සමාජ මාධ්‍යයෙන් මිතුරුවී සිසුවියට තර්ජනය කරලා – සැකකරු අත්අඩංගුවට

150

පාසල් සිසුවියකගෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ලබා ගත් නිරුවත් විඩියෝ සහ ඡායාරුප කිහිපයක් පෙන්වා එම පාසල් සිසුවියට තර්ජනය කළ සැකකරුවෙකු නුවරඑලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත‍්‍රාත් ජි.ජි.ප‍්‍රදිප් ජයසිංහ මහතා වෙත (29) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කලහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අනුරාධපුර නොච්චියාගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සමාජ මාධ්‍ය හරහා පාසල් සිසුවිය සමග දැන හදුනාගෙන පසුව පේ‍්‍රම සම්බන්ධතාවයක් ඇති කර  ගැනිමෙන් අනතුරුව පාසල් සිසුවියගේ නිරුවත් විඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැකකරු විසින් ගෙන්වාගෙන ඇත.

ගෙන්වා ගන්නා ලද සියළුම නිරුවත් විඩියෝ දර්ශන යලිත් පාසල් සිසුවිය වෙත යවා ඇති සැකකරු එම පාසල් සිසුවියට ලිංගික තර්ජනය කිරිම සම්බන්ධයෙන් පාසල් සිසුවිය ඒ සම්බන්ධයෙන් ඇයගේ මවට දැනුම් දි ඇත.

පාසල් සිසුවියගේ මව විසින් සැකකාර තරුණයාට දුරකථන ඇමතුමක් ලබාගත් අවස්තාවේ මවගෙන්ද නිරුවත් විඩියෝ දර්ශන කිහිපයක් ඉල්ලා ඇත.

ඒ අනුව මව විසින් නුවරඑලිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විජෙසේකර මහතාගේ උපදෙස් පරිදි නුවරඑලිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යංශයේ නිලධාරින් සමග සැකකරු ඉතා සුක්ෂම ලෙස සැකකරු නුවරඑලිය වෙත කැදවා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

නුවරඑලිය නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment