සයිප්‍රසයේ ටෙරා කේවිස් වෙළෙඳ සමාගමෙන් බොරතෙල් බැරල් 450,000 ක් මිලට ගැනීම ස`දහා කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. මිලට ගැනීමේදී සලකා බලා ඇත්තේ අදාළ සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරය පමණි.
එනම් හේතුව තෙල් තොගය ස`දහා එම සමාගම මාස 6 ක ණය සහන කාලසීමාවක් ලබාදීමය. මෙසේ මිලට ගන්නා ඛනිජ තෙල් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබාදෙනු ඇත.
බොර තෙල් බැරලයක් ඩොලර් 78 ක මිලකට ශ්‍රී ලංකාවට විකිණීමට අදාළ සමාගම තීරණය කර තිබේ. පසුගිය දිනවල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් සැපයූ විදේශීය සමාගම් අදාළ තෙල් තොග මෙරටට පැමිණි වහාම මුදල් ඉල්ලා සිටියහ. එහෙත් ඩොලර් අර්බුදය වර්ධනය වීමත් සමගම එම තෙල් නැව් ලංකාවෙන් මුදල් ලැබෙන තුරු දින ගණනාවක් වරායෙන් පිටත සාගරයේ රැුඳී සිටියේය. මෙසේ තෙල් රැුගෙන පැමිණි එක් නැවක් මුදල් ලැබෙන තුරු දින 11 ක් ගැඹුරු මුහුදේ රැුඳී සිටියේය. මේ නිසා ශ්‍රී ලංකාවට තෙල් සපයන සමාගම් මෙරටට තෙල් එවීම ස`දහා අත්තිකාරම් මුදල් ඉල්ලීමද පටන්ගෙන තිබිණි.
ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් ටිලියන 400-500 අතර මුදලක ඉන්ධන අවශ්‍යය.
|