සම්පන්දන්ගේ අසුනට කුහදාසන් දිවුරුම් දෙයි

1

දෙමළ ජාතික සන්ධානයේ කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා නව මන්ත්‍රීවරයකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (09දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ආර්.සම්පන්දන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස කුහදාසන් මහතා පත් කෙරිණි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ ඉන්දියාවේ මදුරෙයි කාමරාජ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති ෂන්මුගම් කුහදාසන් මහතා 1975 වසරේ සිට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකත්වය දරන අතර 2018 සිට එම පක්ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නායකයා ලෙස ද කටයුතු කරයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment