සමුද්‍ර සෘෂිවරයා ලොවට දායාද කළ විශ්මිත අංග ලක්ෂණ ශාස්ත්‍රය

163

පුද්ගලයකුගේ චරිතය කොයිවගේද? ඔහුට නැත්නම් ඇයට අතීතය කුමන අන්දමකට ගත වුණා ද? අනාගතයේ කුමක් වෙයි ද කියල දැනගන්න අද නම් භාවිත කරන්නේ ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයයි. මෙහි පදනම ලෙස සලකනු ලබන්නේ ජන්ම පත‍්‍රයයි. ජන්ම පත‍්‍රය නැත්නම් හඳහන කියන්නේ ඒ පුද්ගලයා උපත ලැබූ වේලාවට අහසේ තිබූ ග‍්‍රහ තාරකාවන්ගේ සටහනයි.

 පුද්ගලයකු උපන් වේලාවටම උදාවී ඇති ග‍්‍රහතාරකාවන්ගේ පිහිටීමත් ඒ පුද්ගලයාගේ දෛවයත් අතර පවතින සබඳතාව අනුව ජ්‍යොතිෂ සිද්ධාන්ත සලකමින් අනාවැකි කියන්න පුළුවන්. මේ ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයටත් වසර පන්දහසකටත් වැඩි අතීතයක් තියෙනවා. කොහොම වුණත් මේ අනාවැකි පළකිරීම ජන්ම පත‍්‍රයේ නිවැරදි බව අනුව තීරණය වෙනවා.

 ජන්ම පත‍්‍රය සෑදීමට කරුණු තුනක් හරියටම දැනගැනීම අවශ්‍ය වෙනවා. එනම් උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය යන කාරණා තුනයි. මේ කාරණා තුන පදනම් කරගෙන ජ්‍යොතිෂ ගණිතය අනුව හඳහනක් පිළියෙළ

 කරගැනීම දක්‍ෂ ජ්‍යොතිෂවේදියකුම කළ යුතුයි. ඉන්පසුව එය පරීක්‍ෂා කරන මොහොතේ ග‍්‍රහයන්ගේ පිහිටීම දශා අන්තර් දශා ආදිය අනුව පලාපල කීම කරනවා. උපතේ ග‍්‍රහ පිහිටීම් අනුව පුද්ගලයාගේ වාසනාව, ශරීරයේ ලක්‍ෂණ, ගතිගුණ ආදියත් ආයුෂත් තීරණය කෙරෙනවා.

 එහෙම වුණත් බුදුන් වහන්සේ ලොව පහල වූ කාලයේ නම් මෙයට භාවිත කර තිබෙන්නේ අංගලක්‍ෂණ විiාවයි. සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ මතුවට සක්විති රජ කෙනකු නොවන බවත් ඒකාන්ත වශයෙන් බුදුවන බවත් කොණ්ඩඤ්ඤ නම් තවුසා ප‍්‍රකාශ කළේ අංග ලක්‍ෂණ විiාවට අනුවයි. දැනට අතුරුදන්වෙමින් පවතින අංග ලක්‍ෂණ විiාව ගැන සාකච්ඡුා කිරීම මේ ලිපියේ අරමුණ යි.

 පුද්ගලයකුගේ වාසනාව නැත්නම් අවාසනාව කියල කියන්නේ පෙර පින් ඇති නැති බවයි. පෙර පින් ඇති නැති බව ඒ පුද්ගලයාගේ ජන්ම පත‍්‍රයේ පෙන්නවා. හැබැයි ඒ වගේම ශරීරයේ ලක්‍ෂණවලින් පිහිටනවා. ශරීරයේ පිහිටන ලප, කැළැල් මුහුණ හිස ආදියේ හැඩය වගේම අතුල් හැල්වල සටහන් වෙලා තියෙන විවිධ ර්ඛාවලිනුත් මේ තත්ත්වය පෙන්නනවා. ලෝකයේ සිටින කෝටි සංඛ්‍යාත මිනිසුන් අතරින් සමාන දේහ ලක්‍ෂණ ඇති දෙදෙනකු හමුවීම දුෂ්කරයි. නිවුන් දරුවන් තුළ පවා වෙනස්කම් පවතිනවා. මෙයට හේතුවන්නේ ඔවුන්ට උපත ලබාදුන් ‘‘කර්ම’’ විවිධ වීම නිසයි.

 මිනිසුන් අතර උසස්ම තත්ත්වයේ කුසල කර්ම ශක්තියක් ඇතිව උපන් කෙනා කියලා පිළිගන්නේ සිදුහත් බෝධිසත්වයන් වහන්සේයි. මේ නිසා මිනිසුන් අතර ඉතාම කඩවසම් ශෝභාසම්පන්න ශක්තිමත් සිරුරක් උන්වහන්සේට උරුම වුණා. එවැනි සිරුරක් උන්වහන්සේට උරුම වුණේ කොහොමද කියල දීඝ නිකායේ එන ලක්ඛණ සූත‍්‍රයේ උන්වහන්සේ විසින්ම පැහැදිලි කර වදාළා. නරසීහ ගාථාවලින් මේ ලක්‍ෂණ ගැන කිය වෙනවා. උන්වහන්සේට මහා පුරුෂ ලක්‍ෂණ තිස්දෙකක් තිබුණා. නළලේ තිබූ ඌර්ණ රෝම ධාතුව තමයි එතුමා මතු බුදු බව ඒකාන්තයෙන් ලබනවා කියල කියන්න කොණ්ඩඤ්ඤ තවුසාට හේතුවුණේ.

 මේ ලක්ඛණ සූත‍්‍රයේ ඉතා වැදගත් කරුණක් තියෙනවා. බුදුන් වහන්සේ වදාළා මේ පුරුෂ ලක්‍ෂණ ශාස්ත‍්‍රය බාහිර තාපස නිකායවලත් සෘෂිවරයන් දැන ඉගෙන රැුක ගන්නවා. ඒ වුණත් මේ පුරුෂ ලක්‍ෂණ ඇතිවීමට හේතු දන්නේ නෑ’’ කියල මේ අනුව මේ ලක්‍ෂණ තිස් දෙකම ඇති වීමට හේතු වදාළා. එය විස්තර කිරීම මේ ලිපිය දීර්ඝ වීමට හේතුවක් වෙනවා. මේ නිසා කිහිපයක් විතරක් සාකච්ඡුා කරමු.

 බුදුවන බවම ස්ථිර කළ ඌර්ණ රෝම ධාතුව කියන්නේ නළල මැද දකුණට කැරකැවී තිබුණු රෝමයක්. ඒ වගේම උන්වහන්සේගේ ශරීරයේ හැම තැනම එන රෝම කූපයක එක රෝමයක් පමණක් තිබුණා. මෙයට හේතුව පෙර ජාතිවල අසත්‍යයෙන් වැළකී සත්‍ය වචනම ඇත්තම කීම බවයි වදාළේ. එම පුරුෂ ලක්‍ෂණ ඇති කෙනාට මහා පිරිසක් ඇතිවෙන බවත් වදාළා. අවුරුදු 2500 පහුවෙලත් බුදුහාමුදුරුවන්ගේ ශ‍්‍රාවක පිරිස අඩුවෙලා නෑ.

 ඒ වගේම අතුරු සිදුරු නැති දත් හතළිහක් උන්වහන්සේට පිහිටා තිබීමට හේතුව පෙර ජාතිවල කේළාම් කීමෙන් වැළකීමත් අන්අය සමගි කිරීමට කතා කිරීමත්් බව වදාළා. මේ පුරුෂ ලක්‍ෂණය ඇති අයට කිසිවකුට අමනාප කළ නොහැකි හිතවත් පිරිසක් ඇතිවෙන බව වදාළා.

 මේ උදාහරණවලින් පැහැදිලි කළේ ශරීරයේ විවිධ ලක්‍ෂණ පෙර කර්මවලට අනුරූපව ඇතිවන බවයි. වැඩි විස්තර දීඝනිකායේ ලක්ඛණ සූත‍්‍රයත් මහා පදාන සූත‍්‍රයත් බලන්න පුළුවනි. ඉතිං මේ අංග ලක්‍ෂණ ශාස්ත‍්‍රය ඉගෙන ගෙන ලෝකයාට හෙළි කළේ සමුද්‍ර කියන සෘෂිවරයායි. මේ නිසා මෙයට ශාමුද්‍රිතා ශාස්ත‍්‍රය කියල කියනවා.

 ශාමුද්‍රිත ශාස්ත‍්‍රය අංශ තුනකට බෙදලා තියෙනව. පළමු අංගය තමයි ශරීරයේ සියලූ අංග ලක්‍ෂණ බලා පලාපල සුබාසුබ ප‍්‍රකාශ කිරීම. ඒකට දේහ ලක්‍ෂණ කියා කියනවා. දෙවැන්න ‘ශිරෝ මුද්‍රිතා’‘ කියනවා. ඒ කියන්නේ හිසේ පිහිටි ලකුණු බලා පලාපල කීම. තුන්වැන්න ‘හස්ත රේඛා ශාස්ත‍්‍රය’ කියල කියනවා. හස්ත රේඛා ශාස්ත‍්‍රය මේ කාලයේ වැඩියෙන්ම දකින්න ලැබෙනවා. පළමු සහ දෙවැනි අංග දෙකම දැනට දන්නා අය ඉතාම දුර්ලභයි. ඒකට හේතුවක් ති‍්‍රපිටක ධර්මයේම සඳහන් වෙනවා. ඒ අන්දමට නම් බුදුවරයෙක් ලෝකයේ පහල වෙන කාලයේ අංග ලක්‍ෂණ ශාස්ත‍්‍රය ඉතා දියුණු මට්ටමක තියනවා. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ මේ ශාස්ත‍්‍රය ක‍්‍රමයෙන් අතුරුදන් වෙනවා.

 ජ්‍යොතිෂ සහ අංග ලක්‍ෂණ පිළිබඳ වූ ශාමුද්‍රිතා ශාස්ත‍්‍රය ද එකම ශාස්ත‍්‍රයක් බව පේනවා. ජ්‍යොතිෂවේදියා ග‍්‍රහ තාරකා පිහිටීම පුද්ගලයා සමඟ සසදා බලා පලාපල කියනවා. ශාමුද්‍රිත ශාස්ත‍්‍රයේ දී ශරීරයේ අංග වෙන වෙනම ග‍්‍රහ තාරකා සමඟ සසදා පලාපල කියනවා. වෙනස ඒකයි.

 මේ තත්ත්වය හොඳින් පැහැදිලි වෙන්නේ හස්ත රේඛා ශාස්ත‍්‍රයේ දීයි. හස්ත රේඛා ශාස්ත‍්‍රයේ දී අල්ල කොටස්වලට බෙදා රාශි 12 සහ ග‍්‍රහයන් නව දෙනාට වෙන්කර තිබෙනවා. අතේ දබරඟිල්ල කෙළවර පුරුක සිට මේෂාදි රාශි තුනක් වෙදඟිල්ල කෙළවර සිට කටක ආදි රාශි තුනක් සුළඟිල්ල කෙළවර පුරුක සිට තුලා ආදි රාශීන් මැදඟිල්ල කෙළවර සිට මකර ආදී රාශි තුනක් හඳුන්වනවා.

 ඒ ඒ රාශිවලට අයිති කොටස්වල ශුභාශුභ ලකුණු බලා ඒ පුද්ගලයාගේ තත්ත්වය ශුභාශුභා තක්සේරු කිරීම හඳහන බලනවාට සමානයි. ඒ වගේම නිවැරදියි. ඒ වුණත් ඒක අද්දැකීම් මත තීරණය කළ යුතු වෙනවා. හස්ත රේඛා ශාස්ත‍්‍රයේ දී පිරිමින්ගේ දකුණු අතත්, ස්ත‍්‍රින්ගේ වම් අතත් පරීක්‍ෂා කිරීමට නිර්දේශ කරල තියෙනවා.

 මේ ශාස්ත‍්‍රයේ ප‍්‍රවීණත්වයක් ලබාගත්තොත් උපන් වේලාවක් ඇතත් නැතත් නිවැරදිව අනාවැකි පළකරන්න පුළුවන් වෙනවා. කේන්ද්‍ර ගණනය කරන්න උවමනා නැති නිසා. දේහ ලක්‍ෂණ බලා පලාපල කීම සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ටිකෙක් ටික අතුරුදන් වනබව ඉහත සඳහන් කළා. ඒ වුණත් පුරාණ ග‍්‍රන්ථවල මේ ගැන විස්තර සඳහන් වෙනවා. පාඨකයාගේ දැනුම සහ අවබෝධය සඳහා එවැනි නිර්දේශ කිහිපයක් සාකච්ඡුා කරන්න කැමැතියි.

 පැරණි සිව්සැට කලාවක් හෙවත් විෂයන් 64 ස්ත‍්‍රී ලක්‍ෂණ සහ පුරුෂ ලක්‍ෂණ කියල විෂයන් දෙකක් තියෙනවා. ඉතින් ස්ත‍්‍රියන් සරණපාවා ගන්න කොට ශුභ ලක්‍ෂණ ඇති ස්ත‍්‍රියන් සරණ පාවා ගැනීමෙන් ආයුෂ හීන පිරිමියකුගේ උසස් දීර්ඝායුෂ හා සැප ලබන බව කියා තියෙනවා. මේ කාරණය නිසා අපේ මුතුන් මිත්තන් විවාහයේ දී ස්ත‍්‍රීන්ගේ ශරීර ලක්‍ෂණ ගැන විමසා බැලූවා. ශරීරය ලස්සනයි කියන්නේ පෙර පින් කරලා තියෙන බවයි. යම් ස්ත‍්‍රියක් පාරේ යනකොට දූවිලි ඇවිස්සෙනව නම් ඇයගේ චරිතය දූෂිත බව කිය වෙනවා. මේ කියන්නේ තාර පාරවල් නැත්නම් කොන්ක‍්‍රීට් පාරවල්වල නෙවෙයි. පාදවල ඇඟිලි එකපිට එක නැඟී තිබීමත් දූෂිත චරිතයක් බවයි කියන්නේ. පාදයේ සුළඟිල්ල බිම නොවැදීමත් අශුභ බව කියැ වෙනවා. ඒ

 වගේම පතුල බදුවද මලක පැහැය ඇතිව මෘදුව උණුසුම්ව තිබේ නම් ඇය රාජ භාර්යාවක වනබව කියා තියෙනවා. කුල්ලක හැඩය තියන වියළුණු රළු පාද ඇති ස්ත‍්‍රිය පින් නැත්තියන් කියලයි කියන්නේ. ශරීරය පාදයේ සිට කොටස් දහයකට බෙදා ඒ ඒ කොටස් වල දුෂ්ට ලක්‍ෂණ හා සුබ ලක්‍ෂණ අනුව ජීවිතයේ ඒ ඒ කාලවල දී සුබාසුබ කියන ක‍්‍රමයකුත් තියෙනවා. ඒක නම් පිරිමි අයටත් පොදුව ගැළපෙනවා.

 ඉතිරි කොටස ලබන සතියට..

 කෑගල්ලේ
 සුනිල් කුමාර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment