සමීක්‍ෂණ ආයතනවල හෙලුව පෙනුණා – ඇමැති ෂෙහාන් සේමසිංහ

630

ඇතැම් පුද්ගලික සමීක්‍ෂණ ආයතන ප්‍රචාරය කරන වැරදි සහගත මතවාද බොරු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය ඇගැයීමට ලක්කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (13දා) පැවැසීය.

මූල්‍ය අරමුදලේ තුන්වන ණයවාරිකය ලැබීම ගැන අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කීවේය.

මූල්‍ය අරමුදල කියූ සමාජ සුබසාධක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමේ ඉලක්කයන් හැර අනෙකුත් සියලු ඉලක්ක සපිරීමට

ශ්‍රී ලංකාව සමත් වී ඇති බවත් ඊයේ (13දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේය.

නමුත් ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. කොන්දේසි 16ක් සපුරා නැති බවට එක්තරා සමීක්‍ෂණ ආයතනයක් අසත්‍ය තොරතුරු සමාජගත කර තිබුණේ යැයි ද ඇමැතිවරයා කීවේය.

මූල්‍ය අරමුදල විසින් සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර එම සමීක්‍ෂණ ආයතනය මෙම බරපතළ වැරදිසහගත දේ ප්‍රචාරය කර ඇති බවද ඔහු පැවැසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව ආර්ථිකය දැනට ලබාගෙන ඇති ප්‍රගතිය උදාකර ගැනීමට නොලැබෙන බවද ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment