූල මහලේකම් තාමත් මමයි – ඇමැති අමරවීර කියයි

98

තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යානුකූල මහලේකම්වරයා තමන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

තමා විසින් ගෙන ඇති අධිකරණමය ක්‍රියාමාර්ග අනුව නීත්‍යානුකූලව මහලේකම් කවුරුන්ද යන්න ළඟදීම අධිකරණය විසින් තීන්දු කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

“නීත්‍යානුකූලව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තවමත් මමයි. සමහරු බෝඩ් ගහගෙන මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවාට ඔවුන්ට නීත්‍යානුකූල අයිතියක් නැහැ. මැතිවරණ කොමසාරිස්තුමාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස දැන් කටයුතු කරන පුද්ගලයා පිළිනොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා එම පුද්ගලයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස පෙනී සිටින්නට සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල අයිතියක් නැහැ” යැයි ද මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment