සම්පත ලග්න වාසනා ජයග‍්‍රාහකයන්ට ලබාදෙන මෝටර් රථ අයිඩියල් මෝටර්ස් වෙතින් ජාතික ලොතරැයි මණ්ඩලයට

86

සම්පත ලග්න වාසනා ජයග‍්‍රාහකයන්ට ලබාදෙන මෝටර් රථ අයිඩියල් මෝටර්ස් වෙතින් ජාතික ලොතරැයි මණ්ඩලයට අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාලක වේහැල්ල මහතා විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වෙත Mahindra KUV100 NXT මෝටර් රථ බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ (ඡායාරූපයේ වමේ සිට) අයිඩියල් මෝටර්ස් ප‍්‍රවර්ධන කළමනාරු විනොජ් දහනායක, අයිඩියල් මෝටර්ස් අලෙවි විධායක (ආයතිනක) රිස්බි ඞීම්, අයිඩියල් මෝටර්ස් Mahindra KUV100 NXT මෝටර් රථ විකුණුම් ප‍්‍රධානී (පාරිභෝගික වාහන) කුෂාන්ත ගුණවර්ධන, ජාතික ලොතරැුයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ශිරෝමි ජීවමාලා, ජාතික ලොතරැුයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි සංජීව එදිරිසිංහ යන මහත්මීන්ද ඡයාරූපයේ වෙති.
 
  ජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කරනු ලබන සම්පත ලග්න වාසනා ලොතරැයියේ සුපිරි ත්‍යාගයට අමතරව ලබාදෙන මෝටර් රථ, ජයග‍්‍රාහකයන් වෙත ලබාදීම ස`දහා අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් එම රථ ජාතික ලොතරැයි මණ්ඩලය වෙත පසුගියදා බාරදෙනු ලැබීය.
 
 ඒ අනුව සම්පත ලග්න වාසනා ලොතරැුයියේ මුල් අදියරේ ජයග‍්‍රාහකයන් වෙත ලබාදීමට නියමිත රුපියල් ලක්‍ෂ 35ක් පමණ වටිනා Mahindra KUV100 NXT මෝටර් රථ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයේදී එහි සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වෙත අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාලක වේහැල්ල මහතා විසින් නිල වශයෙන් බාරදෙන ලදී.
 
 ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ පූර්ණ දායකත්වයෙන් අයිඩියල් ව්‍යාපාර සමූහය එක්ව ආරම්භ කරන ලද මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම 2019 වර්ෂයේදී කළුතර දිස්ත‍්‍රික්කයේ වැලිපැන්න ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් Mahindra KUV100 NXT මෝටර් රථය දේශීය කොටස්ද එකතු කරමින් මෙරට මෝටර් රථ එකලස් කිරීම ආරම්භ කරන ලදී මේ වන විට Mahindra KUV100 NXT මෝටර් රථය මෙරට පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප‍්‍රියත්වයට පත්වෙමින් පවතින අතර ඉදිරියේදී මෙම කර්මාන්තශාලව මගින් දේශීය කොටස් එකතු කරමින් මහින්ද්‍රා ට‍්‍රක් රථද මෙරටදී එකලස් කිරීමටද කටයුතු යොදා ඇත.
 
 ජාතික වකුගඩු අරමුදල මූලික කර ගිනිමින් ජාතික ලොතරැුයි මණ්ඩලය විසින් ආරම්භ කර ඇති සම්පත ලග්න වාසනා ලොතරැුයිය මාසිකව දිනුම් අදිනු ලබයි. රුපියල් කෝටියක සුපිරි ත්‍යාගයක්, සුපිරි මෝටර් රථයක්, රුපියල් විසිලක්‍ෂයේ තෑගි, රුපියල් පන් ලක්‍ෂයේ තෑගි හා රුපියල් ලක්‍ෂයේ තෑගි මෙම ලොතරැුයිපත මගින් ජයග‍්‍රාහකයන් වෙත පිරිනමනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment