සමුගැනීමෙන් පසු දිමුත් ඔස්ට්‍රේලියාවට

1517

වොන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා සුපිරි ටෙස්ට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය. දිමුත්ගේ සමුගැනීම සහ ඉදිරි වැඩකටයුතු ගැන වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේය.

ඒක පහසු තීරණයක් නොවේ. ඒත් කවදා හරි අපට යන්න වෙනවා. මේක තමයි ඒකට හොඳම වෙලාව කියලා මම හිතනවා. මගේ 100 වැනි ටෙස්ට් තරගයෙදිම සමුගැනීමට ලැබීමත් එක්ක මම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ දේ කරලා තියෙනවා. එවායේ සුන්දර මතක මම අරගෙන යනවා.

මගේ මංගල තරගයත් තිබ්බේ ගාල්ලේදී. මගේ 100 වැනි තරගයත් මේ ක්‍රීඩාංගණයේදී ඒක නිසා මේ තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 100 ගහලා ශ්‍රී ලංකාවට ජය ගන්න අවස්ථාව උදාකර දෙන්න මගේ එක උත්සාහයක්.

මම ක්‍රිකට්වලින් සමුගත් පසු පුහුණුකරුවකු වීමට සුදුසුකම් හදාගන්න තීරණය කරලා තිබෙනවා. පුහුණුකරුවකුට ලෙවල් 2, 3, 4 සුදුසුකම් සම්පූර්ණ කරගන්න තියෙනවා. එයින් ලෙවල් 2, 3 ඔස්ට්‍රේලියාවේදී හදාරන්න බලාපොරොත්තු වෙනවා.

ක්‍රිකට් එක්ක ගොඩක් කාලයක් සිටිය නිසා ඉන් ටිකක් මිදිලා අම්මලා තාත්තලා එක්ක ඔස්ට්‍රේලියාවේ ජීවිතය ගෙවන්න සිතාගෙන ඉන්නවා. ඊට පස්සේ මගේ දැනුම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හෝ වෙනත් රටක ක්‍රිකට් දියුණු කරන්න ලබාදෙනවා. අවුරුදු 3, 4කට පස්සේ පුහුණුකාරිත්වයේ පැත්ත ලොකුවට කරන්න බලාගෙන ඉන්නවා. අද පැවැත්වෙන දිමුත්ගේ 100 වන ටෙස්ට් තරගය ඔහුගේ අවසන් තරගය ද වෙයි.

සුසිල් ජයකොඩි


advertistmentadvertistment