දැනුමෙන් පිරිපුන් පරපුරක් දැයට දායාද කිරීම වෙනුවෙන් විවිධ අංශයන් තුළින් දායකත්වය සපයන සම්පත් බැංකුව මෙරට දරු පරපුර වෙනුවෙන් ඉටු කරන කාර්ය භාරය අති මහත්ය. බැංකු හා මූල්‍ය සේවාවන්ගෙන් ඔබ්බට යමින් සමාජයට වැඩදායී වැඩසටහන් තුළින් අද වන විට එය මනාව තහවුරු කිරීමට සම්පත් බැංකුව සමත්ව සිටී. සම්පත් බැංකුවේ සමාජ සත්කාරක වැඩසටහන් යටතේ ක්‍රියාත්මක එම වැඩසටහන් අතරට තවත් සුවිශේෂී පියවරක් එක් කිරීමට සම්පත් බැංකුව පසුගියදා සමත් වූයේ පොලොන්නරුව, අරලගංවිල විලයාය ජාතික පාසල ඇතුලු පාසල් 5ක් වෙත පුස්තකාල පොත් පරිත්‍යාග කරමිනි.
‘අද දින පාඨකයෝ – හෙට දින නායකයෝ’ යන්න තේමා කර ගනිමින් කියවීමේ අගය හා දරුවන්ගේ අනාගතය පිළිබඳ වටිනා පණිවිඩයක් සමාජයට ලබා දීම වෙනුවෙන් ආරම්භ කළ මෙම ජාතික මෙහෙවර යටතේ ප්‍රතිලාභ ලබන දරුවන් ප්‍රමාණය අති මහත්ය.
සාහිත්‍ය මාසය හා ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ සම්පත් බැංකුව සැප්තැම්බර් 22 වනදා සිට ඔක්තෝබර් 1 වනදා දක්වා පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී ඒ සඳහා වන පාඨක දායකත්වයද ලබා ගැනීමට කටයුතු කරන ලදී. මූලික වශයෙන් සම්පත් බැංකු සාමාජිකයින්ගේ පරිත්‍යාගයන් තුළින් දරුවන් සඳහා අවශ්‍ය පුස්තකාල පොත් විශාල ප්‍රමාණයක් එක් කර ගැනීමට ඔවුන් සමත් වූ අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදීද ඒ වෙනුවෙන් විශාල පරිත්‍යාග ප්‍රමාණයක් හිමි විය.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හා ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් අරලගංවිල, විලයාය ජාතික පාසලේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා සහ ප්‍රධාන ශිෂ්‍ය නායක වෙත සංකේතාත්මක වශයෙන් පොත් පරිත්‍යාග කිරීම සිදු වූ අතර එම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ නිලධාරීන් එක් වූහ.