සරත් ජගත් ගැටුම් මැද රාජිත හා චන්නත් පැටලිලා

370

දේශපාලනමය වශයෙන් වූ වටිනා බොහෝ දේවල් සිදු වූ සතියක් ලෙස පසුගිය සතිය ඉතිහාසයට එක් විය. පසුගිය සති අන්තය වන විට ජනාධිපතිවරයා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර විශේෂ සංචාරය සඳහා පිටත්ව ගොස් තිබුණු අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ඉතාලි සංචාරය නිමවා ලංකාවට පැමිණ සිටියේද නැත.

කෙසේ වෙතත් රාජ්‍ය නායකයින් ද දෙදෙනා කතාබහ කරගෙන තිබුණේ ජනාධිපතිවරයා ඇමරිකාවේ සංචාරය අරඹන විට අගමැතිවරයා පෙරළා මව්බිමට පැමිණෙන්නට ය. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ඉතාලි සංචාරයේ යෙදුණු විශේෂ දූත පිරිස ඉරිදා රාත‍්‍රියේ ලංකාවට පැමිණ සිටියහ. කලකට පසු

අගමැතිවරයා ද දිගු විදේශ සංචාරයත් නිමවා තිබීම හේතුවෙන් තරමක් වෙහෙසට පත්ව සිටියේය. එනිසා දේශපාලන කටයුතුවලින් තොරව දිනක පමණ විවේකයක් ගත කරන්නට ඔහු කල්පනා කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් බැහැරව යාමට සූදානම්ව සිටියේ 17 වන සිකුරාදා හවස ය. එම සංචාරය ඇරඹීමට පෙර ඉටුකළ යුතු තවත් විශේෂ වැඩ කටයුතු රාශියක් කෙරෙහි ඔහුගේ අවධානය යොමුව තිබිණි. ඒ අතරින් එකක් වූයේ සතිපතා සිකුරාදා දිනයේ සිදුකරන කොවිඩ් මර්දනය පිළිබඳ කාර්ය සාධක බළකායේ විශේෂ රැුස්වීමයි.

සුපුරුදු පරිදි පැමිණෙන දේශපාලනඥයෝ, සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක බලධාරීන්, වෛද්‍යවරු හා නිලධාරීන් සියල්ලන්ම පාහේ එදා මේ සඳහා සහභාගි වූයේ සූම් තාක්ෂණය ඔස්සේ ය.

පළමුවෙන්ම ජනාධිපතිවරයා මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප‍්‍රශ්න කළේ එන්නත්කරණය මාතෘකාව කොටගෙනය.

‘‘කොහොමද දැන් එන්නත්කරණය… හැමතැනම සාර්ථකව වැඬේ සිදුකෙරෙනවා නේද…?”

‘‘මේ වෙලාවේ අපට පොඩි ප‍්‍රශ්නයක් මතුවෙලා තියෙනවා සර්… ප‍්‍රවණතාවයක් විදියට 20 – 39 අතර අය එන්නත් කරද්දි හැමෝම ඉල්ලන්නේ අපට ‘‘ෆයිසර්’’ ම ගහන්න කියලයි. අනිත් එන්නත් ගහගන්න තියෙන උනන්දුව අඩුයි….”

‘‘ඒ කතාවට පදනමක් නැහැ නේ. මොන එන්නත ගැහුවත් ආරක්ෂාව හොඳයි. ෆයිසර් ම ඕන කියනවා නං ඒක වැරදි මතයක්. අපේ ඉන්න, එන්නත්කරණය පිළිබඳ විශේෂඥයො යොදවලා ඒ ගැන ජනතාවට අවබෝධ කරවන්න… ” ජනාධිපති උපදෙස් දුන්නේය.

‘‘ඔය වගේ ප‍්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ කොයි කොයි තැන්වල ද කියලා කිව්වොත් අපටත් පුළුවන් මැදිහත්වෙලා ජනතාවට කරුණු කියලා තේරුම් කරලා දෙන්න…” බන්දුල ගුණවර්ධන කීවේය.

‘‘දැන් වෙලා තියෙන්නෙ…. ලෝක පරිමාණ වශයෙනුත් මතයක් හැදිලා තියෙනවනේ ‘‘ෆයිසර් තමයි හොඳම’’ කියලා. ඒක නිසා අපේ රටේ තරුණ පරපුර අතරේ ප‍්‍රශ්නයක් තියෙනවා. අපි දැනට 20 – 39 අතර ඉන්න තරුණ පරපුරට කරුණු පැහැදිලි කරලා දෙන්න වැඩසටහනක් ලෑස්ති කරලා තියෙනවා. මම මේ ගැන තරුණ සේවා සභාවේ සභාපති දමිත වික‍්‍රමසිංහට උපදෙස් දුන්නා යෞවන සමාජ සම්මේලනය හරහා තරුණ තරුණියන්ට මේ එන්නත් ගැන කරුණු පැහැදිලි කරලා දෙන්න. අපි ඒක කැම්පේන් එකක් විදියට ජනතාව අතරට ගෙනියනවා…’’නාමල් එම වැඩපිළිවෙළ ගැන විස්තරයක් කළේය.

‘‘ඒක හොඳයි… රටේ ප‍්‍රසිද්ධ අය යොදාගෙන ඒකට හොඳ කැම්පේන් එකක් ලෑස්ති කරන්න… අනිත් එක තමයි තරුණ පරපුරේ අය විශාල වශයෙන් සේවය කරන කර්මාන්තශාලා වල එන්නත්කරණය හොයා බලන්න…”

ඉන් පසුව ජනාධිපතිවරයා පාසල් දරුවන් එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන් ඇති නව ලෝක ප‍්‍රවණතා මොනවාදැයි වෛද්‍යවරුන්ගෙන් විමසා සිටියේය. එවිට දොස්තර පාදෙණිය අදහස් දක්වන්නට පටන් ගත්තේය.

‘‘ළමා සෞඛ්‍ය සංගම් වලිනුත් අපට නිර්දේශ ලැබිලා තියෙනවා 12 – 19 වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන්. පාසල් ළමුන් එන්නත් කරද්දි අපට විශේෂයෙන් සලකන්න වෙනවා නිදන්ගත රෝග තියන අය ගැන. එහෙම හඳුනාගත්ත අය දැනටමත් සායනවලට යනවනේ. ඉතින් අපිට පුළුවන් ඒ සායන මගින් ඉතා ඉක්මනින් ඒ දරුවන් එන්නත් කරලා ඉවර කරන්න. සායන අතරේ එන්නත් ටික බෙදාහැරියාම ප‍්‍රශ්නේ ඉවරයි.”

‘‘නෑ මම ඇහුවෙ ඒක නෙවෙයි… 12 – 15 අතරෙ ඉන්න පුංචි දරුවො ඉන්නවනෙ. ඒ අය එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන් තියෙන ගෝලීය නිර්දේශ මොනවද…”

‘‘ඒ ගැන නං තවම හරි නිගමනයක් නැහැ. හැබැයි ඉදිරියේදී එන්නතක් එනවා. 15 – 19 අතර ඉන්න ළමයින්ට නම් එන්නත ලබා දෙන්න කිසි ගැටලූවක් නෑ…” පාදෙණිය කරුණු පැහැදිලි කළේය.

‘‘එතකොට මේ වෙනකොට 20 – 29 වයසේ ඉන්න අය ගැන එන්නත්කරණයෙදි ප‍්‍රශ්නයක් තියෙනවද…?”

එහෙම විශේෂ ගැටලූවක් නෑ සර්…

ලෝකෙට වඩා ලංකාව හොඳයිලූ

‘‘කවුරු මොනවා කිව්වත් අනිත් රටවල්වල මිනිස්සුන්ට සාපේක්ෂව බලනකොට අපේ රටේ මිනිස්සු ඉතාම හොඳයි. වෙන රටවල් වල මිනිස්සු එන්නත් ගහන්න එපා කියලා පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. පෙළපාලි යනවා. අපේ රටේ එහෙම ප‍්‍රශ්න නෑ…” රටේ ජනතාවගේ හැසිරීම ගැන ජනාධිපතිවරයා සතුට පළ කළේ එසේය.

ඉන්පසුව සියල්ලෝම අවධානය යොමු කළේ රට තවදුරටත් වසා තැබීමට සෞඛ්‍ය බලධාරීන් ඉදිරිපත් කරන යෝජනාව ගැනය…

‘‘මම ලෝකයේ වෙනත් රටවල්වල වෛද්‍යවරු, වසංගත රෝග විශේෂඥයෝ, ආර්ථික විශේෂඥයෝ, තම රජයට උපදෙස් දෙන ආකාරය නොයෙකුත් මාධ්‍ය මඟින් අධ්‍යයනය කළා. රටවල් මේ විදියට වහලා තියෙන එක ගැන ඒ ගොල්ල සතුටු නෑ. හැබැයි අපේ රටේ නම් රට වහලා තියන එක ගැනම තමයි කතාව. ඒ උනාට රජයක් හැටියට අපට මේක හැමදාම කරන්න බැහැ. අපිට සල්ලි ඕන. සල්ලි උපයන්න නිෂ්පාදන ක‍්‍රියාවලිය ශක්තිමත් කරන්න ඕන. ජනතාවත් එහෙමයි. ඒගොල්ලො නිෂ්පාදන ක‍්‍රියාවලියට සේවාවන්ට දායක වුණොත් විතරයි එයාලගෙත් අතමිට සරු වෙන්නේ. අපේ මුදල් ඇමැතිතුමා මොකද කියන්නේ මේ විදිහට අපිට දිගටම පවතින්න පුළුවන් ද..?”

‘‘මම හිතනවා සමහර ආයතන අපිට දැනටමත් යම්කිසි ප‍්‍රතිශතයකින් අරින්න පුළුවන්. ලෑන්ඩ් රෙජිස්ටි‍්‍රය ආර්. එම්. වී. එක තව දුරටත් මේ විදියට වහගෙන ඉඳලා තේරුමක් නෑ. සීමාසහිතව අරින්න පුළුවන්. රටටත් ආදායමක් එනවා. ජනතාවටත් වැඩ කෙරෙනවා.

ඒ වගේම තමයි කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසායකයෝ බිඳ වැටෙන්න නොදී ආරක්ෂා කරගන්න ඕන. සීමිත පිරිසකගෙන් හරි ඒව පටන් ගන්නවා නම් තමයි හොඳ…” මුදල් සංසරණය හා ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම ගැන ඇමැති බැසිල් එසේ කතා කරන්නට විය.

ඉන්පසුව සියල්ලෝම අවධානය යොමු කරමින් කතා කළේ සමාජය තුළ යම් යම් සංවිධානාත්මක කණ්ඩායම් හිතාමතා වැරදි මත ප‍්‍රචාරය කිරීමේ ප‍්‍රවණතාවය

ගැනයි.

‘‘කතා කරන්න දන්න අය, කතා කරන්න උවමනා අය නිහඬව ඉන්නවා. අනවශ්‍ය අය කතා කරනවා. සෞඛ්‍ය සේවයේ මේ තරම් විශේෂඥයෝ ඉදිද්දි සෞඛ්‍ය සේවයේ කටයුතු

ගැන කතා කරන්නේ කාර්මික ශිල්පියෝ හෙදියෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වගේ අය. බලාගෙන ගියාම ඒ ගොල්ල වෘත්තීය සමිති නියෝජිතයෝ. ඒගොල්ලො කෙලින්ම එක එක දේශපාලන පක්ෂ වල න්‍යාය පත‍්‍රවලට වැඩ කරන අය. ඉතින් එයාලා කොහොමද ජාතික මාධ්‍යවලින් ජාතික සෞඛ්‍ය සේවය ගැන කතා කරන්නේ… රටේ වැරදි මත පැතිර යන්න මූලිකම හේතුව ඒකයි.”

‘‘ඒක තමයි සර්… සමාජය තුළ වැරදි මතයක් සමහරු පතුරුවා ගෙන යනවා 18 න් වැඩි තරුණ අයට කොවිඩ් එන්නත ගත්තම ලිංගික බෙලහීනත්වයක් ඇතිවෙනවා, සාඵල්‍යතාවය අඩුවෙනවා කියලා. ඒක මහා විශාල බොරුවක්…” ප‍්‍රසන්න ගුණසේන කරුණු පැහැදිලි කළේය.

‘‘ඔව් ඉතින්… එන්නත ලබා දීලා මේ රටේ ජනතාව ඉක්මනින් කොවිඩ් වලින් මුදා

ගන්නවාට සමහර දේශපාලන පක්ෂ කැමති නැහැ. එයාලා තමයි තම තමන්ගේ ඒජන්තයෝ දාලා ඔය වගේ වැරදි මත රටේ පතුරුවන්නේ… පුළුවන් තරම් විශේෂඥයෝ යොදවලා රටේ ජනතාවට ඇත්ත කියන්න බලන්න.’’

‘‘කිසිම එන්නතකින් එහෙම වෙන්නේ නැහැ… හැබැයි එන්නත නොගෙන ඉඳලා කොවිඩ් හැදුනම ඒ වැළඳුණු කෙනෙක්ට ලිංගික බෙලහීනතාවය ඇතිවෙන අවදානම වැඩියි. ඒක නිසයි අපි කියන්නේ Covid හදාගන්න එපා කියලා.” වෛද්‍යවරු කරුණු පැහැදිලි කළේය.

‘‘උගත් වෛද්‍යවරු පුළුවන් තරම් ඒ පණිවිඩය ජනතාව අතරට ගෙනියන්න…”

‘‘තරුණ පරපුර තමයි මේ වගේ වැරදි මත ප‍්‍රචාරය කරන අයගේ ඉලක්කය”

‘‘ අපිත් ඒ අය අතරට ගිහින් වරද නිවරදි කරමු. තරුණ පරපුරේ ආදරය දිනාගත්ත නළු නිළියෝ ක‍්‍රීඩකයෝ වගේ අය යොදාගෙන එයාලා තුළින් ජනතාව අතරට පණිවිඩය අරන් යන්න… ඔය එක එක ස්ටාර්ස්ලා ඉන්නවනේ…”

‘‘මේගොල්ලෝ වැඩිපුර ඇටෑක් කරන්නේ ‘‘සයිනොෆාම්’’ එන්නතට. ඒකනේ වැඩිපුර තියෙන්නේ. ඒත් ඇත්තටම සයිනොෆාම් එන්නත තමයි වැඩිම ප‍්‍රතිඵල දෙන එන්නත විදියට පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙන්නේ…” ප‍්‍රසන්න ගුණසේන කීවේය.

නිළියෝ රෑට රෑට කරන වැඩ ජනපති කියයි

‘‘සුපර්බ් වැක්සීන් කියලා එකක් තාම ලෝකෙ කොහෙවත් නෑ… නමුත් සයිනොෆාම් ප‍්‍රතිඵල අතින් ඉහළයි…” මහාචාර්ය නීලිකා මලවිගේ කීවාය.

‘‘මෙන්න මේ වගේ කරුණු තමයි අපේ ජනප‍්‍රිය තරුණ තාරකාවෝ නළු නිලියො යොදාගෙන තරුණ පරපුරට කියලා දෙන්න ඕන…” ඇමැතිවරයෙක් කීවේය.

‘‘ඔව් ඉතින්… මේ ජනප‍්‍රිය නළු නිළියෝ රෑට රෑට එල්ලූම්ගස් බලන්න යනව වගේ මේ වගේ වැඩ වලටත් උනන්දු නම් තමයි හොඳ…” ජනාධිපතිවරයා ඇඟට පතට නොදැනී කී එම කතාවට සැවොම සිනාසෙන්නට වූහ.

ඉන් පසුව රට වසාදැමීමට සෞඛ්‍ය අංශ කර ඇති නිර්දේශය ගැන සැවොම සාකච්ඡුා කරන්නට වූහ.

සරත් ජගත් ගැටුම් මැද රාජිත හා චන්නත් පැටලිලා

‘‘රට අරිනවා කියලා ඉඳලා අපි කීප පාරක්ම දැන් කල් දැම්මා. හැබැයි ලබන 31 වෙන දා රට අරින එක කල් දමන්න බෑ. ඒ වගේම අපි ඒක ගැන රටට කල්තියා දැනුම් දෙන්නත් ඕන. ජනතාවට එදා ඉඳලා සාමාන්‍ය තත්ත්වයෙන් වැඩ කරන්න අපි පරිසරය හදලා දෙන්න ඕන…” ඇමැති බැසිල් එසේ කීවේ යෝජනාවක් ලෙසය.

ඉන් පසුව ජනාධිපතිවරයා කතා කරමින් එදින රාත‍්‍රියේ යාමට නියමිත ඇමරිකානු සංචාරය ගැන කතාබහ කළේය.

‘‘සමහරවිට ලබන සතියේ මම මේ සාකච්ඡුාවට නැති වෙයි. ඔයගොල්ලන්ට බැසිල් ඇමැතිතුමා එක්ක මේ විදියටම මේ සාකච්ඡුාව පවත්වන්න පුළුවන්…’’ එසේ කියමින් සාකච්ඡුාව හමාර කරමින් ජනාධිපතිවරයා සමුගත්තේ සියලූ දෙනාටම සුභ පතා ආචාර කරමිනි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා කල්වේලා ඇතිවම සූදානම්ව සිටියේය. පසුගිය දිනවල ජනාධිපතිවරයා ඒ සඳහා පුළුල් අධ්‍යයනයක ද නිරතව සිටියේය.

මෙවර සැසිවාරය සඳහා පුළුල් එක් තේමාවක් සහිත මාතෘකා ගණනාවක්ම යෝජනා වී තිබිණි. ගෝලීය වශයෙන් මුළු ලෝකයටම බලපාන කොවිඩ් වසංගතය ජයගෙන ලෝකය යළි හිස එසවීම යන තේමාව යටතේ බලාපොරොත්තු සහගත බව, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැඟීම, පෘථිවියේ අවශ්‍යතාවයන්ට ප‍්‍රතිචාර දැක්වීම, මිනිසාගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානය යළි ශක්තිමත් කිරීම යන ප‍්‍රධාන කරුණු

ගණනාවක් ම එහි අඩංගු විය. ජනාධිපතිවරයා ඇමරිකාව බලා පිටත්ව ගියේම ඒ පිළිබඳ පුළුල් අවබෝධයකින් යුතුවය.

17 වන සිකුරාදා පස්වරුවේ මෙම සංචාරය අරඹන්නට සැලසුම් කර තිබුණත් ජනාධිපතිවරයා රටින් පිට යන විට 18 වන දා පාන්දර 2.00 පමණ වී තිබිණි.

සංචාරය සඳහා සහභාගි වී සිටියේ ඉතාමත්ම සීමිත දූත කණ්ඩායමකි. ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග ඇතුළු අත්‍යවශ්‍යම තවත් නිලධාරීන් දෙතුන් දෙනෙකු පමණක් මෙම දූත පිරිසට අයත් වූහ. ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිනිය ද මේ ගමනට එක්ව සිටියාය.

දූත පිරිස ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ‘‘ජෝන් එෆ් කෙනඩි’’ ගුවන්තොටුපළෙන් ගොඩබසින විට සෙනසුරාදා පස්වරු 2. 30 පමණ වී තිබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පිරිස් මහතා විසින් මෙම නියෝජිත පිරිස පිළිගනු ලැබුවේය.

කොයිඩ් වසංගතයෙන් මුළු මහත් ලෝකය ම පීඩාවට පත්ව සිටින මොහොතක පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුව විශේෂ කරුණු කිහිපයක් නිසාම

ශ‍්‍රී ලංකාවට වඩාත් වැදගත් විය.

ඒ අතර එක් කරුණක් වූයේ ලෝක නායකයන් හමුවී ලංකාව වෙනුවෙන් කතා කරන්නට හා කරුණු කියන්නට මෙම සමුළුව ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට හොඳ වේදිකාවක් බවට පත්ව තිබීමයි.

ඇමරිකාවට පා තැබූ දිනයට පසු දිනයේ ම ඒ සඳහා ජනාධිපතිවරයාට කදිම අවස්ථාවක් ලැබුණේ රාජ්‍ය නායකයා හැටියට ඔහුට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් සඳහා නිල වශයෙන් හමුවන්නට ලැබීම නිසාය.

රටගැන කියන්න කඳිම අවස්ථාවක්

සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙකුට මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා සමග සාකච්ඡුාවට ඉඩ ලැබෙන්නේ විනාඩි 15ක් බදු කෙටි කාල පරාසයකි. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහු විනාඩි 48 ක කාලයක් වැය කිරීම ම විශේෂත්වයකි. ඔහුට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබුණි.

‘‘ශ‍්‍රී ලංකාව කුඩා ආර්ථිකයක් සහිත පුංචි රටක්. රාජ්‍ය නායකයා හැටියට ශ‍්‍රී ලංකාවේ බලය ලබාගෙන බලාපොරොත්තු වූ ආකාරයට වැඩක් කරන්න ලැබුණෙ නෑ. කොවිඩ් වසංගතයට මූණදෙන්න අපටත් සිදු වුණා.

මේ නිසා ජනතාවට දුන්නු පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරන්න අපට ඉඩක් ලැබුණේ නැහැ.

උතුරු නැගෙනහිර යුද්ධය නිසා වින්දිතයන් බවට පත්වූ අයට වන්දි ගෙවීම, එම පළාත්වල ජනතාවගේ යුද්ධය නිසා අහිමි වූ ඉඩම් නැවත පවරාදීම, වගේ දේවල් අපි කරන්න උත්සාහ කළා. ඊට පෙර උතුරු වසන්තය හා නැගෙනහිර නවෝදය තුළින් අපි යුද්ධයෙන් පීඩාවට පත්වුණු ප‍්‍රදේශවල ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කළා. මංමාවත් විදුලිය වතුර නිවාස වගේ යටිතල පහසුකම් සංවර්ධනය කළේ අපේ ආණ්ඩු. උතුරේ ජනතාවට තම නියෝජිතයින් තෝරගන්න මැතිවරණ පැවැත්තුවා. අතුරුදන් වූවන් පිළිබඳ කටයුතු කරන්න පියවර ගත්තා. මියගිය අයට මරණ සහතික ලබා දෙන්න කටයුතු කළා. සිරගෙවල්වල සිටි වරදකරුවන් අතරින් සමාව දී නිදහස් කළ හැකි අය නිදහස් කළා. සමාව දිය නොහැකි අය පිළිබඳ සානුකම්පිතව බලා දඬුවම් සංශෝධනය කරන්න පියවර ගත්තා.

නමුත් පොරොන්දු වූ පරිදි තවදුරටත් ඒ වෙනුවෙන් කැප වෙන්න වසංගතයෙන් අපට ඉඩක් ලැබුණේ නෑ.

අසීරු තත්ත්වයන් යටතේ වුණත් ජාතියක් හැටියට අපි ඒ වසංගතයට මුහුණ දුන්නා. අපේ ආර්ථිකයට අධ්‍යාපනයට ජනතාවගේ අයිතිවාසිකම් වලට, ප‍්‍රශ්න ඇති වුණා. අපි ඒ ගැන සංවේදීයි. අපි ඒවාට මුහුණ පාද්දී වුණත් විවිධ දුෂ්කරතා තිබුණා. විවිධ බාධා තිබුණා. නමුත් ජාතියක් හැටියට අපිට ඒ බාධක දුෂ්කරතා ජයගෙන ගොඩනැගෙන්න හැකිවුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය අපිට උදව් කළා. සමහර රටවල් උදව් කළා. මේ දුෂ්කර තත්ත්වයන් මත අපිට අපේ සමහර ඉලක්ක

සපුරගන්න බැරි වුණා. මහ ලේකම්වරයා ඉදිරියේ ජනාධිපතිවරයා එසේ කරුණු දැක්වීය…

‘‘ගෝලීය වසංගතයක් පරාජය කරමින් ජයගන්න

ශ‍්‍රී ලංකාව වෙහෙසෙන විදිය අපි නිරීක්ෂණය කළා.

ශ‍්‍රී ලංකාව අපේ අවධානය දිනාගත්තා. එන්නත්කරණය තුළින් වසංගතය පාලනය කළා. අපි ඔබට සුබ පතනවා…

ඒ වගේම ශ‍්‍රී ලංකාව ලස්සන රටක්. 1978 දී මම අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් මුල් වතාවට ලංකාවට ආවා. මට මතකයි මම ලංකාවේ ලස්සන තැන් තැන්වල ඇවිද්දා. මහනුවර අනුරාධපුර පොළොන්නරුව ත‍්‍රිකුණාමලය වගේ තැන් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

ඒ වගේම මට ඔබගේ සහෝදරයාත් හමුවුණා. 2006දී එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් ලෙසත් මම ලංකාවට ආවා. එවකට ජනාධිපති ඔබේ සොහොයුරා හමුවී සාකච්ඡුා කළා. ඔහු මට සහයෝගය දුන්නා.

ඒ වගේම අපේ අවධානයට ලක් වුණ තවත් කාරණාවක් තමයි ඔබේ රට අවුරුදු තිහක් යුද්ධයකට මුහුණ දුන්නා. ඉතා අසීරු තත්වයක ඉඳලාත් යුද්ධය නිමා වූවාට පසු ඔබලා ආසියානු කලාපයේ වේගයෙන් ඉදිරියට ආපු රටවල් අතර පෙරමුණ ගත්තා. වේගයෙන් දියුණුව කරා පැමිණියා. ඔබ ශක්තිමත් රටක නායකයෙක්….” මහ ලේකම්වරයා ඒ අයුරින් ජනාධිපතිවරයාට සුබ පතන්නට විය.

‘‘ඔබතුමාටත් දුෂ්කර අවස්ථාවක් මේක. ලෝකයම හෙම්බත් වෙලා තිබෙන වෙලාවක දෙවන වරටත් මේ තනතුර ඔබතුමාට ලැබීම ගැන මම සුභපතනවා…”

ඒ අයුරින් විනාඩි 48ක් තිස්සේ ඇදී ගිය එම සාකච්ඡුාව ඉතා ඵලදායි සුබවාදී සාකච්ඡුාවක් විය.

අන්තෝනියෝ බුටේනිස් මහතා සමඟ කරන ලද සාකච්ඡුාවෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 19 වැනිදා මෑන්හැට්න්වලදී කුවේට් අග‍්‍රාමාත්‍ය ෂේක් අල් හමාඩ් අල් සබා හමුවී සාකච්ඡුා කළේය.

මෙම සාකච්ඡුාව සඳහා විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් ඇතුළු නිලධාරීන් ද සහභාගී වී සිටියහ. දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කර ගනිමින් ආයෝජන හා සංචාරක ඉලක්ක සපුරා ගන්නා අන්දම ගැන මෙහිදී රාජ්‍ය නායකයින් දෙදෙනාගේ අවධානයට ලක්විය. අපේ නුපුහුණු ශ‍්‍රමිකයින් විශාල පිරිසක් කුවේට් රටේ සේවය කරනවා… ඒ අවස්ථාව අපේ රටේ පුහුණු ශ‍්‍රමිකයන්ටත් ලබා දෙන්න.. ජනාධිපති ඉල්ලීමක් කළේය.

ඒ පිළිබඳ කුවේට් රාජ්‍ය නායකයා යහපත් ප‍්‍රතිචාරයක් දක්වමින් කතා කළේය.

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් දෙදෙනා අතර අදහස් හුවමාරු විය. සුළං බලශක්තිය හා පිරිපහදු කර්මාන්ත සම්බන්ධයෙන් කුවේට් රටේ සිටින ආයෝජකයන්ට ශ‍්‍රී ලංකාවට පැමිණෙනට අවස්ථාව ලබා දෙන්න යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ඉල්ලා සිටියේය. ඒ පිළිබඳ තවදුරටත් ලෝකය ජදඩසා උවදුරින් මිදුණු පසු සාකච්ඡුා කරන්නට දෙදෙනා ගේ අවධානය යොමු විය.

ජනාධිපතිවරයා 20 වෙනිදා විශේෂ ගමනක් ගියේය. ඔහු ගියේ සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සිදු වූ ස්ථානයේ පැවති එක්තරා සැමරුම් උත්සවයක් බලන්නටය. එය එතරම් ප‍්‍රසිද්ධියේ කරන ලද නිල සංචාරයක් නොවීය.

මෙහි සංචාරය ඉතා වැදගත් ම අවස්ථාව යෙදී තිබුණේ විසිඑක් වැනි අඟහරුවාදා ය. එදින රාත‍්‍රි 9:30ට අප ජනාධිපතිවරයාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරය ඉදිරියේ කරුණු දක්වන්නට අවස්ථාව උදාවී තිබිණි.

යුගදනවි විරෝධය ආණ්ඩුව ඇතුළෙන්ම..

මේ අතර කෙළවරපිටිය ඉදිකිරීම්ට යෝජිත යුගලදනවි තාපබලාගාරය ඇමරිකානු ‘ෆොට්රේස් එනර්ජි සමාගමට පවරා දීම සම්බන්ධයෙන් වූ යෝජනාව ගැන ද ආණ්ඩු පක්ෂය තුළ විවිධ මත ගැටුම් ඇති විය. මේ දුෂ්කර අවස්ථාවේ එබඳු තාප බලාගාරයක් පවත්වාගෙන යෑමට ඇමරිකාව හවුල් කර ගැනීම ඉදිරියේ දී අපට වඩාත් වාසිදායක වනු ඇති බව විශ්වාස කළ පිරිසක් මෙන්ම එහි අනතුරක් ඇති බව දුටු පිරිසක්ද රජය තුළ සිටියහ.

මේ අතර ආණ්ඩුව පසුගිය දිනවල ඒ පිළිබඳව තීන්දුවක් ගත්තේ වැඩි දුරටත් ඒ ගැන ආණ්ඩුවේ පාර්ශවකරුවන් සමඟ දීර්ඝව සාකච්ඡුා කරමින් නොවේ. කැබිනට් මණ්ඩලය තුළ ද මේ ගැන යම් යම් කරුණු සාකච්ඡුා වූවත් තීන්දුවක් ගැනීමට තරම් විස්තරාත්මකව සාකච්ඡුා වූ බවක් දක්නට ලැබුණේ නැත. මේ ගැන සමහර දේශපාලන කණ්ඩායම් අදහස් දැක්වූයේ රාත‍්‍රියේ කිසිවෙකුටත් නොකියා අත්සන් කරන ලද ගිවිසුමක් ලෙසය.

කෙසේ වෙතත් ආණ්ඩුව ඇතුළේ සිටින සෙසු පක්ෂ මේ ගැන තම පක්ෂවල විරෝධය ඉදිරිපත් කරමින් සාකච්ඡුා කරන්නට වූහ. ඔවුන් එකතු වී මේ ගැන වෙනම සාකච්ඡුා කරන්නට පසුගිය සතිය ආරම්භයේ දී කොළඹ බොරැුල්ලෙ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ විශේෂ හමුවක් කැඳවන්නට තීරණය කළ හ.

මෙම හමුව සඳහා පක්ෂ 11 ක නියෝජිතයෝ පැමිණ සිටියහ. ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් විමල් වීරවංශ, කොමිනිස්ට් පක්ෂය වෙනුවෙන් වීරසුමන වීරසිංහ, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ඇතුළු පක්ෂ නායකයෝ සියලූ දෙනාම පැමිණ සිටියහ. විශේෂත්වයක් වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර ද මෙම සාකච්ඡාව සඳහා පැමිණ සිටීමයි.

දේශීය සම්පත් ආරක්ෂා කරගන්නා ගමන්ම මෙබඳු විදේශීය කුමන්ත‍්‍රණ වලින් ජනාධිපතිවරයා හා රජය ආරක්ෂා කර රැුකගැනීමේ ක‍්‍රියාන්විතයක් රජය තුළින්ම ක‍්‍රියාත්මක කළ යුතු බව ඔවුන්ගේ පොදු මතය වූහ. මේ පිළිබඳ කරුණු කාරණා රාශියක් සාකච්ඡා වූ මෙම සාකච්ඡුාවේදී අවසාන වශයෙන් තීරණයක් ගත්තේ යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගම වෙත පැවරීමට එරෙහිව තරයේ විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමටය. පක්ෂ 11ක නියෝජිතයින්ගේ එකමුතුව මේ සම්බන්ධයෙන් ඒකමතික තීන්දුවක සිටියහ.

‘‘නැගෙනහිර ජැටිය ආරක්ෂා කර කරගන්නට අපි මේ රටේ සියළු ප‍්‍රගතිශීලී බලවේග ඒකරාශී කරේ කොහොමද… අන්න ඒ විදිහටම මේ දුෂ්කර අවස්ථාවේ දී ජාතික සම්පත් රැුකගන්න අපි කැප වෙන්න ඕන. ඒ වගේම මේ රජය විදේශීය කුමන්ත‍්‍රණ වලින් බේර ගන්නත් අපට යුතුකමක් තියෙනවා’’ විමල් වීරවංශ විසින් ගෙන එනු ලැබූ මෙම අදහසට සියලූම පක්ෂ එකඟත්වය පළ කර සිටියහ.

පක්ෂ 11ක නායකයින්ගේ මෙම තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලංකාවට පැමිණි වහාම ඔහු සමඟ සාකච්ඡා කිරීමට මෙහිදී පක්ෂ නායකයෝ තීන්දුවක් ගත්හ.

සාකච්ඡාව නිමවී කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයෙන් එළියට බසින විට එහි සිටි මාධ්‍යවේදීන් අමතා පක්ෂ නායකයෝ විවිධ අදහස් දැක්වීම් කරන්නට වූහ. මේ කාරණාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය නොහැකි නම් ඉදිරියේදී දැඩි දේශපාලන තීන්දුවකට එළඹීමට ඉඩ ඇති බව වාසුදේව නානායක්කාර මෙහිදී ප‍්‍රකාශ කළේය.

සරත් ජගත් ගැටුම් මැද රාජිත හා චන්නත් පැටලිලා

අරුම පුදුම බදු ගැන බැසිල් කළ හෙළිදරව්ව…

පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් විය. පසුගිය කාලයේ කොවිඩ් වැළඳීම නිසා හා නිරෝධායන කටයුතු නිසා නිවෙස් වලට වී සිටි ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත‍්‍රීවරු බොහෝදෙනෙක් සුව වී පැමිණ සිටි බැවින් වෙනදාට වඩා වැඩි සහභාගීත්වයක් පාර්ලිමේන්තුව තුළ ද දක්නට ලැබිණි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අවධානය පසුගිය සතිය වන විට සම්පූර්ණයෙන්ම යොමුවී තිබුණේ 2022 වසර සඳහා අයවැය යෝජනාවලිය සකස් කිරීම කෙරෙහිය. ඔහු ඒ පිළිබඳව විවිධ අමාත්‍යාංශ හා විවිධ ආර්ථික විශේෂඥයන් මෙන්ම පුද්ගලයන් හමු වී සාකච්ඡා කරමින් කාලය ගත කළ නිසා අතිශයින් කාර්යබහුලව සිටියේය. ඒ අතර ඔහු වෙත පැවරුණු වගකීම් රැසක් ද විය.

පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම රැස් වූයේ ඔහුගේ ප‍්‍රධානත්වයෙනි. මෙහිදී සාකච්ඡුාවට ගැනුණු ඉතා වැදගත් කාරණාවක් වූයේ කෙරවලපිටිය බලාගාරයේ ආයෝජන ගිවිසුම සම්බන්ධ කාරණාවය.

‘‘මේ යෝජනාව ගැන අපි කවුරුවත් වපරැහින් බලන්න නරකයි. අපි මේ ගිවිසුම් තුළින් දෙපැත්ත සාකච්ඡුා කරලා එකඟතාවයක් ඇතිකර ගන්නේ රටට යහපත් වෙන විදිහටයි. මේ ආයෝජනයෙන් අපට වාසි ගොඩක් ලැබෙනවා. ලොකුම වාසිය තමයි විදුලි ඒකකයක නිෂ්පාදන වියදම ඉතාමත් අඩු වීම. දැවි තෙල් වෙනුවට අපි එල්. එන්. ජී. ප‍්‍රභවයට මාරුවීම ඉතා හොඳ පරිසර හිත හිතකාමී ප‍්‍රවේශයක් විදියටයි මම දකින්නේ. ඒ විතරක් නෙවෙයි. බලශක්ති ක්ෂේත‍්‍රයේ දැනට ඉන්න ලෝකේ ලොකුම ආයතනය මේ වෙලාවේ අපේ රටේ ආයෝජනයකට පැමිණීම ම විශේෂ කාර්ණාවක්.

මේ ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු විවිධ අදහස් ඉදිරිපත් කරන්නට වූහ. ‘‘සමහර අය අපි වවුල්ලූ ද කියලත් අහනවා ඇමතිතුමා…. මේක රෑ සම්මත කරගත් පනතක් කියලයි කියන්නේ’’

‘‘ ඔය වවුල් කතාව අහන්න තිබුණේ මාව එදා මහ රෑ හිරේ දාපු වෙලාවේ. අපිව හිරේ දාන්න ම තියෙන වුවමනාව වෙනුවෙන් මහ රෑ උසාවි ඇරගෙන කරපු ජරමර දැන් සමහරුන්ට මතක නෑ. රාජපක්ෂවරුන් හිර ගෙවල් ඇතුලෙ දාල පුරවන්න එදා තිබුණු ආණ්ඩුවට පුදුම උවමනාවක් තිබුණා. ඒත් ඒවා මතක තියාගෙන අපිට බලය ආපු වෙලාවේ අපි පළිගන්න ලෑස්ති වුණේ නෑ. ඒ තමයි අපේ දේශපාලන හැදියාව. අපේ දේශපාලන ප‍්‍රතිපත්තිය. හැබැයි අපිට අතීතය අමතක නෑ. ‘‘මුදල් ඇමති බැසිල් මේ අයුරින් කතාව පටන් ගත්තේම කෙලවරපිටිය තාප බලාගාරය ගැන කරුණු දක්වමිනි.

‘‘දුෂ්කර අවස්ථාවක වුණත් රටට හැම අතින්ම සුබවාදී අයවැයක් ගේන්න මම මහන්සි වෙනවා. මේක මගේ පළවෙනි අයවැය. හැම පැත්තක් දිහාම බලලා ඉතා ගැඹුරින් සාකච්ඡුා කරලා බොහොම සද්භාවයෙන් තමයි මම මේ වැඬේට අත ගැහුවේ. නැති බැරි මිනිසුන්ට කිසිම බරක් නැති අයවැයක් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්.’’

මන්ත‍්‍රීවරු විවිධ ප‍්‍රශ්න නගන්නට වූහ. බදු ප‍්‍රතිපත්තියේ ලොකු වෙනසක් අපිට කරන්න වේවි….

‘‘ඔව්… සමහර බදුවලින් දේශීය නිෂ්පාදකයාව උස්සලා පොළොවෙ ගහලා තියෙන්නෙ. මම උදාහරණයක් කියන්නම්. අපේ රටට අවුරුද්දකට විල්බැරැක්ක 140000ක් විතර පිටරටින් ගේනවා.

විල්බැරැක්ක ආනයනය බදු වලින් නිදහස්. හැබැයි අපේ ව්‍යාපාරිකයෝ විල්බැරැක්ක හදන්න තහඩුයි යකඩ බටයි ගේනකොට ඒකට බදු ගහනවා. ඉතින් කොහොමද මේ රටේ දේශීය නිෂ්පාදකයා ඔළුව උස්සන්නේ…’’

‘‘ඒවනම් ඉවත් කරල දාන්න ඕන සර්… බදු ප‍්‍රතිපත්තිය වෙනස් කරන්න….’’

‘‘ඔව්.. බය බයවෙන්න එපා. මං ඒව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මේ අයවැය හැදිලා ආවම දේශීය නිෂ්පාදකයන්ට වසන්තයක් උදා වෙනවා කියලා බය නැතුව ඕනම තැනක කියන්න…. මට ඕනේ දේශීය නිෂ්පාදන ආර්ථිකයක් මේ රටේ ඇති කරන්න’’

බැසිල් රාජපක්ෂ එසේ කියන විට පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකෙන් ලොකු අත්පොළසන් නාදයක් නැගෙන්නට විය.

‘‘සර් වගේ දේශීය නිෂ්පාදකයන් ගැන හිතන, දේශීය කර්මාන්ත නගාසිටුවීම ගැන උනන්දුවෙන් වැඩ කරන ඇමැතිවරයෙක් මුදල් ඇමැති හැටියට පත්වීම් අපේ රටේ දේශීය කර්මාන්ත කර්මාන්තකරුවන්ගේ වාසනාවක්. අපි හැමෝම ඒ සඳහා ඇමැතිතුමාට උදව් කරනවා…‘‘ මන්ත්්ත‍්‍රීවරු කියන්නට වූහ. මේ සම්බන්ධයෙන් වඩාත් ම සතුටට පත්ව සිටියේ ආණ්ඩු පක්ෂයේ තරුණ මන්ත‍්‍රීවරුන්ට වීම විශේෂත්වයකි.

සාකච්ඡුාවේදී අයවැය ගැන විවිධ කාරණා කතාබහට ලක්විය. අවසානයේ සාකච්ඡුාව ඉවර වී මැති ඇමැතිවරු, මන්ත‍්‍රීවරු විසිර ගියේ නැත…. සමහරු බැසිල් ළඟ තවදුරටත් රැඳෙමින් අයවැය අඩංගු කරුණු කාරණා ගැන විමසන්නට වූහ.

‘‘මම දැන් හුඟ කාලයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් විදියට මේ කමිටු කාමර අංක එකේ සාකච්ඡුාවන් වලට ඇවිල්ල තියෙනවා. ඒ උනාට අද වගේ කණ් අඩි පැලෙන අප්පුඩියක් මම මේ හෝල් එකේ කවදාවත් අහලා නෑ… ’’ එතන සිටි ජේ්‍යෂ්ඨ දේශපාලනඥයෙක් බැසිල්ගේ මූණටම එම කතාව කීවේය. ඔහු දෙස බලා සිනාවෙන් උත්තර දුන්නා මිස බැසිල් ඒ ගැන කිසිවක් කියන්නට ගියේ නැත.

චන්නගේ හෙළිදරව්වෙන් රාජිත සලිත වූ හැටි…

පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබුණු තවත් උණුසුම් කලබැගෑනියක් වූයේ චන්න ජයසුමන හා රාජිත සේනාරත්න විවාද යයි. පසුගිය දිනවල දිගින් දිගටම අපේ දේශපාලන කතිකාවේ උණුසුමින් සාකච්ඡුාවට ලක් වූ කාරණාවක් සම්බන්ධයෙන් මෙම විවාදය දිගහරින්නට මුලපිරුනේ අමාත්‍ය චන්න ජයසුමන විසින් කරන ලද කතාවකි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දූෂණ මාෆියාව සම්බන්ධයෙන් මෙපමණ දිනක් විපක්ෂය චෝදනා නැඟුවේ ආණ්ඩුවටය. ආණ්ඩුව කොරෝනාව ගරානාවක් කරගත් තම හිතමිතුරු ඖෂධ වෙළෙන්දන් වෙත වාසි අත්පත්කරදීම සඳහා මේ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමට ඉඩහැරියේය යන චෝදනාව බරපතළ ලෙස සමාජ ගතව තිබිණි.

මේ අතරතුර පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී චන්න ජයසුමන කතාකරමින් මේ ගැන විශේෂ හෙළිදරව්වක් කළේය.

ඔහුගේ කතාවෙන් කියැවුණේ කවුරුන් විසින් හෝ කුමන්ත‍්‍රණකාරී ලෙස මේ දත්ත මකා දමන්නට ක‍්‍රියාකර ඇත්තේ මේ ආණ්ඩුවේ ඖෂධ ගනුදෙනු ගැන කරුණු හංගන්නට නොව පසුගිය ආණ්ඩුවේ 2015 සිට 2019 දක්වා වූ තොරතුරු මකන්නට බවය.

එසේ කියමින් ඡුන්න ජයසුමන පසුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයා වූ රාජිත සේනාරත්න කරන ලදැයි කියන ඖෂධ ගනුදෙනු මහ ලැයිස්තුවක් ගැන හෙළිදරව්වක් කළේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය.

රාජිත සේනාරත්න පිළිබඳ චන්න කරනු ලැබූ හෙළිදරව්වෙන් පසුව විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක්ද චන්න සමඟ සංවාදයේ පැටලෙන්නට වූ නිසා පාර්ලිමේන්තුවම උණුසුම් වී තිබිණි.

21 වැනිදා උදේ පාර්ලිමේන්තු පැමිණි රාජිත, චන්න ජයසුමන හමුවනතුරු මග බලා සිටියේ මේ පිළිබඳ කරුණු හගිස්සන්නටය. අවසානයේ ඔහුට චන්න මුහුණට මුහුණ හමුවූයේ නැත. ඔහු කළේ පාර්ලිමේන්තුවේදී චන්නගේ කතාවට පිළිතුරු දෙමින් වේගවත් කතාවක් කිරීමය.

අයාලේ ගිය මෙරටේ ඖෂධ ජාවාරමට ඖෂධ ප‍්‍රතිපත්තියක් හඳුන්වාදී සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය නීතිගත කර ජනගත කළේ තමන් බව පෙන්වා දෙමින් රාජිත උත්තර දුන්නේය. වත්මන් රජයේ ඖෂධ මාෆියාව චන්න ජයසුමන බොරු චෝදනා වලින් වසා දමන්නට දඟලන බවට රාජිත චෝදනා කළේය.

ඔයගොල්ලන්ගේ ගනුදෙනු ගැන තවම මම හෙළිදරව් කළේ මාස 8 ක තොරතුරු විතරයි. කලබල වෙන්න එපා. තව අවුරුදු 4 ක තොරතුරු මග එනවා. එක් පිළිකා ඖෂධයකින් පමණක් රුපියල් මිලියන 850 ක මුදලක් ගසාකාපු හැටි මම කියන්නම්. චන්න ජයසුමන උත්තර දුන්නේය.

මේ කතාබහ දිගින් දිගටම ඇදීයෑම නිසා 22 දාත් පාර්ලිමේන්තුව හොඳටම රත්වූ තැනක් බවට පත්ව තිබිණි.

සජබෙන් ජනතාවට පත්තරයක්

මේ කලබල සියල්ල මාධ්‍යයේ සමගි ජනබලවේගය සිය පක්‍ෂයේ මධ්‍යම පුවත්පත ද පසුගිය සතියේ එළිදක්වනු ලැබීය. මධ්‍යම නිල පුවත්පතේ නම ‘බලවේගය’ නම් වීය. ඒ හා සමගාමීව එම පුවත්පතේ දෙමළ භාෂා පිටපත ද නිකුත් කෙරිණි.

සෙනසුරාදා දහවල් සුම් තාක්‍ෂණය ඔස්සේ මේ පුවත්පත් එළිදරව්ව කෙරුණේ සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රධානත්වයෙනි. ඒ අතර පක්‍ෂයේ ලොකු කුඩා නායකයෝ සියලූම දෙනා මේ සාකච්ඡුාවට විවිධ පළාත්වල සිට එක්ව සිටීම විශේෂත්වයකි.

පක්‍ෂයකට නිල පුවත්පතක් තිබීම අරුමයක් නොවෙයි. ඒත් අපි ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා අපි මේ ‘බලවේගය’ හා ‘අයික්‍යකුරල්’ පුවත්පත් දෙක එළිදක්වන්නේ අපේ පාක්‍ෂිකයන්ට විතරක් නොවෙයි. අනිත් පක්‍ෂවල අයටත් සාමාන්‍ය ජනතාවටත් පුවත්පත් විදියට පරිහරණය කරන්න පුළුවන් විදියටයි අපි මේ පුවත්පත් නිකුත් කරන්නේ. සජිත් විස්තර කළේය.

බලවේගය පුවත්පතට මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කතුවරු හා මාධ්‍යවේදීන් 5 දෙනකුට වඩා සම්බන්ධව ඉන්නවා. ඉමිතියාස් බාකිර් මාකර් රහසක් හෙළි කළේය.

එහෙනම් ඉතින් මේක සාමාන්‍ය පත්තරයක් වගේම තියෙයි. මහලේකම් රංජිත් කීවේය.

පුවත්පත අන්තර්ජාලයට මුදාහැරීම නිසා එය කියවපු පාඨක පිරිස් වලින් ක්‍ෂණිකව සුබපැතුම් ගලා එන්නට ද පටන්ගෙන තිබිණි.

මේ පුවත්පත දැන් ඔබතුමා මේ රටේ ඉන්න විවිධ ක්‍ෂේතවල ඉහළ පෙළේ අයට පිළිගන්වන්න. ඊමේල් තාක්‍ෂණය ඔස්සේ යවන්න පුළුවන්නේ. සජිත් ඉමිතියාස්ට යෝජනාවක් කළේය.

මුලින්ම පුවත්පත්වල කර්තෘ මහත්වරුන්ට පිළිගන්වලා ඉන්න.

ඒ වගේම ලංකාවේ සෑම ගමකින්ම බලවේගය පුවත්පතට සම්බන්ධ නියෝජිතයන් තෝරා පත්කර ගන්න. ඒ හැම කෙනකුටම පුවත්පත ගැන වගකීමක් භාර දෙන්න. සජිත් රංජිත්ට වගකීමක් පැවරුවේ එසේය.

සජිත්ගේ උපදෙස් අනුව ඉමිතියාස් ඊට පසුවදාම තම බලවේගය පුවත්පත ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පුවත්පත් කාර්තෘවරුන්ට පිරිනමන්නට ‘සූම්’ ඔස්සේ සාකච්ඡුාවක් කැඳවනු ලැබීය. ඊට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් හා කතුවරු සමගි ජනබලවේගයට ඒ ගැන සුබපැතුම් එක්කර සිටියහ.

සමගි ජනබලවේගයේ මන්තී‍්‍ර කණ්ඩායම් රැුස්වීම මේ සතියේ පැවැත්වුණ අතර ඊට සහභාගි වූ මන්තී‍්‍රවරු මහත් උනන්දුවකින් කටයුතු කරන බවක් සජිත්ට හෙළිදරව් විය.

අපට අද කතා කරන්න විශේෂ කාරණා ගණනාවක්ම තියෙනවා. එකක් තමයි කොරෝනා අර්බුදය නිසා වුණ මරණ ගණන මේ වනවිට 12,000 ඉක්මවලා ගිහින්. ඒ අතර අනිත් පැත්තෙන් රට පුරාම මේ දිනවල මගඩි වැඩ රාශියක් සිදුවෙමින් පවතිනවා. මේ සේරම ඉලක්ක කරලා ආණ්ඩුවේ මේ අදූරදර්ශී වැඩපිළිවෙළට එරෙහිව ලොකු විරෝධතා ව්‍යාපාරයක් ගෙනයන්න ඕන. අපි දැඩි ප‍්‍රහාරයක් එල්ල කරමු. සජිත් කීවේය.

මේ වෙලාවේ කොරෝනා වෛරසය විතරක් නොවෙයි ජනතාවට වින කරන්නේ. අද මේ ආණ්ඩුවම ජනතාවට භයානක වෛරසයක් වෙලා. මේ වෛරස් දෙකටම අපි එක වගේ එරෙහි වෙන්න ඕන. සජිත් කීවේය.

හරින් වචනයක් කිව්වොත් ඉතින් ගලේ කෙටුවා වගේ. නලින් බණ්ඩාර කීවේය.

මතකයිනේ ‘සර් ෆේල්’ කතාව. හරින් තමයි සර් ෆේල් කතාවත් මුලින්ම සමාජගත කළේ. මනුෂ කීවේය.

හරින් කියන්නේ ‘සංකල්පම ෆැක්ටරියක්’ අශෝක කීවේය.

ඉන් පසුව සජිත් ඉතා වැදගත් කාරණාවක් හෙළිදරව් කළේය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දන්ත

ගබඩාව රටට අවශ්‍යම කාලෙක අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහු දන්නා කරුණු කිහිපයක් මෙහිදී අනාවරණය කළේය.

අධිසංවේදී වැදගත් දත්ත ගොනු ලක්‍ෂ 11 කට වැඩි ගණනක් අතුරුදන්. මේක ජාතික අපරාධයක්. සජිත් කීවේය.

මේ දත්ත අතුරුදන්වීම කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බව සොලිසිටර් ජනරාල්ම කියනවා. මේක සැලසුම් සහගතව මෙරට ඖෂධ මාෆියාව කළ අපරාධයක්. රාජිත කීවේය.

රජය නව තාක්‍ෂණය ගැන, ඔරකල් තාක්‍ෂණය ගැන, ජාතික ආරක්‍ෂාව ගැන මහ ලොකු ලොකු කතා ගොඩක් කිව්වා. හැබැයි මේ ගැන පරීක්‍ෂණ ඔක්කොම මන්දගාමියි. ගයන්ත කීවේය.

මේ කාරණාව ගැන සංවාදය පසුගියදා සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව වෙත ද ගෙන ආවේය.

මේ ආකාරයටම සමගි ජනබලවේගය අභ්‍යන්තරයේ යුගදනවි තාප බලාගාරය ඇමරිකානු සමාගමකට විකුණා දැමීම සම්බන්ධයෙන් ද සමගි ජනබලවේගය ඇතුළේ සාකච්ඡාවක් ඇති විය.

මේ ආණ්ඩුව මහ දවාලෙත් මංකොල්ල කනවා.

රෑ රාත්තිරියේත් මංකොල්ල කනවා. හැබැයි ආවේ මේ රටේ ජාතික සම්පත් රකිනවා කියලා. මරික්කාර් කතාවට මුලපිරුවේය.

කෙරවලපිටිය බලාගාරය විකුණපු බව අඩුම තරමින් විෂය භාර ඇමැතිවරයාවත් දන්නේ නැහැලූ. රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලම ජාතික සම්පත් රකින්න කිසිම දෙයක් කරල නැහැ. කරල තියෙන්නේ ගජ මිතුරන්ට සැලකීම හා රටේ ජනතාවගේ ජීවිත අවදානමේ හෙළීම විතරයි. බලය ලබාගන්න පෙර රටේ ජනතාවට මවා පෙන්නපු ලෝකය අද නැහැ. සජිත් විස්තරයක් කළේය.

යුගදනවි කියන්නේ ඉදිරි දශකය තුළ අපේ රටේ විශාලතම බලාගාරය. හෙක්ටර් අප්පුහාමි කීවේය.

මේ රටේ බලශක්ති ආරක්‍ෂාවට එරෙහිව ඇති මේ රටේ ජාතික ආරක්‍ෂාවත් අනතුරේ. හරින් කීවේය.

මේක නම් හෙජින් ගිවිසුමෙන් කළාටත් වඩා ලොකු පාවාදීමක්. මනුෂ කීවේය.

මේ අයුරින් තවදුරටත් මෙම කරුණු ගැන දීර්ඝව සාකච්ඡුා ඇතිවූ අතර රජයට එරෙහිව මේවා ගැන දැඩි ලෙස විරෝධතා පවත්වන්නට ද කතාබහ විය.

ජගත් – සරත් විරසකයට පසුපෙළ මැදිහත් වෙලා….

පාදුක්ක ප‍්‍රදේශයේ සිදුවූ ආසන බල මණ්ඩල ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් සරත් වීරසේකර කරන ලද මැදිහත්වීම්කට එරෙහිව ජගත් කුමාර මන්ත‍්‍රීවරයා මාධ්‍ය ඉදිරියේ කරන ලද කරුණු දැක්වීම් රැුසක් ගැන පසුගිය සතියේ රටේ කතාබහක් ඇතිවිය. බැලූ බැල්මට එය පෙන්නුම් කළේ ආසන ඇතුළේ තිබෙන බල අරගලයයි. කොළඹ දිස්ත‍්‍රික්කයේ එකම පක්ෂයේ අය වුවත් බල අරගලයේදී තරම මෙම සිද්ධිය මගින් රටට ද පැහැදිලි විය.

කෙසේ වුවත් ජගත් කුමාර මන්ත‍්‍රීවරයා දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ සරත් වීරසේකර මන්ත‍්‍රීවරයාට දැඩි ප‍්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය… අවසානයේ තත්ත්වය පාලනය කරන්නට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් ඉදිරිපත් වූ යේ මෙසේය.

ජගත් අපි මේක නතර කරමු. ඕව දිගට ඇදගෙන යන්න එපා…පසුපෙළ මන්ත‍්‍රීවරුන් ජගත් කුමාර හමුවී කළ යෝජනාවට ජගත් යම්කිසි එක`ගත්වයක් පළ කළේය….

ඉන් පසුව සංජීව එදිරිමාන්න, ප‍්‍රමිත බණ්ඩාර, මිලාන් ජයතිලක, තිස්සකුට්ටිආරච්චි, අජිත් රාජපක්ෂ, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු පිරිසක් කෙළින්ම ගියේ ඇමැති සරත් වීරසේකරගෙ පාර්ලිමේන්තු කාර්යාලයටය..

ඇමැතිතුමා අපි එන්නද….

එන්න එන්න ඔයාල එනව කිව්ව නිසා තමයි මම ඔෆිස් එකට වෙලා හිටියෙ…

ජගතුයි ඔබතුමයි අතර තියෙන මේ මත ගැටුම අපි හැමෝටම හොඳ මදි. ඒ නිසා මේක නතර කරමු කියන එක තමයි අපේ යෝජනාව… කතාව පටන් ගත්තෙ ප‍්‍රමිත බණ්ඩාරය.

‘‘මගෙ පැත්තෙනුත් ප‍්‍රශ්නෙ කියන්නම්. පාදුක්කේ ඕඅයිසී පත්කරද්දි මම කාටවත් විශේෂ සැළකිල්ලක් හෝ කාටවත් විශේෂ අසාධාරණයක් කරල නෑ. ඉතින් ඇයි මම බොරුවට බැණුම් අහන්නෙ. අනික මම අවුරුදු 35 ක් නේවි එකේ හිටපු අවුරුදු 4 ක් සිවිල් ආරක්ෂක ඞී. ජී. තනතුරේ ඉඳල රටට සේවයක් කරපු මිනිහෙක්. ජගත්ට තිබුණා මේ ගැන මීට වඩා වගකීමෙන් වැඩකරන්න. ඔබතුමාලත් මම වැරදි ජගත් හරි කියල හිතනවනම් ඒක අසාධාරණයි ..’’

‘‘නෑ නෑ අපි එහෙම මතයක් දැරුවෙ නැහැ. අපි ඔබතුමව මුණගැහෙන්න ආවේ ප‍්‍රශ්නෙ ගැන පූර්ව

නිගමන තියාගෙන නෙවෙයි..’’ එහෙම කියමින් සංජීව එදිරිමාන්න ඇමැති සරත්ගෙ සැකය දුරු කළේය…

‘‘හරි මම එකගයි මගෙ පැත්තෙන් ආයෙ මොකුත් වෙන්නෙ නෑ. හැබැයි ජගත්ටත් කියන්න දවස ගානෙ ලලනාව වගේ මාධ්‍යවල බැන අඩගහන එක නතර කරන්න කියලා ’’..

පසුපෙළ මන්ත‍්‍රීවරු ජගත් කුමාර ළ`ගට ගොස් නැවතත් මේ ගැන සාකච්ඡා කළහ.

එක්සත් ජාතික පක්ෂ නායකයා පාර්ලිමේන්තු රැස්වීම් පැවැති ඉකුත් දින දෙකෙහිම පාර්ලිමේන්තු කටයුතු වෙනුවෙන් සම්බන්ධ වූවේය. නායකයාට ඉකුත් අ`ගහරුවාදා පාර්ලිමේන්තු යාමට විශේෂ හේතුවක්ද තිබිණි. ඒ මෙවර අපොස උසස් පෙළට පෙනී සිටින සිසුන් පිරිසක් හා සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන් පිරිසක් ඊට දින දෙකකට පෙර පස්වෙනි පටුමගෙහි පිහිටි පෞද්ගලික නිවසේදී නායකයා හමුවීම හේතුවෙනි.

‘‘සර් අපිට ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා උසස් පෙළ විභාගය ගැන. හු`ගක් අයට සිලබස් කවර් වෙලා නෑ. විභාගය තියෙන දිනයක් ගැන කියන්නේත් නෑ. අපේ ඇඩ්මිෂන් පරක්කුවෙලා. එන්නත් දෙනවා කිව්වට ඒ ගැනත් කියන්න දන්නේ නෑ.’’ උසස් පෙළ සිසුන් සිය ගැටලූ නායකයාට ඉදිරිපත් කළේය.

‘‘ඔය දරුවෝ කළබල වෙන්න එපා. උසස් පෙළ විභාගය ඔය දරුවන්ගේ අනාගත කඩඉමයි. ඒ නිසා මම මේ ගැන අධ්‍යාපන ඇමැතිතුමාත් එක්ක පාර්ලිමේන්තුවේදී කතා කරන්නම්. ඔය දරුවෝ විභාගයට ලැහැස්ති වෙන්න.” නායකයා සිසුන්ගේ සිත් සැනසුවේ එලෙසිනි. සාමන්‍ය පෙළ ප‍්‍රතිඵල ගැටලූව සම්බන්ධයෙන් අනෙක් සිසුන් නායකයා දැනුම්වත් කළ අතර ඒ සියළු ගැටලූ සාවදානව අසා සිටි නායකයා සිසුන් දිරිමත් කරමින් අනාගත ජයග‍්‍රහණ වෙනුවෙන් ඔවුන්ට උපදෙස් දුන්නේය.

අනතුරුව නායකයා පාර්ලිමේන්තුවේදී එම ප‍්‍රශ්නය මතු කරමින් අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධනගේ අවධානය ඊට යොමු කළේය. එසේම එදින පැවැති විවාදය මුදල් ඇමැතිවරයාගෙන් තොරව පැවැතීම ගැනද නායකයා සභාවේ අවදානයට ලක් කළේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් ගැන අත්දැකීම් සපිරි නායකයෙකු බැවිනි.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment