සමිතගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

64

ජපානයේ කෝබේ නගරයේ දී පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී රිදී පදක්කමක් ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් කිරීමට සමිත දුලාන් කොඩිතුවක්කු ඊයේ (21) දිනයේදී සමත් විය.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව දිනා ගත් පළමු රිදී පදක්කම ද මෙය විය.

පිරිමි ‘F – 64’ කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීම උදෙසා සමිත දුලාන් කොඩිතුවක්කු වාර්තා කළ දක්ෂතාව මීටර් 66.49 කි.

F64 – F44 කාණ්ඩය යටතේ පැවති ලෝක වාර්තාව අභිබවා යමින් සමිත දුලාන් කොඩිතුවක්කු තම වමතින් සටහන් කළ මීටර් 66.49 ක දක්ෂතාව මෙවර තරගාවලියේ දී ඉහළ අගයක් ගත්තේය.

එකී ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ සුමිත් විසින් දිනා ගත්තේ මීටර් 69.50 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි. මීටර් 60.41 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ඉන්දියාවේ සන්දීප් ට ලෝකඩ පදක්කම හිමි විය.

මෙවර තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් කැපී පෙනෙන්නට ශ්‍රී ලංකාවේ ඉන්දික ගමගේ පෙරේදා (20) සමත් විය. ඒ, ‘T – 44’ කාණ්ඩයේ පිරිමි මීටර් 100 තරග ඉසව්වේ තෙවන ස්ථානය ලබා ගනිමිනි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment