සම්බන්ධන් රෝහල් ගත කෙරේ

417


දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා හදිසියේම රෝගී වීම නිසා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඊයේ (31 දා) ඇතුළත් කොට තිබේ.
මන්ත්‍රීවරයාගේ ඥාතීන් ප්‍රකාශ කළේ ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා නිවසට පැමිණ රෝගී තත්ත්වයෙන් පසු වූ සම්පන්ධන් මහතාව පරීක්ෂා කිරීමෙන් පසුව ඔහුව රෝහල් ගත කරණ ලෙස උපදෙස් ලබා දුන් බවය.
90 වෙනි වියට පා තබමින් සිටින සම්බන්ධන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසි වාර වලට සහභාගී වීමට නොහැකි බව දන්වා නිවාඩු ලබා ගෙන සිටින අතර ඔහු මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවකටද එක් වී සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment