සමාජ මාධ්‍ය පුවත බොරු – අද පාසල් නිවාඩු නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

57

දිවයිනේ සියලුම පාසල්වලට අද (22දා) නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

එබැවින් අද දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් වෙත පවතින බව ද අමාත්‍යාංශය කියයි.


advertistmentadvertistment