සරණාගත කඳවුරේ සිටි ශ්‍රී ලාංකික දෙමළ කාන්තාවට ඉන්දියාවේ ඡන්ද අයිතිය

34

ඉන්දීය මැතිවරණයේදී පළමු වතාවට ශ්‍රී ලාංකික දෙමළ සරණාගත කාන්තාවකට ඡන්දය ප්‍රකාශ කිරීමට 20 දා අවස්ථාව හිමි වී තිබේ.

මල්කා නාලිනී නමැති මෙම කාන්තාව මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචිව සිට යුද්ධය නිසා 1990 වසරේදී ඉන්දියාවේ තමිල්නාඩු මණ්ඩපම් සරණාගත කඳවුරට ගිය කාන්තාවකි.

එලෙස ඉන්දියාවට ගිය සරණාගතයන්ගෙන් කීපදෙනකු ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගෙන ඇති අතර නාලිනී නමැති මෙම කාන්තාවට ඉන්දියාවේ තමිල්නාඩුවේ ටි්‍රචී ප්‍රදේශයේ පුරවැසිභාවය හිමිව ඇත.

ඒ අනුව ටි්‍රචී පළාතෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු තෝරා ගැනීම පිණිස ඇයට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාවී තිබේ.

ලෝක් සභාව සදහා මන්ත්‍රීවරයකු තෝරා ගැනීමට ඡන්දය ප්‍රකාශ කිරීමට මුලින්ම අවස්ථාව හිමි වූ ශ්‍රී ලාංකික දෙමළ සරණාගත කාන්තාව ලෙස ඇය මේ වනවිට ඉන්දීය ඉතිහාසයට එක්ව සිටියි.

ඇය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉන්දීය මාධ්‍යට ප්‍රකාශ කරන ලද්දේ “අපි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් ලෙස හඳුන්වනවාට වඩා බලධාරීන් අපව ඉන්දියානු සම්භවයක් ඇති අය ලෙස හඳුනා ගැනීම අපට අවශ්‍යයි” යනුවෙනි.

ඔවුන් මණ්ඩපම් සරණාගත කඳවුරේ රැදී සිටි කලයේදි වැඩි වශයෙන්ම ඔවුන් ගැන සොයා බැලූ පුද්ගලයාට නාලිනී ඡන්දය ප්‍රකාශ කළ බව පැවසුවේ දැඩි සතුටකිනි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment